Tuesday, 31 July 2012

පාසල් උත්සවයට හමුදාවට ආරධනා නොකළැයි බර බරේ

උතුරෙහි සිවිල් පාලනයතුල හමුදා මැදිහත්වීම දිගටම පවතින බවට බොහෝ පාර්ශිකයන් චෝදනා එල්ලකරමින් සිටින අතර රජය එය දිගින් දිගටම ප්‍රතික්‍ෂේපකරමින් සිටියි. උතුරෙහි සිවිල් පාලනයතුල හමුදා මැදිහත්වීම දිගටම පවතින බවට බොහෝ පාර්ශිකයන් චෝදනා එල්ලකරමින් සිටින අතර රජය එය දිගින් දිගටම ප්‍රතික්‍ෂේපකරමින් සිටියි. කිලිනොච්චිය කනගපුරම් මහා විද්‍යාලයේ ශ්‍රවනාගාරයක් ඉදිකිරීම සඳහා අද දින(01) පැවැති උත්සවයට හමුදාවට ආරාධනා නොකලැයි එම උත්සව සංවිධායකයන්ට හමුදා නිළධාරින් කිහිප දෙනෙකු විසින් තර්ජනය කර තිබේ. කිලිනොච්චිය කනගපුරම් මහා විද්‍යාලයට නිකොට් ආයතනය විසින් රැපියල් ලක්‍ෂ 40ක වියදමින් ශ්‍රවණාගාරයක් ඉදිකිරිම සඳහාවූ මුල්ගල් තැබීමේ උත්සවය උදෑසන 10ට සූදානම්කර තිබුණි. එම අවස්ථාවට අධ්‍යාපන දෙපාර්තුමෙන්තුවෙහි කොඨාශභාර අධ්‍යක්‍ෂක අමිර්දලිංගම් ඇතුළු නිළධාරීන්ට ආරාධනාකර මුල්ගල් තැබීමේ උත්සවය පැවත්වෙමින් තිබුණි. එම අවස්ථාවේ දී හදිසියෙන්ම පාසල් භූමියතුලට ඇතුළුවූ හමුදා නිළධාරීන් තිදෙනෙකු මුල්ගල් තැබීමේ උත්සවයට හමුදාවට ආරාධනා නොකළේ ඇයි? මෙම උත්සවයට සහභාගිවී සිටින්නේ කවුරැන්ද? මෙයට මුදල් වෙනකර තිබෙන්නේ කවුරැන්ද? යයි උප විදුහල්පති සේදුපති මහතාගෙන් දැඩි ලෙස ප්‍රශ්නකර තිබේ. තවද මින් ඉදිරියට පාසලයෙහි පැවත්වන සෑම උත්සවයකටම හමුදාවට දැනුම්දිය යුතු බවත් හමුදාවට නොදැන කිසිම උත්සවයක් නොපැවත්විය යුතු බවත් පවසා ගොස් තිබේ. මෙයින් දැඩිලෙස කුපිතවූ සංවිධායකයෝ පාසල් උත්සවයක් පවා තමන්ට නිදහසේ කිරීමට නොහැකි බව පවසා ඇත. තවද ඇතැම් පාසල්වල හා පොදු උත්සවලට යන හමුදාව තමන් සතුව සිංහල භාෂාවෙන් යුතු ජාතික ගීය ඇතුලත් සිටි තැටිද ගෙනගොස් ජාතික ධජය එසවීමේ අවස්ථාවෙහි එය විකාශනය කරන්නයි බලකරමින් සිටිති. මෙම නිසා බොහෝ ප්‍රදේශවල උත්සව සංවිධායකයන් හා හමුදාව අතර අර්බුදකාරි තත්වයක්ද ඇතිවී තිබේ. යමිකිසි ප්‍රදේශයක බහුතර ජනතාවන් කුමන භාෂාව කථාරන්නේද එම භාෂාවෙන් ජාතික ගීය විකාශනය කළ යුතුයයි රජය විසින් ප්‍රකාශ කර තිබෙන නමුත් කිලිනොච්චියෙහි බොහෝ ප්‍රදේශවල හමුදාව විසින් එය කඩකරමින් සිටියි. මෙවැනි ගැටළු සහගත තත්වයන් නිසා උත්සව රැසකදී උත්සවය ආරම්භවීමට ප්‍රථම ජාතික ධජය ඔසවා තැබීමේ සිද්ධි ද වාර්තාවේ.
Read More

ජනපෙළගැස්ම පස්වෙනි දිනයේ ගොවීන්ට සහන ඉල්ලා එප්පාවලදී උද්ඝෝෂණයක

ජනතා විමුක්ති පෙරමුණේ ජන පෙළගැස්ම පස්වෙනි දිනයට අද (31) දඹුල්ල නගරයෙන් ගමන් ඇරඹීය. ඉන් අනතුරුව එප්පාවල නගරයට ළගා වූ පෙළපාලිකරුවන් විසින් උද්ඝෝෂණයක නිරත විය. ජල හිගයෙන් වගා පාළුවූ ගොවීන්ට වන්දි ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වීය. එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක, ලාල්කාන්ත, මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ, සමන්ත විද්‍යාරත්න ඇතුළු ජවිපෙ නායකයින් පිරිසක් සහ ගොවීන් පිරිසක් සහභාගී විය. ජනපෙළගැස්ම රථ පෙළපාලිය අද සවස මැදවච්චිය නගරයට ළඟාවීමට නියමිත අතර හෙට දිනයේ පේදුරුතුඩුවට ගමන් කිරීමට නියමිත බව ජවිපෙ පවසයි.
Read More

ලාංකීය සමාජ දේහය විසින් උකහා ගතයුතු රෝහණ විජේවීර දර්ශනය. මතක සටහන්


මෙම ලිපි පෙළ වරක් කියවීමට ශ්‍රී ලාංකික සැමට ආයාචනය කරමි.
ඔබ රෝහණ සහෝදරයා පිලිබඳ ව උග්‍ර සතුරු ආකල්පයක් ඇත්තෙක් විය හැකිය.නමුත් මෙම ලිපි පෙළ කියවා බලන්න.රෝහණ සහෝදරයා අප මව්බිමට කොතෙක් ඇලුම් කලේද යන බව එවිට ඔබට තේරුම් යනුඇත.රෝහණ විජේවීර දර්ශනය ගැන මා මුලින්ම තේරුම් ගත්තේ 1982 වසරේ තිබු ජාධිපති මැතිවරණයට තරග කල අවස්තාවේදී ඔහු ජාතිය අමතා කල ගුවන් විදුලි සහ රූපවාහිනි මගින් ජනතාවට කල කරුණු පැහැදිලි කිරීම තුලිනි.එහි අන්තර්ගතව තිබු සමාජ විද්‍යාත්මක දේශපාලන දර්ශනය පිලිබඳව අදටත් කිසියන්ම අයුරකින් කිසිවෙකුට අභියෝග කල නොහැකි අතරම අද දක්වාමත්,ඉදිරි කාලයටත් එහි පවතින අන්තර්ගතය අපේ මාතෘ භුමිය
සියලුම මරඋගුල් වලින් ගලවා ගෙන සෞභාග්‍ය කරා ගෙන යාමට ඉදිරි මග පෙන්වන පහන් ටැඹකි.එදා මෙදා තුර ලංකාවේ පහල වූ කිසියන්ම මාක්ස්වාදියෙක් හෝ දේශ ප්‍රේමියෙක් එවන් දර්ශනයක් ඉදිරිපත් කර නොමැති අතර ඉදිරියේදීත් එවන් නායකයෙක් බිහිවේදෝයි යන්න සැක සහිතය.රුසියාවට ඇතුළු නැගෙනහිර යුරෝපයට සහ මද්යම ආසියාවට ලෙනින්ගේ දර්ශනය ,චීනයට මාඕ ගේ දර්ශනය , කියුබාවට පිදෙල් ගේ දර්ශනය ,ඉන්දු චීනයට හෝ චී මින් ගේ දර්ශනය මෙන්ම ලතින් ඇමෙරිකානු රටවල් සහ සමස්ත ලෝක විප්ලවවාදීන්ගේ දර්ශනය වන චේගුවේරාගේ දර්ශනයන් සමග සමපාත වන ලාංකීය දර්ශනයේ නිර්මාතෘවරයා රෝහණ විජේවීර සහොදරයායි.අපේ මාතෘ භුමිය නව පැසිස්ට් වාදීන්ගෙන් බේරා ගැනීම වෙනුවෙන් කැපවන සියලු විප්ලවවාදීන්ටත්,සැබෑ දේශ ප්රෙමීන්ටත් මෙම ලිපිපෙළ ආස්වාදයක් ගෙන දේවායයි ප්‍රාර්ථනා කරමි.

හයෙන් පහක ජනතා බලයක් සහිතව,ගැහැණියෙක් පිරිමියෙක් කිරීමට පමණක් බැරි අසීමිත බලයක් සහිතව රට පාලනය කල ජේ ආර් ජයවර්දන ආණ්ඩුව පවතින කාලයේ ප්‍රසිද්ධියේම දේශපාලනය කල රෝහණ විජේවීර සහෝදරයාගේ ජවිපෙ මග පෙන්වීම යටතේ සිටි සහෝදරවරුන් දේශපාලන කලේ, දේශපාලන අයිතිය තමන්ගේ අයිතියක් මිස පාලක මැරයන්ගේ අයිතියක් ලෙස පිළිගනිමින් නොවේ.එකල ජවිපෙ රැස්වීමකට පහර දීමට පැමිණි මැරයන්ජවිපෙ සහෝදරවරුන්ගෙන් ගුටිකා පැන දිවූ අවස්තාවන් ඉතිහාසයේ සනිටුවහන් වෙන්නේ ජයග්රාහී රැලි වශයෙනි.සතුරා තමන්ගේ රැස්වීම කඩාකප්පල්
... කිරීමට ප්‍රයත්න දැරිය හැකි හැම අවස්තාවකම වේලාසනින් අද්‍යනය කරන ඔවුන් එවැනි කඩාකප්පල් කාරී ක්‍රියාවන්ගෙන් එම රැස්වීම ආරක්ෂා කරගැනීමට අවශ්‍ය මුලික ක‍ටයුතු වේලාසනින්ම සැලසුම් කර තබා ගනී.ඒවාට දිය හැකි උදාහරණ සියගනනකි.


සැබෑ විප්ලවවාදීන්ගේ ක්‍රියා පිළිවෙත එයයි.එයට දිය හැකි වඩාත්ම ගැලපෙන ආදර්ශය 1982 ජනාධිපති මැතිවරණය සඳහා මහියංගනයේ රැලිය පැවැත් වීම සඳහා ගත් අභියෝගාත්මක ක්‍රියා මාර්ගයි.මහියංගනේ එම රැස්වීම පැවැත්වීමට ඉඩ නොදෙන බව එවකට එහි මැර මන්ත්‍රී වරයා වූ කැප්ටන් සෙනෙවිරත්න විසින් ප්‍රකාශ කරන ලදී.මොනයම් අයුරකින් හෝ රැස්වීම පවත්වන්නේ නම් එය කඩාකප්පල් කර ජවිපෙ සමච්චලයට ලක් කිරීමට සියලු ක‍ටයුතු සුදානම් කළේය.ඒ වෙනුවෙන් මුලින්ම සුදානම් කලේ රැස්වීම පවත්වන භුමිය වටා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කරන බව හැඟවෙන පරිධි 2x2 ප්‍රමාණයේ කළුගල් ගොඩවල් මාර්ග සංවර්දන අදිකාරිය මගින් රැස්වීම පැවැත්වීමට දින ගණනකට පෙර රැස්වීම් භුමිය වටා තැනින් තැන ගොඩවල් ගසා තිබීමය.මෙම ගල් රැස්වීමට පහර දීමට යොදා ගැනීම සඳහා බව හොදින් තේරුම් ගත් පැරණි ජවිපෙ සහෝදරවරු රැස්වීම පටන් ගැනීමට පෙරසුදානමකින් එම ගල් ගොඩ වල් අසලට ජවිපෙ හැර අන්කිසිවකුට ලංවිය නොහැකි පරිදි අප්‍රසිද්ධියේ ස්ථාන ගතව සිටියෝය.විජේවීර සහෝදරයා රැස්වීම ඇමතීමට වේදිකාවට පැමිණෙනවාත් සමගම යු එන් පී මැරයන් එම ගල් ගොඩවල් වෙත ලංවීම වැලක් වමින් එම ගල් වලින්ම යු එන් පී මැරයන්ට පහර දීමට පටන් ගත්තේය.ඒ සමගම රෝහණ සහෝදරයාට තැබූ වෙඩි පහර ඔහුගේ කන අසලින්ම ගියේ තවත් කාලයක් ඔහුගේ සේවය අප මාතෘ භූමියට ලබා දීමට ඉඩ සලසමින්ය.පැමිණි මැරයෝ ඔවුන්ගේම ගල් වලින් පහර කා පැන දිවුහ.ලංවිය නොහැකි පමණට දුරට දිවගිය ඔවුන් ඔවුන්ගේ ඇඳිවත උස්සා පිටුපස ජවිපෙ සාමාජිකයන්ට පෙන්වීම ගැන රෝහණ සහෝදරයා එම රස්වීමීදී ප්‍රකාශ කලේ 'අපේ සහෝදරවරුන්ගෙන් ගුටි කාල පැන දිවූ මැර කැප්ටන් ගේ එක්සත් ජාතික පක්ෂ මැරයෝ ඈතට ගිහිල්ල අපිට සරම උස්සල පෙන්නුවා.අන්න එවෙලාවේ අපි පැහැදිලිවම දැක්කා සහෝදරවරුනි ,'එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය '

තවත් අභියෝගයක් -ගෝනවල සුනිල්ගෙන්
ඒ ජවිපෙ කැලණියේ රැස්වීමයි.රැස්වීම පැවැත්වීමට ඉඩ නොදීමට වගකීම බාරගත්තේ ගෝනවල සුනිල්ය.කැලණියට ඇවිල්ල ජනාධිපති ජේ ආර් ජයවර්ධනව විවේචනය කරන්න ජනතා විමුක්ති පෙරමුණට ඉඩ දෙන්නේ නැහැ.රැස්වීම පවත්වන්න ඕනනම් පුළුවන් එහෙත් ජේ ආර් ජයවර්ධන හෝ රනිල් වික්‍රමසිංහ විවේචනය කරන්න බැහැ.ඒ ගෝනවල සුනිල්ගේ කොන්දේසියි.සියලු අභියෝගයන් බාරගෙන අවැසි සියලුම සුදානම් ක‍ටයුතු නිම කර නියමිත දිනයේ නියමිත වෙලාවට රැස්වීම පැවැත්වීමට ජවිපෙ ක‍ටයුතු සංවිධානය කර තිබුණි.රැස්වීමට පහර දීමට පැමිණි ගෝනවල සුනිල් ඇතුළු මැරයන් ආපසු හැරී පණ එපා කියමින් දුවන්නේ ,රෝහණ සහෝදරයා රැලිය අමතමින්' අපි ජනතා විමුක්ති පෙරමුණ, මේ රටේ දේශපාලනය කරන්නේ කිසියන්ම ධනපති දේශපාලන පක්ෂ සමග හෝ ඔවුන්ගේ මැරයන් සමග කොන්දේසි සහිතව නොවන බව ප්‍රකාශ කරන්න කැමතියි.යකුන්ට බය නම් අපි සොහොනේ ගෙවල් හදන්න එන්නේ නැහැ.මේ රට තුල ජනතා විමුක්ති පෙරමුණ යටත් වන කොන්දේසි තිබෙන්නේ ජනතාව සමග පමණයි.දේශපාලනය කිරීම අපේ ශුද්ධ වූ අයිතියක්.කිසිම ධනපති පාලකයෙක් හෝ ධනපති දේශපාලන වලින් හෝ ඔවුන්ගේ මැරයන් ගෙන් අවසර ගෙන දේශපාලනය කිරීම ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රතිපත්තිය නොවේ.'

මතු සම්බන්දයි
 
ලාංකීය සමාජ දේහය විසින් උකහා ගතයුතු රෝහණ විජේවීර දර්ශනය. මතක සටහන් දෙවෙනි කොටස
--------------
මෙම ලිපි පෙළ වරක් කියවීමට ශ්රීලාංකික සැමට ආයාචනය කරමි.

