Friday 12 June 2015

සමීර රංගන "මෝටර් බයිසිකල්" සම්මානය ජවිපෙට පිළිගන්වයි


පසුගිය 31වැනිදා පැවති 05 වන දකුණු ආසියාතික (සාර්ක්) සිනමා උළෙලේදී විශිෂ්ටතම සිනමාපටය ලෙස සම්මානයට පාත්‍ර වූ සමීර රංගන මහතාගේ මෝටර් බයිසිකල් (Motor Bicycle) සිනමාපටයට හිමී වූ සම්මානය ඊයේ (11) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට පිළිගන්වා තිබේ.ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මෙම පිළිගැන්වීම සිදු ව ඇත. "මෝටර් බයිසිකල්" ඔහුගේ කුළුදුල් සිනමාපටය වන අතර එහි අධ්‍යක්ෂක සමීර රංගන මහතානාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක් වී සිටියහ.


Read More

Thursday 20 June 2013

සමාජවාදී ශිෂ්‍ය උද්ඝෝෂණයක්‌

ජාතික ශිෂ්‍ය වීර දිනය ඊයේට (20 දාට) යෙදී තිබිණි. ඒ වෙනු වෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය මෙහෙයවූ ශිෂ්‍ය උද්ඝෝෂණයක්‌ ඊයේ (20 දා) ලිප්ටන් වටරවුම අසලදී පැවැත්විණි. "ආණ්‌ඩුවේ ශිෂ්‍ය මර්දනයට හා අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහි වෙමු" යන සටන් පාඨය යටතේ මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
Read More

එප්පාවල නිදියේ නිදහස් සේවක සංගමයේ සභාපති වතුර ටැංකියට නගී

එප්පාවල පොස්පේට් කර්මාන්ත ශාලාවේ ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා ඇතුළු පස් දෙනෙකු වතුර ටැංකිය මත නැග සත්‍යග‍්‍රහයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. පොස්පේට් කර්මාන්තශාලාවේ කීර්ති නාමය කෙළසන නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කළ යුතු බවත්, අදාල කර්මාන්ත ශාලාවේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂවරයාගේ කි‍්‍රයාකලාපයට විරෝධය පළ කරමිනුත්, තමන් මෙම සත්‍යග‍්‍රහය ආරම්භ කළ ඔවුන් පවසයි. පොස්පේට් කර්මාන්ත ශාලාවේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පවසයි.
Read More

අද උද්ඝෝෂණවලදී ජවිපෙ විදුලි බිල්පත් ගිනි තබයි

අසාධාරණ ලෙස විදුලි ගාස්‌තු ඉහළ නැංවීමට ගත් පියවරට එරෙහිව ජනතා විමුක්‌ති පෙරමුණ විදුලි පාරිභෝගිකයන් හා එක්‌ව අද (21 වැනිදා) සවස රට පුරා උද්ඝෝෂණ මාලාවක්‌ සංවිධානය කර තිබේ. සෑම දිස්‌ත්‍රික්‌කයක්‌ම ආවරණය වන පරිදි මෙම උද්ඝෝෂණ පැවැත්වෙන අතර එහිදී විදුලි බිල්පත්වලට ගිනි තබා විනාශ කිරීමට නියමිතව ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණ සඳහන් කරයි. විදුලි ගාස්‌තු ඉහළ නංවන ආකාරය සංශෝධනය කළ බව කීවද මේ වන විට නිවෙස්‌ වෙත ලැබී තිබෙන බිල්පතේ තරම ජනතාවට අවබෝධ වී ඇතැයිද වහාම විදුලි ගාස්‌තු පහත හෙළිය යුතු බවද ජනතා විමුක්‌ති පෙරමුණ කියා සිටී.

 මෙම උද්ඝෝෂණ මාලාවෙන් පසු විදුලි බිලට එරෙහි ඊළඟ සටන අරඹන බවද එම පක්‍ෂය සඳහන් කර සිටී.
Read More