ඔබ රෝහණ සහෝදරයා පිලිබඳ ව උග්ර සතුරු ආකල්පයක් ඇත්තෙක් විය හැකිය.නමුත් මෙම ලිපි පෙළ කියවා බලන්න.රෝහණ සහෝදරයා අප මව්බිමට කොතෙක් ඇලුම් කලේද යන බව එවිට ඔබට තේරුම් යනුඇත.රෝහණ විජේවීර දර්ශනය ගැන මා මුලින්ම තේරුම් ගත්තේ 1982 වසරේ තිබු ජාධිපති මැතිවරණයට තරග කල අවස්තාවේදී ඔහු ජාතිය අමතා කල ගුවන් විදුලි සහ රූපවාහිනි මගින් ජනතාවට කල කරුණු පැහැදිලි කිරීම තුලිනි.එහි අන්තර්ගතව තිබු සමාජ විද්යා ත්මක දේශපාලන දර්ශනය පිලිබඳව අදටත් කිසියන්ම අයුරකින් කිසිවෙකුට අභියෝග කල නොහැකි අතරම අද දක්වාමත්,ඉදිරි කාලයටත් එහි පවතින අන්තර්ගතය අපේ මාතෘ භුමිය
සියලුම මරඋගුල් වලින් ගලවා ගෙන සෞභාග්‍ය කරා ගෙන යාමට ඉදිරි මග පෙන්වන පහන් ටැඹකි.එදා මෙදා තුර ලංකාවේ පහල වූ කිසියන්ම මාක්ස්වාදියෙක් හෝ දේශ ප්රේමියෙක් එවන් දර්ශනයක් ඉදිරිපත් කර නොමැති අතර ඉදිරියේදීත් එවන් නායකයෙක් බිහිවේදෝයි යන්න සැක සහිතය.රුසියාවට ඇතුළු නැගෙනහිර යුරෝපයට සහ මද්යම ආසියාවට ලෙනින්ගේ දර්ශනය ,චීනයට මාඕ ගේ දර්ශනය , කියුබාවට පිදෙල් ගේ දර්ශනය ,ඉන්දු චීනයට හෝ චී මින් ගේ දර්ශනය මෙන්ම ලතින් ඇමෙරිකානු රටවල් සහ සමස්ත ලෝක විප්ලවවාදීන්ගේ දර්ශනය වන චේගුවේරාගේ දර්ශනයන් සමග සමපාත වන ලාංකීය දර්ශනයේ නිර්මාතෘවරයා රෝහණ විජේවීර සහොදරයායි.අපේ මාතෘ භුමිය නව පැසිස්ට් වාදීන්ගෙන් බේරා ගැනීම වෙනුවෙන් කැපවන සියලු විප්ලවවාදීන්ටත්,සැබෑ දේශ ප්රෙමීන්ටත් මෙම ලිපිපෙළ ආස්වාදයක් ගෙන දේවායයි ප්රාර්ථනා කරමි.

ගංවතුර සහ නියගය නැවැත්විය හැක්කේ විප්ලවයට පමණි.

නියායාත්මක සංකල්පය ජනාධිපති මැතිවරණයේදී රෝහණ සහෝදරයා ඉදිරිපත් කල ප්රකාශනයයි.

ලංකාවේ සියලුම ප්රධාන ගංගා පටන් ගන්නේ මද්යම කඳුකරයෙන්ය.එයද තවත් විභේද සංකීර්ණයකි.මෙවැනි සුවිශේෂ භූ විෂමතාවයක පිහිටි කදුකරයෙන් පටන් ගන්නා විශාල, ගංගා, ආරු, ඔය, දියඇල්ල, ඇළ, දොළ අපේ මහා පොලව සිසාරා ගලා ගොස් මුහුදට වැටෙයි.උස විභවයකින් පටන් ගන්නා නිසා මෙමෙ ජල ප්රවාහයන් පහත බිම් වල පිහිටි ඕනෑම ගොවි බිම් දක්වා පහසුවෙන් හැරවිය හැකිය.ලංකාවේ දිගම ගඟ කිලෝ මීටර් 335 දුර ගලා ගොස් මුහුදට වැටෙයි. අනෙක් ලංකාවේ දිගම ගංගා 16 කිලෝ මීටර්100 සිට කිලෝ මිටේ 164 දක්වා දුරක් ගමන් පසු කරමින් ගලා බසී.ලංකාවට හිමිව තිබෙන මෙම සුවිසල් ජල ප්රවාහන පද්ධතිය යටතේ ජල හිඟයක් සහිත ගොවි බිම් තිබීමට නොහැකිය.එම ජල ප්රවාහන පද්ධතිය නියඟයෙන් පීඩා විඳින ප්රදේශ වලට හැරවීමේ විද්යාදත්මක ජල ප්රවාහන ව්යාපාර මගින් ගං වතුර ඇතිකරන අතිරික්ත ජලය වියලි බිම් දක්වා හැරවීමත් එමගින් ගං වතුර සහ නියඟය වැළක්වීමේ ක්රියාමාර්ග එකවර සැලසුම් කල හැකිය.මෙම ජල ප්රවාහයන් හි ගලායන ජලය ප්රයෝජනයට ගැනීමේදී ප්රවාහයන්හි ඇතිවන වියලි බව ආරක්ෂා කිරීම සඳහා වර්ෂාපතනය ආරක්ෂා කර ගැනීම අත්යවස්ය කරුණකි.මෙම ජලප්රවාහයන් ආරක්ෂා කිරීම හා අනිවාර්යයෙන්ම බද්ධ වියයුතු වර්ෂාපතනය ආරක්ෂා කිරීම හා බැඳුනු උස්බිම් වනාන්තර ආරක්ෂා කිරීම කල යුතුමය.එම උස්බිම් වනාන්තර ආරක්ෂා කිරීම හා බද්ධ වන තවත් කරුණක් නම් එමගින් නායයාම් වලක්වා ලීමත් නායයාම් තර්ජනයට ගොදුරු වී ජීවත් වන ජනතාව එම ප්රදේශවලින් ඉවත් කර ඔවුන් වෙනත් සුදුසු ප්රදේශවල පදිංචි කරවීමය.

ජනාධිපති මැතිවරණයේදී රට ගොඩ නගන විද්යාත්මක සැලසුම් ඉදිරිපත් කරමින් රෝහණ සහෝදරයා 'මහවැලි ගඟ විතරක් නොවෙයි අපි අනෙක් ඕනෑම ප්රධාන ගංගාවල් හරවනවා වියලි ගොවිබිම් වලට.එමගින් ගංවතුර සහ නියඟයට ඉඩ දීම නවත්වනවා.නායයාම් වලට මුලිකවන අංශක හැටපහට වැඩි ආනතිය සහිත කඳු සහ බෑවුම් විද්යාමනුකූලව වනගත කරනවා.නායයාම් වලට ගොදුරු වන ජනතාව එවැනි ස්වාභාවික විපත් ඇති නොවෙන ප්රදේශවන පදිංචි කරවනවා.
ලාංකීය සමාජ දේහය විසින් උකහා ගතයුතු රෝහණ විජේවීර දර්ශනය. මතක සටහන්..තුන්වන කොටස

මෙම ලිපි පෙළ වරක් කියවීමට ශ්රීර ලාංකික සැමට ආයාචනය කරමි.

ඔබ රෝහණ සහෝදරයා පිලිබඳව උග්‍ර සතුරු ආකල්පයක් ඇත්තෙක් විය හැකිය.නමුත් මෙම ලිපි පෙළ කියවා බලන්න.රෝහණ සහෝදරයා අප මව්බිමට කොතෙක් ඇලුම් කලේද යන බව එවිට ඔබට තේරුම් යනුඇත.රෝහණ විජේවීර දර්ශනය ගැන මා මුලින්ම තේරුම් ගත්තේ 1982 වසරේ තිබු ජාධිපති මැතිවරණයට තරග කල අවස්තාවේදී ඔහු ජාතිය අමතා කල ගුවන් විදුලි සහ රූපවාහිනි මගින් ජනතාවට කල කරුණු පැහැදිලි කිරීම තුලිනි.එහි අන්තර්ගතව තිබු සමාජ විද්යා ත්මක දේශපාලන දර්ශනය පිලිබඳව අදටත් කිසියන්ම අයුරකින් කිසිවෙකුට අභියෝග කල නොහැකි අතරම අද දක්වාමත්,ඉදිරි කාලයටත් එහි පවතින අන්තර්ගතය අපේ මාතෘ භුමිය
සියලුම මරඋගුල් වලින් ගලවා ගෙන සෞභාග්‍ය කරා ගෙන යාමට ඉදිරි මග පෙන්වන පහන් ටැඹකි.එදා මෙදා තුර ලංකාවේ පහල වූ කිසියන්ම මාක්ස්වාදියෙක් හෝ දේශ ප්රේමියෙක් එවන් දර්ශනයක් ඉදිරිපත් කර නොමැති අතර ඉදිරියේදීත් එවන් නායකයෙක් බිහිවේදෝයි යන්න සැක සහිතය.රුසියාවට ඇතුළු නැගෙනහිර යුරෝපයට සහ මද්යම ආසියාවට ලෙනින්ගේ දර්ශනය ,චීනයට මාඕ ගේ දර්ශනය , කියුබාවට පිදෙල් ගේ දර්ශනය ,ඉන්දු චීනයට හෝ චී මින් ගේ දර්ශනය මෙන්ම ලතින් ඇමෙරිකානු රටවල් සහ සමස්ත ලෝක විප්ලවවාදීන්ගේ දර්ශනය වන චේගුවේරාගේ දර්ශනයන් සමග සමපාත වන ලාංකීය දර්ශනයේ නිර්මාතෘවරයා රෝහණ විජේවීර සහොදරයායි.අපේ මාතෘ භුමිය නව පැසිස්ට් වාදීන්ගෙන් බේරා ගැනීම වෙනුවෙන් කැපවන සියලු විප්ලවවාදීන්ටත්,සැබෑ දේශප්රෙමීන්ටත් මෙම ලිපිපෙළ ආස්වාදයක් ගෙන දේවායයි ප්රාර්ථනා කරමි.


රාජ්ය බලය හොබවන වංචනික දුෂිතයින් ප්රසිද්ධියේ එළිදරව් කරමින්,රෝහණ සහෝදරයා,

'මම ලුමුම්බා විශ්ව විද්යාිලයේ ඉගෙන ගනිද්දී එක මහාචාර්ය වරයෙක් මට කිව්වා ,කිසියම් දෙයක් හඳුන්වන්න තියෙන වඩාත්ම ගැලපෙන විද්යාත්මක නමින් එය හඳුන්වන්න කියලා.ඒ අනුව හේවාහැට මන්ත්‍රී අනුර ඩැනියෙල්ට මම කියනවා ''රත්තරන් පොලු හොරා ''කියල.ඔහු විදේශයක සිට එන ගමන් කොළඹ ගුවන් තොටු පොලේදී ඔහුගේ බෑග් තුල තිබිල ,ආගමන නිලධාරීන් විසින් රත්තරන් පොලු වගයක් අත් අඩංගුවට ගත්තා.අද ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න ලාබාලම මන්ත්රීවරයා අනුර දනියෙල් පිටරටින් ගේන්නෙත් රත්තරන් පොලුනම් අනෙක් ලොකු ලොකු අලි මොන මොනව ගෙනාවා ඇත්ද.ඒක හින්ද මම නැවතත් කියනවා අනුර දනියෙල්'' රත්තරන් පොලු හොරා.''ඒ වගේම නන්ද මැතිව් මන්ත්රීවරයා ගේ නමට එවන ලද බෑගයක තිබී රත්තරන් හැඳි ආගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.මේ ආණ්ඩුව හොරුන්ගේ ආණ්ඩුවක්.දුශිතයින්ගේ සහ මංකොල්ල කරුවන්ගේ ආණ්ඩුවක්.රත්රන් හැඳි ගෙනාපු නන්ද මැතිව්ව මම හඳුන්වන්නේ නන්ද මැතිව් නොව'' හැන්ද මැතිව් ''කියලයි.

මේ එවකට සිදුවෙමින් තිබුණු හොරා මැර වංචා දුෂණ වලින් එළිදරව් වූ ශාක්ෂි කීපයක් පමණකි.
ඒ ජේ ආර් ජයවර්ධන ක්රියාත්මක කල නව ලිබරල් වාදයේ පළමු අධියර තුළදීයි.අද මහින්ද රාජපක්ෂගේ නව ලිබරල් ෆැසිස්ට් දෙවෙනි අධියර එම දුෂණ වංචා
කොමිස් ගැසීම් පළමු අධ්යරට වඩා දසදහස් ගණනකින් ඉහලට ඔසවා තබන අයුරු ජනතාවගේ ඇස් පනාපිටම සිදුවෙයි

                             
ලාංකීය සමාජ දේහය විසින් උකහා ගතයුතු රෝහණ විජේවීර දර්ශනය.
හතරවන කොටස

මෙම ලිපි පෙළ වරක් කියවීමට ශ්රී ලාංකික සැමට ආයාචනය කරමි.

ඔබ රෝහණ සහෝදරයා පිලිබඳ ව උග්‍ර සතුරු ආකල්පයක් ඇත්තෙක් විය හැකිය.නමුත් මෙම ලිපි පෙළ කියවා බලන්න.රෝහණ සහෝදරයා අප මව්බිමට කොතෙක් ඇලුම් කලේද යන බව එවිට ඔබට තේරුම් යනුඇත.රෝහණ විජේවීර දර්ශනය ගැන මා මුලින්ම තේරුම් ගත්තේ 1982 වසරේ තිබු ජාධිපති මැතිවරණයට තරග කල අවස්තාවේදී ඔහු ජාතිය අමතා කල ගුවන් විදුලි සහ රූපවාහිනි මගින් ජනතාවට කල කරුණු පැහැදිලි කිරීම තුලිනි.එහි අන්තර්ගතව තිබු සමාජ විද්යා ත්මක දේශපාලන දර්ශනය පිලිබඳව අදටත් කිසියන්ම අයුරකින් කිසිවෙකුට අභියෝග කල නොහැකි අතරම අද දක්වාමත්,ඉදිරි කාලයටත් එහි පවතින අන්තර්ගතය අපේ මාතෘ භුමිය
සියලුම මරඋගුල් වලින් ගලවා ගෙන සෞභාග්‍ය කරා ගෙන යාමට ඉදිරි මග පෙන්වන පහන් ටැඹකි.එදා මෙදා තුර ලංකාවේ පහල වූ කිසියන්ම මාක්ස්වාදියෙක් හෝ දේශ ප්රේමියෙක් එවන් දර්ශනයක් ඉදිරිපත් කර නොමැත. රුසියාවට ඇතුළු නැගෙනහිර යුරෝපයට සහ මද්යම ආසියාවට ලෙනින්ගේ දර්ශනය ,චීනයට මාඕ ගේ දර්ශනය , කියුබාවට පිදෙල් ගේ දර්ශනය ,ඉන්දු චීනයට හෝ චී මින් ගේ දර්ශනය මෙන්ම ලතින් ඇමෙරිකානු රටවල් සහ සමස්ත ලෝක විප්ලවවාදීන්ගේ දර්ශනය වන චේගුවේරාගේ දර්ශනයන් සමග සමපාත වන ලාංකීය දර්ශනයේ නිර්මාතෘවරයා රෝහණ විජේවීර සහොදරයායි.අපේ මාතෘ භුමිය නව පැසිස්ට් වාදීන්ගෙන් බේරා ගැනීම වෙනුවෙන් කැපවන සියලු විප්ලවවාදීන්ටත්,සැබෑ දේශප්රෙමීන්ටත් මෙම ලිපිපෙළ ආස්වාදයක් ගෙන දේවායයි ප්රාර්ථනා කරමි.

රෝහණ විජේවීර නම් වූ සොඳුරු මිනිසා , යුගය අභිබවා නැගී සිටි වමේ නිකැළැල් විප්ලවවාදියා , අඳුරු ඉල්මහක පණපිටින් ආදාහනාගාරයට විසි කිරීමට පෙර ධනපති පාලකයන් හා උන්ගේ සහචර හමුදා පොලිස් නිලදාරීන් ඉදිරියේ පැය දෙකකට ආසන්න කාලයක් කල දීර්ග දේශනයෙන් 1989 නොවැම්බර් 13 දින රූපවාහිනියෙන් විකාශනය වුයේ විනාඩි දෙකක පමණ කාලයකි. එයද පාලකයන්ගේ වාසියට පමණක් යොදා ගැනුනි. ඒ රුව ඔබ අපට තවම මතකය. මරණය පෙනී පෙනී බියක සේයාවක් හෝ නොදුටු , උපේක්ෂා සහගත මුහුණ තුලින් දුටුවේ සංසුන් විප්ලවවාදියෙකි. ඔහු අමානුෂිකව මරා දැමීමට පෙර තම පාක්ෂිකයාගෙන් සහ සමස්ත ලාංකීය ජනතාවගෙන්ම ඉල්ලා සිටියේ සියල්ල වෙනස් කර අලුතින් සිතන ලෙසය. නැවත සියල්ල අලුතින් ආරම්බ කරන ලෙසය.
තම උපන් බිමට සාදාරණයක් ඉටු කිරීමට , තම සහෝදර රට වැසියාට ශිෂ්ට සම්පන්නව නිදහසේ ජීවත් වීමට සමාජයක් නිර්මාණය කිරීමට අවැසි නම් දිවි පුදන්නේ කෙසේදැයි පෙන්වූ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කල ඔබ අපට අදටත් මතුවටත් දේසපාලන ගුරුවරයාය .

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් බලහත්කාරයෙන් නෙරපාදැමු ඔබ තහනම් දේශපාලනය තුල සියලු පව්ද්ගලිකත්වය පොදු අරමුණක් වෙනුවෙන් කැපකරමින්, මරණ වරෙන්තුව අතැතිව ඔබ රටේ නියත දේශපාලන ව්‍යාපාරයට විශිෂ්ට නායකත්වයක් දුනි. තහනම් දේශපාලනයක වුවද ඔබ දියුණු දේශපාලන උපාය උපක්‍රම තෝරමින් ප්‍රජාතන්ත්රවාදයම ඉල්ලා හඬ නැගුවේය. එහෙත් ධනපති පසුගාමී පාලකයන් ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී හඬ ට කන් දීමක් දක්නට නොලැබුණි. එහෙත් උන් විප්ලවවාදී ව්‍යාපාරයේ වෙඩි හඬ ට කන් පමණක් නොව ඇස් ද විවර කර බැලීය. ඉතිහාසය විසින් ඔබට වෙන විකල්පයක් ඉතිරි කර දී තිබුනේ නැත.
 
පස්වන කොටස
ලාංකීය සමාජ දේහය විසින් උකහා ගතයුතු රෝහණ විජේවීර දර්ශනය. 
 

සමාජවාදී දේශපාලන ලෝකය තුල බිහි වූ විශිස්ටතම උපාය මාර්ගික දේසපාලන නායකයන් අතර ඔබ ඉහලින්ම සිටින බව අවිවාදිතය. අදිරාජ්ය විරෝධී අරගලය තුලින් සමාජවාදයට යන උපාය මාර්ගික වැඩ පිළිවෙල තුලින් 1988 එවකට පැවතී ධනපති ප්රේමදාසගේ ආණ්ඩුව දනගැස්වීමට තහනම් දෙසපාලනයකදී වුවද සියලු දෙශමාමක බලවේග එක මිටකට ගැනීමට සමත් විය..රෝහණ විජේවීර යනු පුහු ආටෝප තවරා ගත් සම්ප්රදායික දේශපාලනඥයෙක් නොවීය. කරන්නට බැරි දේ කිසි දිනක කතා නොකළ ඔහු කිවව් දේ අකුරටම ඉටු කළේය.

ඔහු උපන් බිමට මෙන්ම සමාජවාදී ලෝකයක් ගොඩ නැගීමේ අරගලයට පනමෙන් ආදරය කළේය. සිය තුරුණු විය උර්තීය විප්ලවවාදියෙකුගේ ජීවිතයට මාරු කල ඔබ මිය යන තෙක්ම නොසැලුණු අරමුණක් වෙනුවෙන්ම කැප විය. ඔබ කිසි දිනක මාක්ස්වාදය අන්ධ භක්තියකින් පිදුවේ නැත. එය වඩා නිර්මානාත්මක භාවිතාව තුලින් සමාජය වෙනස් කිරීමට මුළු දිවියම කැප කල සැබැ විප්ලවවදියෙකි.

රෝහණ විජේවීර යනු තර්කානු කුලව ප්රතිවාදීන් හතර ගාතෙන් ඇද වට්ටන විදග්ද කථිකයෙකි. එමෙන්ම ආක්රමණශීලී විවාද කරුවෙකි. එවකට ජේ.ආර්.ජයවර්ධන කැබිනට් තීරණ ගෙන තම ඇමති මණ්ඩලයෙන් විමසන්නේ " මේ තීරණයට රෝහණ විජේවීර මොනවද කියල තියෙන්නේ පත්තරේට " යන්නයි. ජේ.ආර්. නම් අංකුර ධනේශ්වර දේශපාලඥයා විසින් ලංකාව තුල හඳුනා ගත් එකම දේශපාලන බුද්දීමතා වුයේද ඔබය. රෝහණ සහෝදරයා කිසි දිනක තම දැනුම අයුතු ලෙස යොදා ගත්තේ නැත. තම දැනුමින් සන්විදායකයන් මුවහත් කල ඔබ ඔවුන්ට යා යුතු මග විවර කළේය. තමාට නිතැතින් හිමි උන නායකත්වය හා එහි අධිකාරී බලය ඉහල සංවිදායක සහෝදරයාගේ සිට බිම් මට්ටම දක්වාම සමාන විය.
ඔබ පක්ෂය තුල නායකත්වයට පැමිනෙනේ පවූල් බලය , ධන බලය කර තබාගෙන නොවේ. තිස්සමහාරාම සති පොලේ මුට්ට කර ගසමින් පක්ෂය වෙනුවෙන් මුදල් සෙවූ ඔබ මිය යන විට අවම වශයෙන් ගම්සභාවක හෝ නිලයක් දරු වේ නැත. ඔබගේ උරුමය රකිමින් කල එලි දුටු බොහෝ විකටයන් අද ඔබ අත හැර පළමු වසරේ වෙදිකාවේ ඉහලින් තැබූ රුව දෙවන වසරේ වේදිකාවේ කොනකට හේත්තු කළේය. මෙවර මැයි දිනයේ ඔබ රකින්නට ආ විකට වම්මුන් ඔබගේ චායාවක් හෝ එහි ඇතුලත් නොකළේය. එහෙත් අපට ඔබ ගුරුවරයෙකි..නිකැළැල් නායකයෙකි. ඔබ පැතු ලොව ගොඩ නගන්නෙමි.
                                                                 


Read More

මතු පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අපි සටන් වැදුනෙමු. නිදහස් අධ්‍යාපනය දිනේවා’’.....වෙනුර එදිරිසිංහ


එකමත් එක කලෙක නමින් වෙනුර එදිරිසිංහ නම් වූ ළමයෙක් ආණමඩුවට නුදුරු ඉතා දුශ්කර ගම්මානයක ජීවත් විය. ඔහුගේ පියා සිංහල වෙද මහතෙකු වූ අතර මව ගෘහණියක වූවාය. වෙනුරගේ පියා දුප්පත් මිනිසුන්ට බේත් හේත් කළේ කිසිදු මුදලක් අය කිරීමකින් තොරවය. ඔවුහූ ජීවිතය ගැට ගසා ගත්තේ ගොයම්, මුං , මෑ, මඤ්ඤොක්කා, බතල යනාදිය වගා කිරීමෙන් ලබා ගත් සොච්චම් මුදලින්ය. ඉතා දුරස්ථ ගම්මානයක් වූ අතර විදුලිය, මහා මාර්ග, ප්‍රවාහනය, වෙළඳ පොළවල්, රෝහල්, පාසල් යනාදී පහසුකම්වලින් තොර විය. එනිසා ඔවුනට ගත කිරීමට සිදු වූයේ ඉතා කටුක ජීවිතයකි.

 කෙසේ වූවත් කුඩා වෙනුරට හා ඔහුගේ මිතුරන්ට මේ ගැටළු පිළිබඳව එතරම් අවබෝධයක් තිබුනේ ඇත. ඔවුහූ ඔවුනගේ ළමා කාලය ඉතා විනෝදයෙන් ගත කළහ. ඔවුහූ ඔවුනගේ ගමේ තිබූ අඩුපාඩු ගණන් ගත්තේ නැත. පාසල වෙත යාම සඳහා ඔවුනට කිලෝමීටර 6 දුරක් පයින් යාමට සිදු විය. වෙනුර සහ ඔහුගේ යහළුවෝ අඩි පාරවල්, ලඳු කැලෑ පසු කරමින් පාසල් ගිය අතර ආපසු නිවස කරා පැමිණෙන විටදී කැලෑවේ සෙල්ලම් කිරීමටද අමතක නොකළහ. ඔවුන් ගමන් කළ මං මාවත් වසරේ ඕනෑම කාලයකදී විවිධ වර්ගයේ පළතුරුවලින් ගහණ විය. අඹ,කජු, පේර, දං, වරකා, සියඹලා, දොඩම් වැනි පළතුරුවල රස විඳීමට ඔවුනට හැකි විය. ඔවුනට වනයේදී වල් අලින්ගෙන් , වල් ඌරන්ගෙන්, සර්පයින්ගෙන් ඇති වන අනතුරු ගැන කිසිදු බියක් තිබුණේ නැත. සැමදා වෙනුර සහ ඔහුගේ යහළුවෝ ඉතා සතුටින් කාලය ගත කළහ.

 වෙනුර පාසලේ ඉතා දක්ශ සිසුවෙකු විය. පාසලේ සිටියේ එක් ගුරුවරයෙකු පමණක් වූ අතර පාසලට පැමිණියේ සුළු ශිෂ්‍ය සංඛ්‍යාවක් නිසා තිබුණේ සීමිත පන්ති සංඛ්‍යාවකි. වෙනුර පාසලේ 3 වසරේ සිටින කාලයදී පාසලේ ගුරුවරයා වෙනුරව ශිෂ්‍යත්ව විභාගයට වාඩි කළ යුතු යැයි තීරණය කළේය. ගුරුවරයා වෙනුරගේ දෙමාපියන් හමුවී කියා සිටියේ වෙනුරව මීට වඩා හොඳ පාසලකට ඇතුළත් කළ යුතු බවයි. අභාග්‍යයක මහත! දුප්පත් දෙමාපියන්ට ඔහුට වඩා හොඳ පාසලක් ලබා දීමට අපොහොසත් විය, වෙනුර ද ඔහු වඩාත් ආදරය කළ ගම, පාසල හා ඔහුගේ මිතුරන් හැරදා යමට අකමැති විය. කොතරම් දුශ්කර වූවත් ඔහු ඔහුගේ ගමට සහ එහි ගැමියන්ට බෙහෙවින් ආලය කළේය.

 දිනක් සැන්දෑවක ඔහුගේ මවට හදිසියේම අසාධ්‍ය පපුවේ අමාරුවක් ඇති විය.වෙනුරගේ පියා රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා ඈත ගමකට ගොස් සිටියේය. අසරණ වෙනුරට කර කියා ගත නොහැකි දෙයක් නොමැති විය. ඔහු මහ හඬින් අඬමින් උදව් ඉල්ලා කෑ ගැසුවේය. මිනිත්තු කිහිපයකින් ඔහුගේ ගේ අසළට පැමිණි අසල්වාසීන් කිහිප දෙනෙක් තත්වය බලා වෙනුරගේ මවව ආණමඩුව ඉස්පිරිතාලයට ගෙන යාමට තීරණය කළහ. කිලෝමීටර 20 ක් පමණ ඈතින් පිහිටි රෝහලට කරත්තයකින් මවව රැගෙන යාමට ඔවුනට සිදු විය. වෙනුරද හඬමින් කරත්තය පිටුපසින් පයින් ගමන් කළේය. ඔවුනට ගමන් කිරීමට සිදු වූයේ ඉතා දුශ්කර පාරවල් හරහාය. අවසානයේ ආණමඩුව රෝහලට කෙසේ හෝ පැමිණියද ඒ වන විට වෛද්‍යවරයෙකු රෝහලේ සිටියේ නැත. සිටි එකම වෛද්‍යවරයාද දිගු කාර්ය වේලාවකින් පසු වැඩ අවසන් කර ගොස්ය. හෙදියෝ වෙනුරගේ මවව වාට්ටුවට ඇතුළත් කර ඇයට වේදනා නාශක පෙති ලබා දුන්හ. පසුදින රෝහලට පැමිණ ඇය පරීක්ශා කර බැලූ වෛද්‍යවරයා ඇය වහාම වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව රෝහල වෙතට මාරු කිරීමට තීරණය කළේය. මවගේ තත්ත්වය එන්න එන්නම බරපතල විය. ඇය දැඩි වේදනාවෙන් පසුවනු දුටු වෙනුර ඉතා භීතියට පත් විය. තමා වෛද්‍යවරයෙකු වී සිටියා නම් ඇයව කෙසේ හෝ සුවපත් කරන බව ඔහුට ඒ වේලාවේ සිතුණි. වෙනුර තමන්ගේ පියාණන්ට ද මේ බව වටහා දුන්නද ඔහුගේ පියාට කළ හැකි දෙයක් තිබුණේ නැත.

 බොහෝ ගැටළුවලට මුහුණ දීමෙන් අනතුරුව වෙනුරගේ මව මීගමුව රෝහල වෙත කැඳවා එනු ලැබිණ. කුඩා වෙනුර මවගේ ඇඳ අසළින් කිසි විටකත් ඉවත් වූයේ නැත. වෙනුරගේ පියාට මීගමුවේ සිටින ඔවුන්ගේ නෑදෑයෙකුගෙන් සහය ලබා ගැනීමට හැකි විය. මේ අතරතුරේදී වෙනුරගේ ගුරුවරයා වෙනුරගේ ඉදිරි අධ්‍යාපන කටයුතු පිළිබඳව මීගමුවේ විදුහල්පතිවරයෙකු සමඟ සාකච්ජා කරමින් සිටියේය. නොබෝ කලකින් හැම දෙයක්ම හොඳ අතට හැරිණි. මවගේ අසනීප තත්වය පහව ගියේය. වෙනුර මීගමුවේ පාසලකට ගියේය. ඔහුගේ දෙමාපියෝ සෑම විටම ඔහුට ඉගෙන ගැනීම සඳහා දිරිමත් කළේය. කෙසේ වූවත් සෑම අමිහිරි වේදනාවක්ම නපුරු සිහිනයක් මෙන් ඔහුගේ මතකයේ රැඳුණි. මාස කීපයකට පසු වෙනුර දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නේය.

 විභාගය ඉහළින් සමත් වූ වෙනුර මාදම්පේ මධ්‍ය විද්‍යාලයට වැඩිපුර අධ්‍යාපනය සඳහා යාමට සුදුසුකම් ලැබීය. එලෙසම කල් යත්ම අපොස සා.පෙළ. විභාගයේදී දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලාභීයා වීමට වෙනුර සමත් විය. ඉන්පසු කොළඹ රාජකීය විද්‍යාලය යාමට තරුණ වෙනුරට අවස්ථාව ලැබිණ. වෙනුරගේ ජීවිතයේ නව පිටුවක් පෙරලීමට කොළඹ රාජකීය විද්‍යාලයට හැකි විය. කෙටි කලකින් මිතුරන්ගේ හා ගුරුවරුන්ගේ ආකර්ශණය දිනා ගැනීමට ඔහුට හැකි විය. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයෙදී නාගරික පාසලක හා ගම්බද පාසලක ඇති වෙනස්කම් තරුණ වෙනුරට තදින්ම දැනුණි. වෙනුර සිය කුඩා කලදී විඳි දුක් කම්කටොළු ඔහුගේ මිතුරු රාජකීයයන් සමඟ බෙදා ගැනීමට ඔහු අමතක කළේ නැත. ඔහුගේ ජීවිතයේ වැදගත්ම මොහොත පැමිණියේ ඉන්පසුවය. ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථමයා වෙමින් රාජකීය විද්‍යාලයේ හොඳම ප්‍රතිඵලය බිහි කිරීමට වෙනුර සමත් විය. මා දන්නා තරමින් වෙනුර තැබූ වාර්තා තවම බිඳ දමා නොමැත. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඔහු ඇතුලත් වුනේ රාජකීය විද්‍යාලයේ හොඳම ශිෂ්‍යයා ලෙසයි.