බස් එක කැපෙන්නෑ - රියදුරා කෑ ගැසුවා ඒ සමග පෙරලෙන්නට පටන් ගත්තා

විනෝද චාරිකාවක් සඳහා ඊයේ (19) අළුයම නමුණුකුල තැන්නේකුඹුර දෙමළ කණිෂ්ඨ විදුහලේ සිසුන් , විදුහල්පති, ගුරුමණ්ඩලයේ කිහිප දෙනෙක් ඇතුලු 91 දෙනෙක් ගමන්ගත් JY-8074 දරණ පුද්ගලික බස් රථය නැවත නමුණුකුල බලා පිටත්ව ඒමේදී වැලිමඩ මාර්ගයේ සීතාඑළිය පොල්ගහ වංගුවේදී අඩි 100 ක් පමණ ප‍්‍රපාතයට පෙරළී මිය ගිය 4 දෙනාගේ මරණ පරීක්‍ෂණය නුවරඑළිය මූලික රෝහලේ දී අද (20) පැවැත්විණ.
මරණ පරීක්‍ෂක රාහුල උඩගම මහතා ඉදිරියේ මරණ පරීක්ෂණය සිදුකළ අතර මියගිය හතර දෙනාගේ මළ සිරුරු අද පෙරවරු 11.00 පමණ වන විට ඥාතීන්ට භාර දී තිබිණි. හිසට බරපතල තුවාල ලබා දිය පහර දිගේ මීටර් 10ක් පමණ දුරට ගසාගෙන ගොස් තිබූ එම බස් රථයේ රියදුරු වන 28 හැවිරිදි අනිල් නිශාන්ත යන අයගේ සහ භාතියරාජ් (23) සහයිර්නූර් සහබ්දීන්, 38 හැවිරිදි මරදමුත්තු බාලක‍්‍රිෂ්ණන් යන අයගේ මරණ සිදුවී ඇත්තේ බස් රථය පෙරළීමේදී ඔවුන්ගේ හිස සහ පපු ප‍්‍රදේශයේ ඉන්ද්‍රීයන්ට බරපතල හානි සිදුවීම නිසා බව නුවරඑළිය අධිකරණ වෛද්‍ය නිළධාරී එන්. එස්. බී. විජයරත්න මහතා පවසයි.

එමෙන්ම බස් රථය පෙරළීමට මොහොතකට පෙර රියදුරු අසුන අසල සිටි කණිෂ්ඨ විදුහලේ විදුහල්පති වන ධර්මලිංගම් ශ‍්‍රීධරන් මහතා සාක්කි දෙමින් මෙසේ කීවේය. “නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයෙන් දහවල් 1ට පමණ පිටත් වී ගයත‍්‍රී කෝවිල නරඹා නැවත ගමන් ඇරඹුවා. සීතාඑළිය මාර්ගයේදී වැසි සහිත මිහිදුම් කාලගුණයක් පැවතුන නිසා බස් රථය සෙමෙන් ධාවනය කළා. පොල්ගහ වංගුව අසලදී “බස් එක කැපෙන්නෑ” කියා රියදුරු කෑ ගැසීමත් සමඟම බස් රථය පෙරලුනා.” නැවත සිහිය ලබන විටදී තමන් රෝහල්ගත කර සිටි බව හෙතෙම පැවසීය.
busbusse
මේ අතර, නුවරඑළිය මූලික රෝහලේ අධ්‍යක්‍ෂ අනුර ජයසේකර මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ එම අනතුර සිදු වූ අවස්ථාවේ සීතාඑළිය ප‍්‍රදේශයේ එළවළු වෙළෙඳ මහත්වරුන් සහ ප‍්‍රදේශවාසීන් මෙම තුවාලකරුවන් හා ළමුන් බේරා ගැනීමට විශාල කැපවීමක් කළ බවයි. මෙය දැනගත් වහාම ගිලන් රථ සමග වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් එම ස්ථානයට පිටත් කර යැවූ බවත් ඒ මොහොත වන විට නුවරඑළිය පොලිස් ස්ථානය, යුධ හමුදාව ප‍්‍රදේශවාසීන් සමඟ එක්වී අනතුරට පත් වූවන් රෝහල කරා එවීමෙන් ජීවිත ගණනාවක් බේරා ගැනීමට හැකි වූ බවයි.

දැනට මහනුවර රෝහල වෙත වැඩිදුර ප‍්‍රතිකාර සඳහා 9 දෙනෙකු යොමු කර ඇති අතර නුවරඑළිය දැඩි සත්කාර ඒකකයේ ශ‍්‍රී ලක්‍ෂමි සහ ශිව කුමාර් යන දරුවන් ප‍්‍රතිකාර ලබති. 20 වන දින සවස් වන විට සුළු තුවාල ලබා නේවාසිකව සිටින රෝගීන් ඔවුන්ගේ පහසුව සඳහා බදුල්ල මහ රෝහල කරා මාරු කිරීමට නියමිතව තිබුණි. ඥාතීන් ඇතුළු දරුවන් ප‍්‍රවාහනය කිරීම සඳහා නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතා ප‍්‍රවාහන කටයුතු සූදානම් කර ඇති අතර අනතුරට ලක්වන අවස්ථාවේ අධිරාජකාරියේ යෙදී සිට ඇති නුවරඑළිය රථවාහන භාර ස්ථානාධිපති ජී. ජී. සෙනෙවිරත්න මහතාගේ මෙහෙය වීමෙන් පො. සැ. 56290 මුතුකුමාරණ, පො. කො. 35067 කුමාරසිංහ, පො. කො. 1278 දයා කුමාර යන මහත්වරුන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති
Read More