 1984 වසරේ විද්‍යාලයීය ත්‍යාග ප‍්‍රධානෝත්සවයේ දී

 ඇල්ෆ‍්‍රඞ් ඇන්ඩිස් අනුස්මරණ ත්‍යාගය - (උද්භිද විද්‍යාව සඳහා)
 පී සී ඩබ් පීරිස් අනුස්මරණ ත්‍යාගය - (සත්ත්ව විද්‍යාව සඳහා)
එෆ් ඊ වීරසූරිය අනුස්මරණ ත්‍යාගය - (ජීව විද්‍යා අංශයේ හොඳම ත්‍යාගය)
 තිස්ස වික‍්‍රමසිංහ අනුස්මරණ ත්‍යාගය - (උද්භිද හා සත්ව විද්‍යාව සඳහා හොඳම ශිෂ්‍යයා)
අ පො ස (උ/පෙළ) විභාගයේ හොඳම සිසුවාට හිමි ත්‍යාගය එම් ගුණරත්නම් අනුස්මරණ ත්‍යාගය දිනා ගැනීමට වෙනුරට හැකි විය.

 එමෙන්ම ඔහු පාසලේ දක්ශ ක්‍රීඩකයෙකු මෙන්ම කලාකරුවෙකුද වූවා. කොළඹ විශ්ව විද්‍යාලයේ තම කණ්ඩායමේ ඉහළතම ලකුණුලාභියා වූ වෙනුර පසුකාලීනව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් පැවති අරගලයට ත්‍රීමා විතාන හා එක් විය. ත්‍රීමා විතානගේ සමීපතම සගයා වූයේ වෙනුරයි. ත්‍රීමා විතාන වෙනුරගේ ජේශ්ඨ කාමර සගයෙකු විය. එනිසාම දෙදෙනා තුළම හොඳ අවබෝධයක් තිබුණි. දෙදෙනාම සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ඔවුනගේ වෛද්‍ය සිහිනය පූජා කළේය. ඔවුන් ජීවතුන් අතර සිටියේ නම් මේ වන ශ්‍රී ලංකාවේ සිටින දක්ශතම විශේෂඥ වෛද්‍යවරුන් වීමට ඉඩ තිබුණි. එහෙත් කුරිරු දේශපාලනය රටේ අනාගතය පොඩි තලා පෙලා සුණු විසුණු කර දැමුවේය.බාලේ ගේ (නිමල් බාලසූරිය) මරාදැමුන දවසේ මහා හඬින් මානව හිතවාදී සංවේදී සහෘදයෙකු ඔහු හඬා වැටුණු හැටි ඔහුගේ සමකාලීනයෝ තවමත් මතක් කරති. ඒ වගේම පුංචි කාලෙ ඔහුගේ යාලූවා මියගිය විට ඒ දුක දරාගත නොහැකිව දින ගණනාවක් නොකා නොබී සිටි මේ සංවේදී දරුවා මේ සා දැවැන්ත ශිෂ්‍ය ව්‍යාපාරයකට නායකත්වය දුන්නා යැයි ඔහුගේ මව පවා පිළිගන්නේ පසුවයි. බාලේ ගෙන් පසු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය ගන්නේ වෙනුර එදිරිසිංහයි. 1989 කොල්ලූපිටියේදී පැහැරගෙන ගොස් අතුරුදහන් කරන තුරු ලංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වයදුන්නේය. වෙනුර 1989 සැප්තැම්බර් 21 දින ඝාතනයට ලක්වුනා. අත්අඩංගුවේදී රඳවා වද දීමේදී ඔහුගේ ඇඟිලි කිහිපයක් කපා දමා තිබුනා. සිය ඇඟිලි වලින් වැගිරෙන ලේවලින් ඔහු වදකාගාරයේ බිත්තියේ මෙසේ ලියා තිබිණි.‘‘මතු පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අපි සටන් වැදුනෙමු. නිදහස් අධ්‍යාපනය දිනේවා’’.....

Read More

සිංහයින්ට තරගාවලියේ ජය අහිමි වෙයි

ශ්‍රී ලංකාව සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අද පැවති සිව්වැනි එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරිමත් සමගිනි. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 251ක් රැස් කළේය. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 2කදී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහි ඉලක්කය පසු කිරිමට සමත් විය.
Read More

විදී ලාම්පුවලින් අඩක් නිවෙයි

දිවයිනේ විදී ලාම්පුවලින් 50%ක් හෙට සිට නිවා දැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. එම අමාත්‍යාංශය පැවසූවේ, පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා සහ පළාත් පාලන නියෝජිතයින් සමග අමාත්‍ය චම්පික රණවක මහතා අද පැවැත්වු සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි. හෙට සිට සිය බලප්‍රදේශවල විදුලි ලාම්පුවලින් එකක් හැර එකක් දැල්වීමට පියවර ගන්නා ලෙස අද පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පළාත් පාලන ආයතන නියෝජිතයින්ගෙන් ඉල්ලා ඇත. දැනට දිවයින පුරා ස්ථාපිත මුළු විදුලි ලාම්පු සංඛ්‍යාව ලක්ෂ 8 ක් වන බවත් ඉන් නීත්‍යානුකූල අවසරය සහිතව ස්ථාපිත විදුලි ලාම්පු සංඛ්‍යාව ලක්ෂ 04කට අඩු බවත් අමාත්‍යවරයා පවසා තිබේ. එක් රාත්‍රියකට විදුලි ලාම්පුවක් දැල්වීම සඳහා වැය වන මුදල රුපියල් 150 කට අධික බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
Read More

රිෂාඩ් මක්කම යයි. පොලීසිය සිල් ගනී

මන්නාරම දිසා අධිකරණ ගොඩනැඟිල්ලට ගල්මුල් ප්‍රහාරයක්‌ එල්ල කළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරනතුරු අද (31 ) දක්‌වා අධිකරණ වර්ජනය කිරීමට උතුරේ සියලුම නීතිඥවරු ඊයේ තීරණය කළහ. මේ අනුව යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වවුනියාව යන අධිකරණවල යළි රාජකාරි කටයුතු සිදුවීමට නියමිතව ඇත්තේ අගෝස්‌තු 2 වැනිදාය. රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා මන්නාරම අධිකරණයට ගල් ගැසූ පුද්ගලයා රටම හඳුනාගෙන ඇතත්, පොලිසිය ඔහු මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නොමැත. මේ අතර සිය නඩු විභාග සඳහා විශාල පිරිසක්‌ ඊයේ (30 දා) උතුරේ අධිකරණවලට පැමිණි නමුත් ඔවුන්ගේ නඩු විභාග කිරීම ලබන සැප්තැම්බර් හා ඔක්‌තෝබර් මස දක්‌වා කල් දැමිණි. ලබන 6 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ වන විට මක්‌කම වන්දනාවේ ගොස්‌ ය. මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ගල් ගැසීම ට එරෙහිව උතුරේ පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව නීතිඥවරු ගෙන යන අරගලය මෑතකාලයේ ශ්‍රී ලාංකීය නීතිඥවරු දැක්වූ ප්‍රබලම විරෝධතා ව්‍යාපාරය වේ. එම සටන හුදකළා නොකර රක ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන නීතියේ ආධිපත්‍යය ගරු කරන අධිකරණයේ ස්වාධීනත්වය ගරු කරන සියලු පුරවැසියන්ගේ යුතුකමකි. වගකීමකි
Read More

දැරිය කෙළෙසූ අය හඳුනා ගනී

13 හැවිරිදි දැරියක් පි‍ටකොටුවේදී රවටාගෙන ගොස් ගල්කිස්සේදී ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, සැකකරුවන් දෙදෙනකු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී හදුනා ගැනිණ. ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද නියෝග ක‍ළේය. අදාළ දැරිය, සිය මව පැමිණෙන තුරු පිටකොටුවේ බස් නැවතුම්පළේ සිටියදී සැකකරුවන් ඇය රටවාගෙන ගොස් ගල්කිස්සේ නිවසකදී ඇයට ලිංගික අතවර කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
Read More

ඔලිම්පික් උළෙලේදි උණුසුම් තත්ත්වයක්

ඔලිම්පික් උළෙලේදි තමන්ට අසාධාරණයක් සිදු වූ බව දකුණු කොරියා ෆෙන්සින් ක්‍රීඩිකා අයි ශිං ප්‍රකාශ කළාය. ඇය පැවසුවේ, අවසන් පුර්ව තරගයේදි තමන්ට හිමිවීමට තිබූ ලකුණු ප්‍රතිවාදියාට ලබාදීම හේතුවෙන් ඔලිම්පික් උළෙලෙන් ඉවත්විමට සිදුවූ බවය. කඩුහරඹ කාන්තා කේවල අර්ධ අවසන් පූර්ව අවසන් වටයේ තර/යකදී මෙම සිදුවීම දක්නට ලැබුණි. ජර්මානු ක්‍රීඩිකාව සමග තරග කළ අයි ශිං ආරම්භයේ සිටම දක්ෂ තරග රටාවක් ප්‍රදර්ශනය කළේය. එහෙත් එහිදී උණුසුම් තත්ත්වයක් මතුවුණේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගේ ලකුණු සමානවීමෙන් අනතුරුව තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදි තමන්ට හිමි ලකුණු ප්‍රතිවාදී ක්‍රීඩිකාවට ලබා දුන් බවට අයි ශිං පැවසීමත් සමගිනි. ඇයගේ පුහුණුකරු ද මෙම සිද්ධියට විරෝධය පල කළෞය. කෙසේ වෙතත් අයි ශිං ට අවසානයේදි හිමවූයේ පරාජයයි.
Read More

උතුර අනතුරුදායක නැහැ

උතුරේ සංචාරය සඳහා ඕස්ට්‍රේලියානු වැසියන්ට පනවා තිබූ සංචාරක අනතුරු ඇඟවීම එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරනු ලැබ තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සංචාරය සඳහා තවදුරටත් අනතුරු ඇඟවීමක් නොකරන බවයි. කිලිනොච්චිය හා යාපනයේ සංචාරය නොකරන ලෙස ඕස්ට්‍රේලියාව මීට පෙර සිය වැසියන්ට අනතුරු අඟවා තිබුණි. කෙසේවෙතත්, උතුරේ සංචාරය පිළිබඳ එම සංචාරක අනතුරු ඇඟවීම ඉවත් කළ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සිය වැසියන්ට උපදෙස් දී සිටින්නේ, දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.
Read More

රූටා ලිතුවේනියාව රනින් බබළවයි

ලිතුවේනියාව මෙවර ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එම රන් පදක්කම හිමිකර දෙනු ලැබුවේ, 15 හැවිරි පිහිනුම් ක්‍රීඩිකා රූටා මෙලඌටී විසිනි. ඇය මීටර් 100 ලයආර ඉසව්ව මිනිත්තුවයි තත්ත්පර 5.47කින් නිම කරමින් සිය දක්ෂතාව ප්‍රදර්ශනය කළාය. එහි දෙවැනි ස්ථානය අමෙරිකාවේ සෝනි රොබෙකාට හිමි වූ අතර තෙවැනි ස්ථානය ජපානයේ සතොමි සුසුකිට හිමි වූහ. ඊට අමතරව කිලෝ ග්‍රෑම් 73 බර පන්තිය යටතේ පිරිමි ජූඩෝ රන් පදක්කම දිනා ගැනීමට රුසියාවේ මන්සූර් ඉසෙව් සමත් විය. ජපානයේ රිකී නකයා එහි රිදී පදක්කමට හිමිකම් කී අතර මොංගෝලියාවේ නියාර් ඔචියි හා ප්‍රංශයේ උගො ලෙගාර්ඩ් ලෝකඩ පදක්කමට හිමි කම් කීහ. මේ අතර කිලෝ ග්‍රෑම් 57 බර පන්තිය යටතේ කාන්තා ජූඩෝ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජපානයේ කඔරි මත්සුමොතො සමත් වූවාය. රිදී පදක්කම රුමේනියාවේ ක රිනා කැප්‍රිරිටත් , ලෝකඩ පදක්කම අමෙරිකාවේ මාර්ටින් මලෝයිත් හා ප්‍රංශයේ ඇන්ටෝමෙන් පව්ලාත් දිනා ගත්හ.
Read More

පෙළපාළියට පොලීසියෙන් බාධා

ජනතා විමුක්ති පෙරමුණ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සංවිධානය කර තිබෙන රථ පෙළපාළියේ පස්වැනි දිනය අදයි. ජනතාව පෙළන පාලනයට එරෙහි ජන පෙළගැස්ම ලෙස මෙම රථ පෙළපාළිය නම් කර තිබේ. රථ පෙළපාළිය දඹුල්ලෙන් ගමන් ආරම්භ කිරීමට පෙර කැකිරාව පොලීසිය දැනුම්දෙනු ලැබූවේ, මැතිවරණ නීති උල්ලංඝනය නොවන ආකාරයෙන් එය ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ අනුව රථ 4 බැගින් කැකිරාව බුලාගල සිට ගමන් කිරීමට පොලීසිය උපදෙස් දී තිබේ. අනතුරුව පෙළපාළිය දඹුල්ලෙන් ගමන් ආරම්භ කළ අතර එය කැකිරාව මරදන් කඩවල අනුරාධපුර හරහා මැදවච්චිය දක්වා ගමන් කිරීමට නියමිතයි.
Read More

Monday, 30 July 2012

නව මානයකින් ලෝකය අර්ථකථනය කළ, අභියෝගයට ලක් කළ නොහැකි දර්ශනය "මාක්ස්වාදය"

ජර්මනියේ රයින්ලන්තයේදී 1818 දී නීතිඥයකු වූ යුදෙව් ජාතික පියෙකුට හා ජර්මන් ජාතික මවකට දාව කාල්මාක්‌ස්‌ උපත ලැබීය. බර්ලින් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නීති විද්‍යාව, දර්ශනය හා ඉතිහාසය හැදෑරීය. 1842 දී ක්‌ලෝන්වල (Clogne) පුවත්පතක (Rheinishe Zeitung) කර්තෘ මණ්‌ඩලයට බැඳුණි.

එහෙත් 1843 දී ප්‍රසියා රජය එම පුවත්පත මර්දනය කළ අතර ඉන්පසු කාල්මාක්‌ස්‌ ප්‍රංශයට පැමිණියේය. එහිදී ඔහුට සමාජවාදී චින්තකයකු වන ප්‍රොදැන් (Prond hon) රුසියානු අරාජිකවාදියකු වූ බකුනින් (Bakunin) සහ ප්‍රෙඩ්රිග් ඒංගල් (Fredrich Engle) මුණ ගැසිණි. 1845 දී ඔහු ප්‍රංශයෙන්ද ප්‍රසියානු ආණ්‌ඩුවේ මැදිහත්වීම මත නෙරපා හරින ලද අතර ඉන්පසු බ්‍රසල්ස්‌වලට පැමිණි මාක්‌ස්‌ ඒංගල්ස්‌ගේ සහාය ඇතිව 1848 දී "කොමියුනිස්‌ට්‌ ප්‍රකාශය" ප්‍රකාශයට පත් කළේය. 1849 දී බ්‍රසල්ස්‌ වලින් ද මාක්‌ස්‌ නෙරපා හැරි අතර ඉන්පසු ලන්ඩනයට පැමිණි ඔහු 1883 මියයන තෙක්‌ම ලන්ඩනයේ ජීවත් විය.

කාල්මාක්‌ස්‌ගේ විෂය පථය නිශ්චිත එක්‌ විෂයක්‌ කරා සීමා වූ එකක්‌ නොවීය. ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, ඉතිහාසය, දර්ශනය, නීතිය, සමාජ විද්‍යාව ආදී බොහෝ විෂය ක්‍ෂේත්‍ර ඔස්‌සේ ඔහුගේ අදහස්‌ පැතිර යන්නට විය. "ලෝකයේ බිහිවූ දාර්ශනිකයන් බොහෝ විට කළේ පවතින තත්ත්වය අර්ථකථනය කිරීමයි. එහෙත් අපගේ අරමුණු පවතින ලෝකය වෙනස්‌ කිරීමයි."

කාල්මාක්‌ස්‌ කර ඇති මේ ප්‍රකාශය තුළින් ඔහුගේ දර්ශනය තුළ ඇති නැවුම් හඳුනා ගත හැක. සම්ප්‍රදායික තත්ත්වයෙන් ඔබ්බට ගොස්‌ නව ආරකට ලෝකය අර්ථකථනය කිරීම මාක්‌ස්‌ විසින් සිදු කර ඇත. ඔහුගේ සමාජ දර්ශනය ස්‌වයංජාත එකක්‌ නොවීය. එවකට සමාජ, ආර්ථික, දේශපාලනික ක්‍රියාකාරිත්වය තුළ සිදුවූ වෙනස්‌කම් හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ කරන ලද අධ්‍යයනය තුළින් මාක්‌ස්‌ තම දර්ශනය ඉදිරිපත් කරන ලදී.

ඔහුගේ යුගයේදී ලෝකය තුළ ධනවාදය උග්‍රව පැතිර ගොස්‌ තිබිණි. ධනවාදයේ අතුරුඵල ලෙස බිහි වූ සමාජ ගැටුම් සමාජය වෙලා ගෙන තිබිණි. විශේෂයෙන්ම ධනපතියන් විසින් කම්කරුවන් උග්‍ර ලෙස සූරාකෑම හේතු කර ගෙන ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබිණි. ඔවුන්ගේ ජීවන ක්‍රමය අතිශය වේදනාකාරී හා කර්කශ එකක්‌ විය. මේ තත්ත්වය දෙස බැලූ ඇතැම් දාර්ශනිකයන් මේ ක්‍රමය තුළ යම් අසාධාරණයක්‌ ඇති බවත් මෙවැනි තත්ත්වයක්‌ ඇති වන්නේ පෞද්ගලික දේපළ ක්‍රමය නිසාවෙන් බවත්, එබැවින් පොදු දේපළ ක්‍රමයක අවශ්‍යතාව පිළිබඳ මත දක්‌වන්නට විය. එහෙත් එවැනි ක්‍රමයක්‌ ඇතිවූයේ ඇයිද යන්නත් එම ක්‍රමය වෙනස්‌ කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් ඔවුන් සතු ක්‍රමයක්‌ නොවීය. රොබට්‌ ඖවන්, චාල්ස්‌ පූරියේ, සෙන්සිමෝ ආදීන් මෙවැනි මතධාරීන් විය. පසු කලක මාක්‌ස්‌ මොවුන් මනෝරාජිත සමාජවාදීන් ලෙස හැඳින් වූයේ පෙර කී ලෙස සමාජ අසාධාරණයක්‌ ඇතැයි ඔවුන් හඳුනා ගත්ත ද එය විද්‍යාත්මකව අවබෝධ කර ගැනීමට ඔවුන්ට නොහැකි වූ නිසාවෙනි.

එහෙත් කාල්මාක්‌ස්‌ කොමියුනිස්‌ට්‌ ප්‍රකාශය නම් කෘතිය ඒංගල්ස්‌ සමඟ එක්‌ව 1848 දී ප්‍රකාශ කිරීමත් සමඟ මෙම සමාජ යථාර්ථය ලෝකයට ඉදිරිපත් කරන ලදී. එහිදී එම යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා එම වකවානුව තුළ දැකිය හැකි වූ ජර්මන් දර්ශනය ප්‍රංශ විප්ලවකාරී දේශපාලනය හා එංගලන්ත අර්ථ ක්‍රමය යන කරුණු ඔහුගේ අධ්‍යයනය සඳහා බෙහෙවින් දායක විය. මාක්‌ස්‌ මෙම මූලික පදනමේ සිට තම ජීවිත කාලය පුරා ඉදිරිපත් කළ කරුණු විශේෂයෙන්ම 1950 පසු විෂයක්‌ ලෙස පෝෂණය වූ දේශපාලන සමාජ විද්‍යාව විෂය කෙරෙහි ද සුවිශේෂී දායකත්වයක්‌ ලබාදී ඇත. සාටෝරි ප්‍රකාශ කළ ආකාරයට ද දළ වශයෙන් දේශපාලන සමාජ විද්‍යාව ලෙස හඳුන්වන්නේ දේශපාලන විද්‍යාවේත් සමාජ විද්‍යාවේත් විෂයාත්මක එකතුවකි. එම විෂය පෝෂණය වීම කෙරෙහි දේශපාලන හා සමාජය එක්‌කොට දැක්‌වූ අර්ථකථනය බෙහෙවින් ඉවහල් වේ. ඒ හේතු කොට ගෙන දේශපාලන සමාජ විද්‍යාව තුළ සුවිශේෂී තැනක්‌ කාල්ස්‌ මාක්‌ස්‌ගේ මතවාදය වෙත ලැබේ.
Read More

කිරින්දේ අනතුරකින් අයෙකු මරුට: 13කට තුවාලයි

කිරින්ද, තිස්සමහාරාම මාර්ගයේ කාසින්ගම ප්‍රදේශයේදී වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, ලොරියක් සහ පා පැදියක් ගැටීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ පාපැදියේ ගමන්ගත් හක්මන ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ ලොරිය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ 13 දෙනා තිස්සමහාරාම රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරින් තුවාල ලබා ඇත්තේ හසලක ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණෙමින් සිටි පිරිසකි.
Read More

නිලූකට විශිෂ්ට ජයක්

ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරිමවල 8වැනි ස්ථානයේ සිටි ජපාන බැඩ්මින්ටන් ශූර කෙනිචි ටාගෝ පරදා විශිෂ්ට ජයක් වාර්තා කිරිමට 48වැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න අද සමත් විය. කැපවීමෙන් පුහුණුවිම් සිදුකළ නිසා, ඔලිම්පික් උළෙලේ සහභාගි වූ පළමු තරගය ජය ගත් බව ඔහු ලන්ඩන් නුවර සිට චැම්පියන් නෙට්වර්ක් වෙත පැවසීය. අද වෙම්බලී බැඩ්මින්ටන් පිටියේ පැවති මෙම තරගය ආරම්භ වුයේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ටයි. නිලූක කරුණාරත්න තරගයේ පළමු වටය ලකුණු 21ට 18ක් ලෙස ජය ගත්තේය. දෙවන වටය ඔහු ජය ගත්තේ ලකුණු 21ට 16ක් ලෙසය. සී කාණ්ඩයෙන් තමාට නියමිත පළමු සහ එකම තරගය ජයගත් හෙයින් නිලූක පරාජිතයින් පිටු දකින සුපිරි ක්‍රීඩකයින් 16දෙනා අතරට සුදුසුකම් ලබා ගත්තේය. තරගයෙන් අනතුරුව දුරකථනය ඔස්සේ නිලූක කරුණාරත්න චැම්පියන් නෙට්වර්ක් වෙත මෙසේ සිය අදහස් පළ කළේය .
Read More

අකුරැස්ස ප්‍රා. සභාපතිට ඇප නෑ

බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනයට‍ ලක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ඇප ලබා දීම අද ප්‍රතික්ෂේප කෙරිණි. ඒ සැකකරු අද යළි අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. සිද්ධියට අදාළව අත්අඩංගුවේ සිටින සැකකාර ප්‍රාදේශීය සභා පභාපතිවරයා සැකකරුවන් දෙදෙනාම අගෝස්තු 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා නියෝග කළේය.
Read More

තමුසෙලා වගේ නෙවෙයි ඕයි..අපි වැඩකාරයෝ

ඉබ්බාගමුව ආදර්ශ පාසල ද්විතික පාසලක් බවට හැරවිම සදහා පැමිණි දේශිය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතාට විරෝධය පලකල පිරිසකට නායකත්වය දුන් බව පවසමින් පුද්ගලයෙකුට අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් උත්සව භුමියේදිම අමානුෂික ලෙස පහරදි බලහත්කාරයෙන් මුල්ගල තබමින් ප්‍රසිද්ධියේ ජනතාවට තර්ජනය කරමින් කල කතාව ශ්‍රි ලංකා එක්ස් නිවුස් වෙත ලැබි තිබේ. සපිරිපාසල් දහස ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස, ඉබ්බාගමුව මහා විද්‍යාලයේ ප්‍රාතමික අංශය වසා දමා එය ද්වතීක අංශයට එක්කර ඇත. මේ හේතුව නිසා ප්‍රාතමික අංයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිලෝමීටර් 5ක් පමණ දුරක් ඇති කිරිබමුණ විද්‍යාලයට හෝ ඊටත් වඩා දුර ඇති වඩුපොළ හෝ ඉපලව යන පාසල් වෙත යාමට සිදුවන හෙයින් දෙමාපියන් අද අමාත්‍යවරයාට විරෝධය පලකර සිටියා. මෙයට එරෙහිව අද පෙරවරුවේ ප්‍රාතමික අංශයේ සිසු සිසුවියන්ගේ දෙමවුපියන් විසින් උද්ඝො‍්ෂණයක් සිදුකර ඇත. එම අවස්ථාවේ එහි පැමිණි සාලින්ද දිසානායක මහතාට දෙමුපියන් විසින් හූ කියා විරෝධය පළකිරීම නිසා ඔහු ආපසු හැරීගොස් තිබේ. පසුව මැරයන් කිහිපදෙනෙකු සමග පැමිණි ඇමතිවරයා, එම උද්ඝෝෂණය සංවිධානයකළ දෙමවුපියන්ට පහරදී පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමට මුල්ගල තබා ඇත. අද(30) උදැසන අමාත්‍යවරයා සිය බිරිද සහ පළාත් සභා මන්ත්‍රිවරුන් සමග මෙම උත්සවයට සහභාගිවි ඇති අතර ප්‍රදේශයේ ජනතාව මෙම පාසල ද්විතිය පාසලක් බවට හැරවිමට විරෝධය පලකර තිබේ.එහිදි දිගින් දිගටම ජනතාව විරොධය දක්වා ඇති අතර අමාත්‍යවරයා අවස්ථා කිහිපයකදිම ප්‍රසිද්ධියෙම ජනතාවට තර්ජනයකර තිබේ.ඒ අතර තුල මෙම විරෝධයට නායකත්වය දුන් බව පවසමි ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාධරයෙකුවන ප්‍රේමලාල් නැමැත්තාට අමාත්‍යවරයා සෘජුවම තර්ජනය කර ඇති අතර ඒ සමගම ජනතාව අමාත්‍යවරයාට හු...කියා තිබේ.පසුව විරෝධය මධ්‍යයේම උත්සවය පවත්වාගෙන ගිය අමාත්‍යවරයාට ජනතාව දිගටම හු.... කියා තිබේ.පසුව අමාත්‍යවරයාගේ පෞද්ගලික ආරක්ෂකයන් විරෝධයට නායකත්වය දුන්නා යැයි පවසමින් ප්‍රේමලාල් නැමැත්තාට ඉතා දරුණු අන්දමින් පහර දි තිබේ.මේ හෙතුවෙන් මේ වන විට පාසල තුල දැඩි උණුසුම්කාරි තත්ත්වයක් හටගෙන ඇති බවද අප වාර්තාකරු සදහන් කලා. මෙම හඩපටයේ ප්‍රේමලාල් නැමති ප්‍රහාරයට ලක්වු පුද්ගලයා පිලිබ්දවද අමාත්‍යවරයා සදහන් කර තිබේ
Read More

ජන පෙලගැස්ම සාර්ථකව ඉදිරියට මහරගම කිරිබත්ගොඩ

Read More

ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජනබලයක් ගොඩනගනවා - ටිල්වින් සිල්වා

ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජනබලයක් ගොඩනනගන බවත් ඒ සඳහා වැඩකරන ජනතාව, ගොවියෝ, ධීවරයෝ, වගේම ශිෂ්‍යයෝ, ගුරුවරු, දෙමව්පියෝ මේ සියල්ලන්ම ජවිපෙ වටා එක්වෙමින් ඉන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඒ මහතා ඒ බව පැවසූවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරල ලද 'ජනතාව පෙලන පාලනයට එරෙහි ජන පෙලගැස්ම' රථ පෙළපාලිය අතරතුරදීය. මේ වන විට එම පෙළපාලිය කුරුණෑගල නගරය පසුකර ඇති අතර එහිදී අඹුඩ ඇඳගත් ගොවින් පිරිසක්ද පෙලපාලිය සඳහා එක්ව ඇත. ඒ අවස්ථාවේදී ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා දැක්වූ අදහස් පහත පළ වේ. "ඔබ කවුරුත් දන්නවා අද අපි කුරුණෑගලට ආවේ පසුගිය 27 දෙවුන්දරතුඩුවෙන් ආරම්භ කර පේදුරුතුඩුවට ගමන් කරන අති දැවැන්ත ජන පෙළගැස්මේ එක් අවස්ථා විදියටයි. වර්තමාන ආණ්ඩුවේ හැම ජන කොටසක්ම පීඩාවට පත්කරලා තියෙනවා. වැඩකරන ජනතාව, ගොවියෝ, ධීවරයෝ, වගේම ශිෂ්‍යයෝ, ගුරුවරු, දෙමව්පියෝ මේ සියල්ලම මහින්ද රාජපක්ෂ පාලනය නිසා අද පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ පීඩාවට පත්වුණු අපේ රටේ සියලු ජනතාව දැනුවත් කිරීමට, අවදිකිරීමට, පෙළගැස්වීමට තමයි අද ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට නිර්මාණය කරන ලද දැවැන්තම සහ දීර්ඝතම රථ පෙළපාලිය ආරම්භ කරලා තියෙන්නේ. දවස් තුනක් තිස්සේ අතිසාර්ථකව පවත්වපු මේ ජන පෙළ ගැස්මේ 04 වෙනි දවසේ ඇතුගල් පුරයේ ජනතාව හමුවෙන්න, අමතන්න අද ජනතා විමුක්ති පෙරමුණ ඇවිත් තියෙන්නේ. මාතර, ගාල්ල, කළුතර, කොළඹ, ගම්පහ, කෑගල්ල දිස්ත‍්‍රික් පහුකරලා ආව මේ ගමනේදී අපි හිතුවට වැඩි ජනතා ප‍්‍රසාදයක් ජනතා විමුක්ති පෙරමුණට ලැබුණා. අපිත් එක්ක දකුණේ ධීවර ජනතාව අත්වැල් බැඳගත්තා ඉන්ධන සහන දෙනවා කියලා රවටපු ආණ්ඩුව ගෙදර යවන තුරු ජවිපෙ සමග ඉන්නවා කියලා. අපි කොළඹට එනකොට අපේ රටේ වැඩකරන ජනතාව රටේ තියෙන විශාලම වෘත්තීය සමිති ව්‍යාපාරය ජවිපෙ නායකත්වය යටතේ ජනතාව සමග අරගල කරන්න අත්වැල් බැඳගත්තා. අපි අද උදේ කුරුණෑගලට එනවිට අපේ රටේ වත්මන් ආණ්ඩුවෙන් පීඩාවට පත්වෙලා ඉන්න වතුර නැතුව, සහන නැතුව, වන්දි නැතුව, විශ‍්‍රාම වැටුප නැතුව අපහසුතාවයට පත්වෙලා ඉන්න රටේ විශාලතම ජන බලවේගය වන ගොවි ජනතාව ජවිපෙ සමග අත්වැල් බැඳගත්තා. ඒ නිසා අපිට විශ්වාසයි මේ සටන මහින්ද රාපක්ෂ පාලනය ගෙදර යවලා ජනතා පාලනයක් ගොඩනගන තෙක් ඉදිරියට යනවා කියලා. අපේ රටේ වඩාත් දුෂ්කරතාවයට පත්වෙලා ඉන්නේ ගොවි ජනතාව. මේ ආණ්ඩුව ගොවියන්ට මොන තරම් බොරු කිව්වද. මහින්ද රාජපක්ෂ කුරහන් සුවඳ හඳුනන ගොවි ජනතාවගේ නියෝජිතයෙක් කියලා කිව්වා. කුරහන් සාටකේ දාගෙන ගොවි ජනතාව ගැන මහ ඉහළින් කතා කරපු මහත්තයා අද ගොවියා වහ බොන තත්වයට පත්කරලා තියෙනවා. අද ගොවියා මහ පාරේ අරගල කරන තත්වයට පත්කරලා. මඩ හෝදාගත් කළ ගොවියා රජෙක් කිව්වට අපේ රටේ ගොවියට වගා කරන්න තියා මඩ හෝදාගන්නවත් ගොවියට වතුර පොදක් නැති කරලා තියෙනවා මේ ආණ්ඩුව. ඒ නිසා ගොවි ජනතාවට අයිති ඉහළම සම්පත මේ ආණ්ඩුව බහුජාතික සමාගම්වලට විකුණන්න පටන් අරගෙන තියෙනවා. අද මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කි‍්‍රයා කරමින් ඉන්නේ අධිරාජ්‍යවදීන්ගේ ප‍්‍රතිපත්තිවලට අනුව. ගොවියගේ ඉඩම් ටික ඔවුන්ගේ දූදරුවන්ට දෙනවා වෙනුවට බහුජාතික සමාගම්වලට විකුණමින් ඉන්නවා. පොළොන්නරුවේ අක්කර 5000ක භූමියක් දුන්නා. මහවැලියේ ගොවීන්ට ඉඩම් නැහැ. මොණරාගලින් අක්කර 2500ක් ඩෝල් සමාගමට දුන්න. තාප්පේ ගහනවා ඇමරිකාවට යට නොවෙමු කියලා නමුත් රටේ ඉඩම් ටික ඇමරිකාවට යටවෙලා ඔවුන් කොම්පැනිවලට දෙනවා. සංචාරක කර්මාන්තය මුවාවෙන් වැව්ටික විනාශ කරනවා. ගොවියට වතුර ගන්න වැව සී ප්ලෙන් බානවා. රනිල් වික‍්‍රමසිංහ ගෙනාපු රිගේනින් ශී‍්‍ර ලංකා වැඩපිළිවෙලේ ප‍්‍රතිපත්ති මහින්ද රාජපක්ෂ මහත්තයා කි‍්‍රයාවට නගමින් ඉන්නවා. කෘෂිකර්මාන්තයෙන් වී ගොවිතැන ඉවත් කරන්න හදන්නේ. ලංකාවේ කෘෂිකර්මාන්තය පාලනය කරන්නේ බහුජාතික සමාගම්වලින්. ගොවිජනතාව බහුජාතික සමාගම්වලට බිලි දීපු ආණ්ඩුවක් මේක. ඒනිසා අපේ ගොවිජනතාව තමන්ගේ අයිතිය වෙනුවෙන්, ඉඩම්වල අයිතිය වෙනුවෙන්, මාතෘ භූමියේ අයිතිය වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහිව ගොවියන් සටන් වදින්න සූදානම් කියලා අද ඔප්පු කරලා තියෙනවා. අපි සහතික කරලා කියනවා පේදුරුතුඩුව දක්වා යන මේ ගමනේ හමුවන සහයෝගය දෙන ගොවියන්, ධීවරයන්, කම්කරුවන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, බුද්ධිමතුන් එක්කරගත් දැවැන්තම ජනබලවේගය නිර්මාණය කරනවා කියලා. කල්පනා කරලා බලන්න මේ ආණ්ඩුවට එරෙහිව සියලූම ජනතාව අරගල කරා. පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුපට විරුද්ධව පෞද්ගලික අංශයේ සේවකයින් පාරට බැස්සා. ජවිපෙ වෘත්තීය සමිතිය ඒ සටනට නායකත්වය දුන්නා. දස දහස් ගණනක් සේවකයින් ජීවිත පූජා කරලා රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළා. ඊට පස්සේ ජොනී ගෙනාපු කූඩ නීතිය අපේ රටේ ගොවියා පාරට බැහැලා සටන් කරලා ඒක පරාජයට පත් කළා. ඒ වගේම තමයි මේ ආණ්ඩුව අධ්‍යාපනය විනාශ කරමින් ඉන්නවා. අධ්‍යාපන ඇමති බාන දරුවන්ගේ අනාගතය විනාශ කරමින් ඉන්නවා. ඒ වෙනුවෙන් සටනක් තියෙනවා. පහුගිය දවස්වල ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් සටන් කරා. මේ රටේ ජනතාව දෙමව්පියෝ බාරට බැස්සා. ආණ්ඩුව පස්සට තල්ලු කරන්න එයින් හැකිවුණා. අන්තිමට ආණ්ඩුව උසස් පෙළ දරුවන්ගේ ඉසෙඞ් ලකුණු අවුල් කළා. ඒ නිසා අපේ රටේ විශ්වවිද්‍යාලවලට තේරුණු සිසුන්ට සිද්ධ වුණා සියලුම දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුලත් කරගනිල්ලා නැත්තනම් බැහැලා පලයල්ලා කියලා කියන්න. අපේ රටේ බුද්ධමත්තු විශ්වවිද්‍යාල ආචාර්යවරු පාරට බැහැලා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සාමාන්‍ය කම්කරුවාගේ සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරයා දක්වා මහපාරට ඇදලා දාලා තියෙනවා. ඒක හොඳයි මහපාරේ සටන තමයි ජයග‍්‍රහණය කරන්නේ. ඒ ජනතා බලවේගය තමයි දකුණේ සිට උතුරට සංවිධානය කරන්නේ. පහුගිය කාලේ අපේ රටේ ජනතාව කිව්වා මේ ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ ඒත් ආණ්ඩුව ගෙදර යවන්න හොද විපක්ෂයක් නැහැ කියලා. ඒ විපක්ෂය කිව්වේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩි ආසන ගානක් තියෙන එක්සත් ජාතික පක්ෂයට. එජාපේ අභ්‍යන්තර ප‍්‍රශ්න නිසා ඇදවැටිලා. හැබැයි ජවිපෙ අපි තේරුම් අරගෙන තියෙනවා මේ ආණ්ඩුව ගෙදර යවලා සාධාරණ සමාජයක් ගොඩනගන්න ඇත්ත බලය තියෙන විපක්ෂයක් නිර්මාණය කරන්න ඕන කියලා. ඒ විපක්ෂය රටේ ගොවීන්, ධීවරයින්, කම්කරුවන්, ශිෂ්‍යන්, කාන්තාවන් තරුණයින් එකතු කළ සටන් මධ්‍යස්ථානයක් විය යුතුයි. ඒ මධ්‍යස්ථානය නිර්මාණය කරන්න තමයි මේ උද්ඝෝෂණ මාලාව පටන් ගත්තේ. අපි විශ්වාස කරනවා මේ දුර්දාන්ත පාලනය එලවලා දමන සටන් මධ්‍යස්ථානය නිර්මාණය කරන උද්ඝෝෂණ මාලාව තමයි මේ ආරම්භ වෙලා තියෙන්නේ. ඉතාමත් ශක්තිමත්ව ඉදිරියට යනවා. සියලු දෙනාගේ සහයෝගය අපිට තියෙනවා. එයත් සමග ජයග‍්‍රහණය තෙක් යන්න ලෑස්තියි. වත්මන් ආණ්ඩුව ජනතාව මත දැවැන්ත බදුබරක් පටවලා තියෙනවා. කිරිපිටිවලට බදුගහලා, තෙල්වලට බදු ගහලා, සීනීවලට, අලගෙඩියට බදුගහලා හම්බ කරනවා. ඒ මුදල් විවිධ දේවල් වලට විනාශ කරමින් ඉන්නවා. දැයට කිරුල ප්‍රෝඩාවට කෝටි 2000ක් විනාශ කරනවා. හැබැයි ගොවියගේ වී ටික මිලදී ගන්න වෙන් කරන්නේ කෝටි 500ක් පමණයි. මහින්ද රාජපක්ෂ කියුබාවේ, බ‍්‍රසීලයේ යන්න ගුවන් යානා වෙන්කරගන්නවා. පහුගිය වසරේ එයාර් ලංකා පාඩුව රුපියල් කෝටි 1900ක්. කවුද මේ පාඩුව දරන්නේ මහා භාණ්ඩාගාරය. මුළු පවුලම යන්නේ උඩින්. පාර කාපට් කරාට ඒ අය උඩින් යන්නේ. සභාපති මහින්ද මහත්තයාගේ මස්සිනා. අතේ බඳින ඔරලෝසුව ලක්ෂ 40ක් කියලා පත්තරේ දාලා තිබුණා. රටේ මහජන මුදල් නාස්ති කරන්නේ එහෙම. ඒ අතරේ බාල අපරාධ වැඩිවෙලා, ස්ත‍්‍රී දූෂණ වැඩිවෙලා, තරුණයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා. රටේ කටුගෙය හොරු කඩපු යුගයක අපි ජීවත් වෙන්නේ. හොරු අල්ලන්න බැරිවුණා. පොලීසියට උඩින් තමයි හොරු ඉන්නේ. ආණ්ඩුවේ නගරාධිපතිවරු, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු අපරාධවල ප‍්‍රමුඛයින් වෙමින් ඉන්නවා. හොරකම් කරනවා, පගා ගහනවා. අද මේක වසන්ගතයක් වෙලා. මේ ආණ්ඩුව ජනතාවට වසන්ගතයක් වෙලා. මේ ආණ්ඩුව ගෙදර යවනවා හරෙන්න වෙන උත්තරයක් නෑ. ඒ වගේම තමයි ජනතාවට සහන දෙන සාධාරණ සමාජයක් ජනතා පාලනයක් ගොඩනගන්න ඕන. ඒ සඳහා තමයි අපි මේ සටන් කරන්නේ. අපි සහතික කරලා කියනවා. මේ සටන ජනතා විමුක්ති පෙරමුණට උපත දිපූ දකුණෙන් ආරම්භ කළා. ඒ ගමන පේදුරුතුඩුවෙන් අවසන් කරන කොට දැවැන්ත ජනබලවේගය ගොඩනගනවා කියලා අපි කියනවා. ඒ වගේම තමයි මේ රටේ සමාජය වෙනස් කරන අත්තිවාරම දානවා කියලා අපි සහතික කරනවා. ආණ්ඩුවේ මාධ්‍ය මුනිවත රකිමින් ඉන්නවා. මේ සටන් යටගහන්න උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි ආණ්ඩුවේ ඇමතිවරු කීපදෙනෙක් ජවිපෙ පෙළපාලියේ ප‍්‍රචාරක කාර්යභාරය කරමින් ඉන්නවා. කතා නොකර ඉන්න බැරි විදියේ උද්ඝෝෂණයක් ජවිපෙ ආරම්භ කරලා තියෙන්නේ. එය ජයග‍්‍රහණයෙන් කෙළවර කරන්න ජවිපෙ සමග එක් වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
Read More

Sunday, 29 July 2012

විදුහල්පති ඝාතනයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගාල්ල, යක්කලමුල්ල, මිනුවන්දෙනිය කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ සැකකරුවන් අද බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අවුරුදු 18, 20 හා 21 වයසැති තරුණයින් තිදෙනෙකු සහ 46 හැවිරිදි කානතාවකි. මේ අතර වැඩබලන මහේස්ත්‍රාත්වරය අද පස්වරුවේ අපරාධය වූ ස්ථානය නිරීක්ෂණය කළේය. මීට අදාළ මහේත්‍රාත් පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්විය. ඊයේ පස්වරුවේ මෙම විදුහල්පතිවරයා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරුණේ ඔහුගේ නිවස අසලදීය. පහරදීමෙන් විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද බරපතල තුවාල ලැබිණි. ආරවුලක් දුරදිගයාමෙන් ඝාතනය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ ක‍ළේය. සිද්ධියට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. ‍ මෙහි ප්‍රධාන සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කළේය. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබේ
Read More

ඉසෙඩ් අගයට එරෙහි විරෝධතාවකට පොලිසියෙන් බාධා

ඉසෙඩ් ලකුණු ගැටලුවට විසඳුම් නොදීමට එරෙහිව දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සංවිධානය කළ විරෝධතාවක් පොලිසියි විසින් අද වළක්වනු ලැබිණි. දෙහිඅත්තකණ්ඩිය ඔරලෝසු කණුව ආසන්නයේදි මෙම විරෝධතාව පැවැත්වීමට ජාතික යොවුන් පෙරමුණේ සහ සරසවි යොවුන් පෙරමුණේ සාමාජිකයින් පැමිණ සිටියදී එම ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණියේය. විරෝධතාව සංවිධානය කර තිබුණේ ඉසෙඩ් ලකුණු ගැටලුව නිසා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිසුවියක වස පානය කළේ යැයි පැවසෙන සිද්ධියකට අදාළවයි. මේ අතර උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය යළි නිකුත් වීමෙන් පසු අසාධාරණයට ලක් වූ සිසුන් පිරිසක් අද පෙරවරුවේ බණ්ඩාරවෙල නගරයේ විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාවට ඌව පළාතෙන් පසුගිය උසස් පෙළ විභාගහට පෙනී සිටි සිසුන් පිරිසක් සහභාගි විය. ඔවුන් බලධාරීනගෙන් ඉල්ලා සිටියේ තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙසය. මේ අතර පසුගිය උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය යළි නිකුත්වීමෙන් පසු අසාධාරණයට ලක් වූ ළමුන්ගේ තොරතුරු ලබා ගැනිමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි ලේකම් අචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සදහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් මෙම කටයුතු සිදුකරන බවය. ඒ අනුව එලෙස හදුනාගන්නා සිසුන් සම්බන්ධයෙන් සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුලත් කර ගැනිම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරන බව ද ඔහු සදහන් කළේය. ලේකම්වරයා අවධාරනය කළේ උසස් පෙළ ඉසෙඩ් අගය යළි නිකුත් කිරිම හේතුවෙන් කිසිදු ළමයෙකුට අසාධාරණයක් සිදුවිමට ඉඩ නොතබන බවය
Read More

හේෂාන්ට අවසන් පූර්ව වටය අහිමි වෙයි

ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකාවේ පිහිනුම් ශූර හේෂාන් උණම්බුවට මීටර් 100 පසුපස ආර ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත නොහැකි විය. ඔහු එම ඉසව්වේ මූලික වටයේ තරගය අවසන් කළේ දෙවැන්නා ලෙසයි. උණම්බුව ඊට ගත කළ කාලය තත්පර 57යි දශම 8යි 4කි. නමුත් මීටර් 100 පසුපස ආර ඉසව්වෙන් හේෂාන් උණම්බුව වාර්තා කළ සිය දෙවැනි හොදම දක්ෂතාවය මෙය වේ. බාබඩෝස්හි බ්‍රැඩ්ලි ඇලී එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර තුන්වන ස්ථානය සැම්බියාවේ සේන් ජොර්ඩ්න්ට හිමිවිය.
Read More

පෙරටුගාමී බල අරගලය හා මාක්ස්වාදී වැකි පුනරුච්ඡාරණය

පෙරටුගාමී සමාජවාදී පක්ෂ සම්බන්ධයෙන් පලවූ මෙම ප්‍රවෘත්තිය බොහෝ දෙනකුගේ ඉල්ලීම පරිදි සංශෝදනයකින් තොරව පළ කරනු ලැබේ. ප‍්‍රායෝගිකවාදයේ බූමරංගය රාතී‍්‍ර මගී බස් වලට ඉද හිට ගොඩවන ඩෝප්කාරයන්ගේ විකාර සහගත හැසිරීම බස් රථවල නිතර ගමන් ගන්නා අය මුහුණ දෙන අප‍්‍රසන්න අත්දැකීමකි. මෙවැනි ඩෝප් කාරයන්ට ඉදගැනීමට එක සීට් එකක් මදිය. දෙක තුනක් අවශ්‍ය වේ. බස් රථයේ ප‍්‍රධානියා රියදුරු මහතා සහ කොන්දොස්තර මහතා නොව තමා බව ඇ`ගවීමට උත්සාහ කරයි. ඇතැම් විටෙක පොදු හැගීම උත්සන්න වී බස් රථයේ සිටිනා මගීන්ව සිප වැළද ගැනීමට ද උත්සාහ කරයි. බොහෝ විට ගමනාන්තයට පෙරම යම් සංග‍්‍රහයක්ද ලබා දී මෙවැනි ඩෝප්කාරයන්ව අතරමග බස්සවා යාම ඔවුන්ගෙන් බේරීමට නිතර පාවිච්චි කරනා උපක‍්‍රමයකි.
නිශා සමයේ මෙසේ බස් රථ වලින් අතරමගදී මහමගට වීසිවන ඩෝප්කාරයින් බස් රථයෙන් තමන් එළියට විසි වූයේ තමන්ගේම වරදින් යැයි කිසි දිනෙක පිළි නොගනී. ඒ වෙනුවට වෙනත් විවිධ හේතු සපයයි. එක්කෝ බස් රථයේ සෙනග වැඩි නිසා බසයෙන් බැස ඉතිරි දුර පයින්ම යාමට තීරණය කර ඇත. නැත්නම් කොන්දොස්තර මහතා ටිකට් නොදෙන නිසා ඊට විරෝධය පෑමට බසයෙන් බැස ඇත. නැත්නම් අනෙකුත් මගීන්ගේ විකාර සහගත හැසිරීම් පිළිකෙව් කොට බසයෙන් බැස ඇත. ජවිපෙ බලය ඇල්ලීමට ගොස් එළියට විසි වුණු පෙරටුගාමීන්ද රාතී‍්‍ර බසයෙන් එළියට වැටුණු ඩෝප්කාරයෙකු මෙන් විවිධ හේතූන් ඉදිරිපත් කරන්නට විය. තමන්ගේ අඩුපාඩුකම් හා දුර්වලතා නොදුටු පෙරටුගාමීන් වැඩිපුර කළේ ජවිපෙ හා ලංකාවේ වමේ ව්‍යාපාරය විවේචනය කිරීමයි. එම විවේචන අතරින් ප‍්‍රමුඛතම ගැට`ඵවක් ලෙස ඔවුන් දුටුවේ ලංකාවේ වම විප්ලවය නොකර ප‍්‍රායෝගිකවාදී දේශපාලනයක නිරත වන බවයි. සරල ලෙස කිවහොත් ප‍්‍රායෝගිකවාදය යනු වැල යන අතට මැස්ස ගැසීමයි. මැස්ස තිබෙන විදිහට වැල යැවීම නොවේ.