ඥාණසාර හිමියන් අපහසුතාවයට පත්කළ දිල්කා සමන්මලීට ඔප්පු මරණ තර්ජන

මෙවර දෙරණ 360 වැඩසටහනට සහභාගී වු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් අපහසුතාවයට පත්වන අකාරයෙන් ප්‍රශ්න කිරීම් සිදුකල බව පවසමින් එම වැඩසටහන මෙහෙයවනු ලබන දිල්කා සමන්මලී මහත්මියට දුරකතන  ඔස්සේ දිගින් දිගටම මරණිය තර්ජන එල්ලවෙමින් ඇතැයි ඇය විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් කර තිබේ.

සිංහල බෞද්ධයන් ගැන අදහස් දක්වමින් සූදුව සුරාව ගැන විරෝධයක් එල්ල කරමින් ඥාණසාර හිමි අදහස් දක්වමින්
සිටියදී දිල්කා විසින් ඤාණසාර හිමියන් බීමත්ව රිය පදවා අධිකරණයෙන් දඬුවම් ලබා ඇති බව අධිකරණ නඩු වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔප්පු කලේය.
Read More

රාජ්‍ය සේවකයින්ට එල්ල කරන අවසන් ප‍්‍රහාරය මෙය විය යුතුයි - මහින්ද ජයසිංහ

දිගින් දිගටම ආණ්ඩුවේ මැර දේශපාලකයින්ගේ උවමනාවන් මත රාජ්‍ය සේවකයින් වෙත මැර ප‍්‍රහාර එල්ල කළ බවත් මෙය ප‍්‍රහාරය අවසන් ප‍්‍රහාරය විය යුතු බවත් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා අද ලිප්ටන් වටරවුමේ පැවති උද්ඝෝෂණයකදී මාධ්‍ය අමතමින් පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්

මේ ආණ්ඩුවේ මර්වින් සිල්වා ඇමතිවරයා විසින් පසුගිය කාලයේ සමෘද්ධි සේවකයකු ගස් බැන්දා, ඊට පසුව ඔහුගේ පුතා හමුදා නිලධාරියකුට පහර දුන්නා, ඒ වගේම රූපවාහිනී ආයතනය තුල සේවකයින්ට මැර ප‍්‍රහාර, තර්ජන, අඩන්තේට්ටම් සිදු කරා. නමුත් ආණ්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැ. එකෙ ප‍්‍රතිඵලයක් විදියට තමයි අද පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් පාසලකට පැනල ගුරුවරියක් දණ ගස්සන්නෙ. ඒවගේම අනුරාධපුරේ නිවත්තක චේතිය පාසලේ විදුහල්පතිවරයාට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකුගේ පුත‍්‍රයා පහර දෙන්නෙ. දේශපාලකයො, මන්ත‍්‍රීවරු විතරක් නෙවෙයි ඔවුන්ගෙ දුවා දරුවනුත් අද ආචාර්යවරුන්ට පහර දෙන තත්වයකට පැමිණිලා තියෙනවා. ඒ තත්වයට ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතුයි. පාසල්වලට දේශපාලනය ගෙනාවෙ ආණ්ඩුව. දේශපාලන මාරුවීම් ලබාදුන්නෙ ආණ්ඩුව. ඒ නිසා මේ ප‍්‍රහාරය සමස්ත රාජ්‍ය සේවයට එල්ල කරන අවසන් ප‍්‍රහාරය විය යුතුයි. එසේ නැතිනම් සමස්ත රාජ්‍ය සේවය පෙරටුකරගත්ත අරගලයකට යන්න අප මැදිහත්වෙනවා. පෙරමුණ ගන්නවා. ඒ වගේම මේ පළාත් සභා මන්ත‍්‍රීවරයා උසාවියට රැගෙන එන ලබන 27 දින පුත්තලම කලාපයේ සියළුම පාසල්වල ගුරුවරු අසනීප නිවාඩු වාර්තා කරල උසාවිය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නියෙලෙන්න තීරණය කරල තියෙනවා.
Read More