මේ ගැන පෙරටුගාමී නායකයෙකු වන පුබුදු ජයගොඩ 2011 සැප්තැම්බර් 28 දින කොළඹ නව නගර ශාලාවේ පැවැති දේශනයකදී මෙසේ පවසනවා. ”නව ලිබරල්වාදයේ මේ අගතීන්ගෙන් මුළුමනින්ම ගැලවෙන්න වමේ ව්‍යාපාරයට බැරි වුණා. වමේ ව්‍යාපාරය නව ලිබරල්වාදයට එරෙහි සටන් පාඨ අතේ තියාගෙනම එහි අගතීන්ට ගොදුරු වුණා. පැවැත්ම සඳහා හෘද සාක්ෂිය අතහරින්න ලොව පුරා වමේ ව්‍යාපාරවලට බල කෙරුණා. ඒක ජාත්‍යන්තරවත් එහෙමයි, දේශීයවත් එහෙමයි. ලොව පුරා වමේ ව්‍යාපාර උපයෝගීතාවාදයට, ප‍්‍රායෝගිකවාදයට ගියා. නිවැරදි ප‍්‍රතිපත්ති මත කකුල් තියාගෙන මුහුණ දෙනවා වෙනුවට පරිසරයට අනුව හැඩගැසෙන සත්තු වගේ තත්වයන්ට අනුව අනුවර්තනය වෙන්න වමේ ව්‍යාපාරවලට සිදු වුණා.” මේ ගැනම පෙරටුගාමීන්ගේ නිළ නොවන නායකයා වන පේ‍්‍රමකුමාර ගුණරත්නම්ද ඉතාලියේ විවර ඊ නිවුස් වෙබ් අඩවියට ලබාදුන් සාකච්ඡුාවේදී, තමන්ගේ සටන ප‍්‍රායෝගිකවාදයට සහ උපයෝගීතාවාදයට එරෙහි එකක්් බව පැවසීය. පුබුදුගේ සහ ගුණරත්නම්ගේ ඉහත ප‍්‍රකාශයන්ට අනුව ජවිපෙ පමණක් නොව, ලංකාවේ වම පමණක් නොව ලෝක වමේ ව්‍යාපාරයද වැරදිය.

නිවැරදි, මේ දුටු වැරදි නිවැරදි කරගෙන සිටිනා පෙරටුගාමීන් පමණි. පුබුදු ජයගොඩට පසු 2011 ඔක්තෝම්බර් 25 වන දින මහජන පුස්තකාලයේ පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් චමීර කොස්වත්ත ද ඊට සමාන අදහසක් මෙසේ පැවසීය. ”පංතිය සංවිධානය කරන්නේ කොහොමද කියා සාකච්ඡුා කරනවා වෙනුවට සමාජය වෙනස් කිරීම අතරමග අතහැර දැම්මා. ඒ වගේම පැරණි වම කලා වගේ ප‍්‍රායෝගික තත්වයන්ට අනුගත වෙලා ප‍්‍රායෝගිකවාදයට යාමත් නොවෙයි. පැරණි වමට සිදු වුණේ, සමාජය වෙනස් කරන්න අමාරුයි කියලා උපයෝගීතා දෘෂ්ටියකින් බලලා, ඡුන්ද ටිකක් කඩා ගන්න උත්සාහ කළා. එදා ඉපැරණි වම ඒක කළා, දැන් පැරණි වම ඒක කරමින් සිටිනවා. ඒ නිසා මේ ක‍්‍රියාවලිය තුළම නව දේශපාලන කතිකාවක, නව වමක ඇරඹුම ඉල්ලා සිටිනවා. එය, සම්මුතිය වෙනුවට අසම්මුතිය පිළිගන්නා, ප‍්‍රායෝගිකවාදයට නොයන දේශපාලනයක් විය යුතුයි.” පෙරටුගාමීන් මේ ඉදිරිපත් කරන විවේචන හා චෝදනාවන් සත්‍ය ලෙසම ඔවුන්ගේ පසුගිය භාවිතයේදී නිවැරදි කර ගත්තාද? ඔවුන්ගේ භාවිතය එම විවේචන හා චෝදනාවලින් තොර එකක් වීද? යන්න වමට හිතවත් හා ප‍්‍රගතිශීිලී බොහෝ දෙනාගේ නිරීක්ෂණයට ලක් විය.

සමහරුන්ගේ කුකුසට ද ලක් විය. සමහරුන්ගේ ඇගයීමකට ද ලක් විය. පුබුදු, කුමාර් හා චමීර විසින් 2011 සැප්තැම්බර් හා ඔක්තෝම්බර් වල දී පමණ කරන ලද පැහැදිලි කිරීම් සහ විවේචන ඔවුන්ගේම භාවිතය සමග සැසදීමට මීට පෙර නොහැකි වූයේ, ඔවුන්ගේ පක්ෂය බිහිකර ඔවුන්ට වැඩ කිරීමට යම් කාලයක් දිය යුතුව තිබුණු බැවිනි. නමුත් දැන් නිශ්චිත ලෙසම ඔවුන්ගේ දේශපාලනයට සැලකිය යුතු කලක් (2011 සැප්තැම්බර් සිට 2012 ජූලි*, එනම් මාස එකොළහක් පමණ ගත වී ඇත.එමෙන්ම ඔවුන් ජවිපෙ තුළ බලය ඇල්ලීමේ කුමන්ත‍්‍රණය දියත් කර වසර එකහමාරක් පමණ (ප‍්‍රියන්ත ලියනගේ නමැත්තා කල්ලියට පිරිස් බ`දවා ගැනීමට උත්සාහ කළ 2011 පෙබරවාරි සිට* ගත වී ඇති නිසාම දැන් ජවිපෙ සහ ලෝක වමේ ව්‍යාපාරය ගැන පමණක් නොව පෙරටුගාමීන්ගේ කල්කිරියාවද, විශේෂයෙන් ඔවුන් ප‍්‍රායෝගිකවාදය තුළ ගිලී ගියාද ගොඩ ගියාද යන්න කිරා මැන බැලීමට සුදුසුම කාලය පැමිණ ඇත.

 ධනේෂ්වර නීතිය අපිට නම් පිළිකුල් ආරම්භයේදීම මන:කල්පිත හෙජමොනියකට අවතීර්ණ වු පෙරටුගාමීන්ට ධනේෂ්වර නීතිය හා ඒ හා සබැ`දි ආයතන පෙන්නන්නට බැරි විය. පිළිකුල් විය. පෙරටුගාමී ලේකම් සේනාධීර ගුණතිලකගේ අදහස වූයේ 2011 සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාස දෙක උදා වූ කාලයේ ලංකාවේ වමේ ව්‍යාපාරය යම් කිසි විළිරුදාවකින් සිටිය බවයි. ඉතින් එවැනි විළිරුදා කාලයක ධනේෂ්වර නීතියේ ප‍්‍රයෝජනයක් නොමැති බව හැමෝටම වැටහී යා යුතුය. ධනේෂ්වර නීතීය පිළිබදව කුමාර් ගුණරත්නම් වරක් මෙසේ අදහස් දැක්වීය. ඒ ජවිපෙ බලය කාට හිමි විය යුතු දැයි පිළිබ`දව ඔහුගේ අදහස් දක්වමිනි.
”මැතිවරණ කොමසාරිස් ඉස්සරහා, ධනේෂ්වර නීතිය ඉස්සරහා බහුජන පක්ෂයේ බලය තමන් අතට ගැනීමට හැකියැයි පූර්ව විශ්වාසය මත හිදගෙන...........පක්ෂය මෙහෙයවන්නට පටන් ගත්තා.” (කුමාර් ගුණරත්නම් විවර ඊ නිවුස්) ජවිපෙ බලය අල්ලා ගැනීමට විවිධ උපක‍්‍රම දියත් කර එම උපක‍්‍රම අසාර්ථක වී පක්ෂයේ බලය අල්ලා ගැනීමට නොහැකි වූ විට පෙරටුගාමීන්ට මැතිවරණ කොමසාරිස් ධනපති ඒජන්තයෙකි. මැතිවරණ කටයුතු පිළිබද නීතිය ධනේෂ්වර නීතියකි. අප්සට්ම නීතියකි. ජවිපෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් ලෙස 2012 ජනවාරි 01 දින දෙබරවැවදී පක්ෂ සමු`ඵවක් පවත්වන ලදි. (විශේෂයෙන් පෙරටුගාමීන්ගේ ඉල්ලීමද සලකා බලා* කුමාර් ගුණරත්නම් එම අවස්ථාව දකින්නේ මෙසේය. ”මැතිවරණ කොමසාරිස් ලග තිබ්බ ව්‍යවස්ථාවත් පාවිච්චි කරල, ව්‍යවස්ථා කුමන්ත‍්‍රණ ගණනාවක් සිද්ධ කරල, දෙබරවැවට ගිහිල්ලා, සමු`ඵවක් තියලා” ලෙසිනි. (පෙරටුගාමී අභ්‍යන්තර සාකච්ඡාවකදී) 1995 දී ජවිපෙ තම 2වැනි සමු`ඵව පැවත්වීමෙන් පසු පක්ෂ සමු`ථ ගනනාවක් පවත්වා -----වන පක්ෂ සමු`ඵව 2012 දී පැවත්වීම කුමාර් ගුණරත්නම්ට අනුව ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයකි. ඒ කුමාර් ගුණරත්නම් ම ඕස්ටේ‍්‍රලියාවේ සිටින කමල් කරුණාදාසව ඞීල් කර පසුගිය මැයි මාසයේ ලංකාවට හදිසියේ කැ`දවා කරුණාදාසගේ ජන විමුක්ති සහයෝගීතා පෙරමුණේ හදිසි සමු`ඵවක් කැ`දවා (එම පක්ෂයේ සමු`ඵව වසර ගණනාවකින් පවත්වා නැත* එම පක්ෂයේ නම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස වෙනස් කිරීම විප්ලවවාදී ක‍්‍රියාවක් ලෙස දකී. සත්‍ය ලෙසම නියම ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය එය නොවේද? ඒ විප්ලවවාදී කුමන්ත‍්‍රණය පෙරටුගාමීන්ගේ වෙබ් අඩවිය 2012 මැයි 22 දින වාර්තා කලේ මෙසේය.” ”

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලියාපදිංචි දේශපාලන පක්ෂයක් බවට පත්වීමේ කඩඉම අද සනිටුහන් කරනු ලැබ තිබේ. ඒ අද කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවැති ජනවිමුක්ති සහයෝගී පෙරමුණේ සමුළුවේදී එම පක්ෂයේ නම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පරිත්‍යාග. කිරීමත් සමගය. ඒ අනුව ජනවිමුක්ති සහයෝගී පෙරමුණේ නම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස සමුළුවේදී ඒකමතිකව සම්මතවී ඇති අතර නව මධ්‍යමකාරක සභාව ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභිකයින් පත්ව තිබේ”. පෙරටුගාමීන් විසින් සිදු කළ එම විප්ලවවාදී ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයෙන් පසු එම කුමන්ත‍්‍රණය ස`දහා ඕස්ටේ‍්‍රලියාවේ සිට පැමිණි කමල් කරුණාදාසගෙන් ලංකා එක්ස් නිවුස් වෙනුවෙන් මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය මෙසේ ප‍්‍රශ්න කරයි. ”ප‍්‍රශ්නය: ඔබ ජන විමුක්ති සහයෝගීතා පෙරමුණේ විශේෂ සමුළුවක් කැඳවලා ජන විමුක්ති සහයෝගීතා කියන නම වෙනුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියලා නම වෙනස් කළා. ඔබ, ඔබේ පක්ෂය පෙරටුගාමී පක්ෂයට විකුණුවා කිව්වොත්? පිළිතුර: ඔබත් අපේ පක්ෂ සමුළුවට සහභාගි වුණා. මමත් අපේ පක්ෂයෙන් ඉල්ලලා අස්වුණා. ඉල්ලලා අස් වුණේ නව සමාජිකයින්ට අවස්ථාවක් දීම සඳහා. ඕනෑ කෙනෙකුට ඕන විධියට ඒක විග‍්‍රහ කර ගන්න පුළුවන්. මෙතැන තියෙන්නේ වචන පිළිබඳ ප‍්‍රශ්ණයක් නොවෙයි. ඒක අපි දැක්කා. පෙරටුගාමී සහෝදරවරුන් සමග නිරන්තරයෙන් අපට සම්බන්ධයක් තිබුණා. මේක එකපාරට ඇති වෙච්ච දෙයක් නොවෙයි. මේක සැලසුම් සහගත ක‍්‍රියාදාමයක ප‍්‍රතිිඵලයක අවසානයක්.”

 කමල් කරුණාදාසගේ ඉහත ප‍්‍රකාශය අනුව ඔහු සහ පෙරටුගාමීන් අතර දීර්ඝ කාලයක සිට පවතින ගණුදෙනුවක ප‍්‍රතිඵලයක් ලෙස මෙම විප්ලවවාදී ක‍්‍රියාව සිදු වී ඇත.එමෙන්ම කුමාර් ගුණරත්නම්ට අනුව ලංකාවේ මැතිවරණ කොමසාරිස් 2012 ජනවාරි වලදී ධනේෂ්වර ඒජන්තයෙකි. 2012 මැයි වලදී ඔහු විප්ලවයේ මිතුරෙකි. කුමාර් ගුණරත්නම්ගේම ව්‍යාධිය වැළදුනු චමීර කොස්වත්ත ඔවුන්ගේ අභ්‍යන්තර සාකච්ඡුාවකදී මෙසේ පවසයි. ”ඔක්කොම ඒකාබද්ධ වූ සමස්තය තමයි පක්ෂය. එහෙම නැතුව ගොඩනැගිලි,යාන වාහන හෝ ධනේෂ්වර නීතිය හමුවේ සහතික කර ගත හැකි ජවිපෙ නිළ අයිතිය වගේ දේවල් නෙමෙයි” චමීරලා, පුබුදුලා න්‍යායික කෑලි දමන විට සේනාධීර ගුණතිලකට ද නිකන් සිටින්නට බැරිය. ඔහුගේ වාමාංශික ගතිය පෙන්වමින් 2011 ඔක්තෝම්බර් 09 දින මෙසේ පවසයි. ”නිලබලයෙන් ධනේශ්වර නීතියේ සරණින් ගොඩයාමට මානබලන පිරිසක් හා අද දවසේ සැබෑ වමේ අභියෝගයට මුහුණදී ගත නොහැකිව තම පැවැත්ම, මෙම ආයතනය හරහා තහවුරු කර ගැනීමට උත්සාහ දරන්නවුන් අතලොස්සක්...” න්‍යායික වදන් දොඩමින් ඔක්තෝම්බර් 09 දින ජිවත්වන සේනාධීර ගුණතිලක තව මාස හයකින් තමන්ගේ විවේචනයට තමන්වම ගොදුරු වන බව නොදනී. බලන්න සේනාධීර 2011 ඔක්තෝබර් 09 පැවසූ වදන් වලටම ජනවිමුක්ති පක්ෂය මිලට ගැනීමට අදාලව තමන්වම ගොදුරු වන හැටි. අපට ඇසීමට ඇති ප‍්‍රශ්ණය මෙයයි. කවුද එතකොට ධනේෂ්වර නීතියේ සරණින් තම පැවැත්ම තහවුරු කර ගත්තේ? මෙම සාකච්ඡුාවටම තවත් කරුණු එකතු කරමින්, සාමාජිකයන්ට විප්ලවය කිරීමට භාර දී ඕස්ටේ‍්‍රලියාවට පැන ගිය කුමාර් ගුණරත්නම් දෙරණ නාලිකාවේ ප‍්‍රචාරය වූ ශ‍්‍රීනාත් මද්දුමගේ (ඇස්බැස්ටස් කඩාගෙන වැටෙන හාදයා) සම`ග පැවැත් වූ විහි`ඵ තහ`ඵ වැඩ සටහනේදී මෙසේ පවසයි. ”

සමහර අය පක්ෂ වලින් ගිහිල්ලා ඉතාම ඉක්මණින් පක්ෂෙ ලියාපදිංචි කරලා, නායකයා කියලා, දේශපාලන මණ්ඩල පත් කරලා, එහෙමත් පක්ෂ තිබුණා. අපි ඒවා කෙරුවේ නෑ” දැන් කුමාර් ගුණරත්නම් එදා මේ කියූ දේවල් ගැන අද මොකද කියන්නේ? අපි ඒවා කෙරුවේ නෑ නෑ කිය කියා ඒකමනේ කරල තියෙන්නේ. පෙරටුගාමී පක්ෂය ලියාපදිංචි කරන්න, දේශපාලන මණ්ඩලය ඇතු`ඵ නායක මණ්ඩල පත් කරන්න පුදුම හදිස්සියක්නේ තිබුනේ. පක්ෂයේ අයිතියට උසාවි යෑම 2001 සැප්තැම්බර් සිට පෙරටුගාමීන් ප‍්‍රකාශ කළේ ජවිපෙ බලය සියයට අනූවක් තමන්ට ඇති බවයි. උණුසුම් කි‍්‍රකට් තරගයක විස්තර ඉදිරිපත් කරන පාලිත පෙරේරා මෙන් පෙරටුගාමීන් ද සැප්තැම්බර් මාසයෙන් පසු ඕවරයෙන් ඕවරය විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නට විය. ජවිපෙ බලය ඇල්ලීමේ තරගයේ මොනතරම් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළත් 2011 නොවැම්බර්, දෙසැම්බර් මාස වන විට පෙරටුගාමී ව්‍යාපාරය කිසිවෙකු හාල් මිටක් නොදැමූ කැ`ද හැළියක් බව ජවිපෙ පාක්ෂිකයන් නොවන අයටත් ඒත්තූ ගොස් තිබුණි. පක්ෂ සමු`ඵවක් කැදවන්නැයි දිගටම බල කළ පෙරටුගාමීන්, ජවිපෙ 2012 ජනවාරි 01 දින පක්ෂ සමු`ඵව පැවැත්වීමට තීරණය කළ විට හරි නම් පී‍්‍රතියෙන් පිනා යා යුතුය. ඒ ඇයිද යත් ඔවුන්ගේ සියයට අනූව යොදවා සමු`ඵවෙන් ජවිපෙ බලය ලබා ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයක් නිර්මාණය වන බැවිනි. නමුත් ඔවුන් කළේ කුමක්ද? සමු`ඵව පැවැත්වූ දෙබරවැව නගරය දුර බැහැර බව පැවසීය. කලින් පුර සාරම් දෙඩුවේ නම් විප්ලවය නගරයෙන් ගමට ගෙන යා යුතු බවයි. සු`ඵ ධනේෂ්වර පංතියෙන් නිර්ධන පංතියට මාරු විය යුතු බවයි. එසේ කිතුල් ගසට නැගි මිනිසාගේ කථා කියා ඔවුන්ම ධනේෂ්වර ආයතනයක් යැයි පට්ට ගැසූ උසාවියට ගොඩ විය. අනේ කොහොම හරි ජවිපෙ අයිතිය අපිට ලබා දෙන්නැයි ධනේෂ්වර උසාවියෙන් ඉල්ලා සිටියේය. ඒ විප්ලවවාදී අවස්ථාව පෙරටුගාමී වෙබ් අඩවිය වාර්තා කළේ මෙසේය. ”ලබන 1 වනදා පැවැත්වීමට නියමිත ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ සමුළුවේ වලංගුභාවය අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර සහ ජී. කුලරත්න යන එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජිකයින් විසින් ගොනුකළ පෙත්සම ලබන 6 වෙනිදා දක්වා කල් දැමීමට අධිකරණය තීරණය කළේය.

කෙසේ වෙතත් මෙම සමුළුවේ වලංගුභාවය මේ වන විට තිබෙන්නේ අධිකරණය ඉදිරියේ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණය සාධාරණ තීන්දුවක් ලබාදේවි කියා අප විශ්වාස කරනවා. ’’ පොලිස්පති සරණං ගච්ඡාමී මාක්ස්වාදය තබා ධනේෂ්වර නීතියේ හැසිරීමවත් නොදන්නා පෙරටුගාමීන් ඔවුන් කළින් ප‍්‍රතික්ෂේප කළ ධනේෂ්වර පොලීසියටම පැමිණිලි තොගයක් කර එම පැමිණිලි විභාග නොකරතැයි නැවත විලාප තියයි. කෙසේ වුවද ලංකාව තුළ තවම සමාජවාදය නොමැති නිසා ධනේෂ්වර පොලීසියට පැමිණිලි කිරීමට සිදු වූවත් එම පොලීසීයෙන් සාධාරණය ඉල්ලා විලාප දීම පෙරටුගාමීන්ගේ විප්ලවවාදී කන්‍යාභාවයට අනුව සුදුසු කි‍්‍රයාවක් නම් නොවේ. ”නම් සහිතව අපි පොලීසිවලට පැමිණිලි ඉදිරිපත් කලා. නමුත් ඒ කිසිවක් ගැන මේ වන තුරුත් පරීක්ෂණ සිදු කර නැහැ. අපට පොලීසිය සම්බන්ධයෙන් විශ්වාසයක් නැහැ. පොලීසිය දේ්ශපාලනීකරණය වෙලා තිබෙන්නේ.” (පුබුදු ජයගොඩ 2012/06/06) පුබුදුගේ විලාප වලින් පසු පෙරටුගාමී පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් කුමාර කළින් පිළිකෙව් කළ ධනේෂ්වර නීතියේ පිහිට වහාම ලබා දෙන ලෙස පොලිස්පතිගෙන් ආයාචනයක් කර ඇත. 2012 ජූනි 05 දින පොලිස්පතිවරයාට ලිපියක් භාර දෙන අජිත් කුමාර පෙරටුගාමීන්ට ඇති ගැටළු වලට මැදිහත් වන්නැයි ආයාචනය කරන ගමන් රජය සහ පොලීසිය නීතිය දුබල ලෙස කි‍්‍රයාත්මක කරන බවටද මැසිවිලි නගයි. එමෙන්ම ජවිපෙ, ආණ්ඩුව හා පොලීසිය එකට එකතු වී තමන්ට එරෙහිව කටයුතු කරතැයි වැනි මනෝ විකාරද සපයයි. ”

එකදු පැමිණිල්ලකටවත් සාධාරණය ඉටු කර නැත. පහර දුන් පුද්ගලයින්ල වාහන අංක ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කර තිබියදී අත්අඩංගුවට ගැනීමේ හා නඩු පැවරිමේ ක‍්‍රියාවලිය ඉතාම දුර්වලය. මේ අනුව පොලීසියේ ඇති මන්දගාමී මැදිහත්වීම අනුව පැහැදිලි වන්නේ රජය මේ පහරදීම්වලට ප‍්‍රචණ්ඩත්වයට අනුබල දෙමින් නීතිමය මැදිහත්වීම්වලට නිල වශයෙන් බලපෑම් කරන බවය.” (අජිත් කුමාරගේ ඉහත පැමිණිල්ලෙන්) ලෝකයේ ඕනෑම විරුද්ධ පක්ෂයකට හෝ වාම පක්ෂයකට පාලක රජයෙන් විශේෂ සහන හෝ අනුග‍්‍රහ නොලැබේ. එම යතාර්ථය තේරුම් ගත නොහැකිව, වත්මන් ශී‍්‍ර ලංකා ආණ්ඩුව නීතිය හා සාමය ක‍්‍රියාත්මක නොකරන බොහෝ අවස්ථාවලදී ඊට ජවිපෙ අනුග‍්‍රහයද ඇති බව පැවසීම දේශපාලන අ`දබාල කමකි. ධනේෂ්වර ආණ්ඩුව ශුද්ධ කිරීමකි. මෙවැනිම දේශපාලන අ`දබාලයකු වන චමීර කොස්වත්තද අජිත් කුමාර කියන කරුණුම සනාථ කරයි. ”නීතිය ක‍්‍රියාත්මක නොකරන්නේ ආණ්ඩුව සහ ජවිපෙ අතර ඇති රහසිගත එකගතාව නිසාද යන සැකය මතු වන බවයි.” (2012.මාර්තු 08 - පෙරටුගාමී වෙබ් අඩවිය) මීට සමානම ප‍්‍රවෘත්තියක් 2012 අපේ‍්‍රල් 29 වන දින පෙරටුගාමීන්ගේ වෙබ් අඩවිය වාර්තා කරන ලදි. ”ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව හා එක්ව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එරෙහිව අවලාද ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් සකස්කර ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.” මෙම විශ්වාස කටයුතු ආරංචි මාර්ගය පෙරටුගාමීන්ගේම නිර්මාණයකි. තමන්ට එරෙහි අවලාදවලින් බේරා දෙන ලෙස ඉල්ලා රහස් පොලීසියෙන් අයැද සිටි ලෝකයේ එකම වමේ කණ්ඩායම වඩාත්ම හාස්‍යජනක සහ ලෝක වමේ ව්‍යාපාරය පැත්තෙන් ගත් කළ වඩාත්ම දුක්ඛදායක සිදුවීම වූයේ 2012 ජනවාරි 13 වන දිනය. එදින, නීතීඥයෙකු ද වු අජිත් කුමාර පෙරටුගාමීන්ට එල්ල වී ඇති අවලාද හා චෝදනා පිළිබදව පරීක්ෂණයක් පවත්වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තෙමේම ස්වේච්ඡුාවෙන් කට උත්තරයක් දෙමින් ඉල්ලා සිටියේය. මේ මොන අපභ‍්‍රංසයක්ද? දීන කමක්ද? නියා`ඵ කමක්ද? විහි`ඵවක්ද?

ලෝකයේ කිසිදු වමේ ව්‍යාපාරයක් හෝ අඩු ගානේ ධනපති දේශපාලන පක්ෂයක්වත් දේශපාලනය කරද්දී විරුද්ධවාදීන්ගෙන් තමන්ට එල්ල වන දේශපාලන මඩ හා අවලාද වලට එරෙහිව තමුන්ම භාවිතාවෙන් හා මතවාදයෙන් පිළිතුරු දෙනවා විනා ලාංකීය ධනපති ආරක්ෂක කේන්ද්‍රයේ ඉහළම ස්ථානයන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස්පති වැනි අය තමන්ට අවශ්‍ය සාධාරණය ඉෂ්ඨ කර දේ යැයි බලාපොරොත්තු නොවේ. නමුත් මේ ළදරු, අපරිණත, ව්‍යාජ වාමවාදීන් ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ පොලිස්පතිගෙන් තම (ව්‍යාජ) වාම කන්‍යාභාවයේ පරිස්සම බලාපොරොත්තු වේ. මෙම සිදුවීම වාර්තා වුනේ මෙසේය. ”ආණ්ඩුවේ වගකිවයුතු ඇමතිවරුන් ඇතුළු නිලධාරීන් විසින් පදනම් විරහිතව ජන අරගල ව්‍යාපාරයට එරෙහිව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතා විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය මගින් අදාල අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් විසින් කිසිදු සාක්ෂිමය පදනමකින් තොරව අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බවත් ඒවා රජයේ මාධ්‍ය නාලිකා ඔස්සේ ප‍්‍රචාරය කරමින් පවතින බවත් ඔහු සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. එබැවින් වගකිව යුතු පොලිස් නිලධාරියෙක් ලෙස සාධාරණ විධිමත් පරීක්ෂණයක් පවත්වා සත්‍ය හා නිවැරැුදි කරුණු ජනතාව හමුවට ගෙන එන ලෙසත් අජිත් කුමාර මන්ත‍්‍රීවරයා එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටී. මෙම ප‍්‍රකාශයන් සිදුකරන්නේ සාමාන්‍ය පුද්ගලයන් නොව රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු රජයේ වගකිව යුතු පුද්ගලයන්ය. එබැවින් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන මෙම ප‍්‍රකාශයන් සරල ලෙස සැලකීමට නොහැක. ඔවුන් ඉතා සංවිධානාත්මකව හා සැලසුම් සහගතව මෙම අබූත චෝදනා එල්ල කරන අතර එම චෝදනා බරපතළය. ජනතාව අතර අනියත බියක් මවමින්, ජනතාව වෙනුවෙන් හ`ඩනගන සංවිධාන හා පුද්ගලයින් මර්දනය කිරීමේ පටු අරමුණින් මෙම නිලධාරීන් විසින් කරනු ලබන පදනම් විරහිත ප‍්‍රකාශ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ඒ අනුව සත්‍ය හා නිවැරදි කරුණු රටට හෙළිදරව් කරන ලෙසත් වගකිව යුතු පොලිස්පතිවරයෙකු වශයෙන් ඔබතුමාගේ අවධානයට ගන්නා ලෙසත් ඉල්ලා සිටිමි. ස්තූතියි. නීතිඥ ජී.එච්. අජිත් කුමාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජාතික සංවිධායක ජන අරගල ව්‍යාපාරය” එහිදී අජිත් කුමාර අවසානයේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනුයේ මේ චෝදනා ගැන වහාම පරීක්ෂණයක් සිදුකර පෙරටුගාමීන් අවංක, ප‍්‍රජාතන්ත‍්‍රවාදී, විනයගරුක, අහිංසක සාමයට ලැදි පිරිසක් ලෙස තහවුරු කර පොලිස් සහතිකයක් නිකුත් කරන ලෙසයි.

එයිනදු නොනවතින අජිත් කුමාර පෙරටුගාමීන්ට එරෙහි අවලාද පිළිබ`දව 2012 පෙබරවාරි 01 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුලස්ථානයට අනාරාධනයෙන් සහ ස්ව කැමත්තෙන් ගොස් ප‍්‍රකාශයක් ලබා දේ. ලෝකයේ කිසිදු නීති සංග‍්‍රහයක දේශපාලන පක්ෂ විසින් එකිනෙකාට එරෙහිව කර ගන්නා අවලාද පිළිබදව පරීක්ෂා කිරීමට හෝ ද`ඩුවම් කිරීමට නීතිමය ප‍්‍රතිපාදන නොමැත. යම් ව්‍යතිරේඛයන් තිබුනත් සදාචාර සම්පන්න දේශපාලන ව්‍යාපාරයක් ඊට තමන්ම මුහුණ දේ. මෙම සී.අයි.ඞී. මූලස්ථානයට බඩ ගෑම ඔවුන්ගේම වෙබ් අඩවිය වාර්තා කළේ මෙසේය. ”ජන අරගලයට එරෙහි අවලාද ගැන අජිත් ගෙන් සී.අයි.ඞී. යට සවිස්තරාත්මක ප‍්‍රකාශයක්’’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම ප‍්‍රකාශය ලබාදීමෙන් අනතුරුව අජිත් කුමාර මහතා අප වෙත මෙසේ අදහස් දැක්වූහ. රජයේ නිලධාරීන්, අමාත්‍යවරුන් සහ රාජ්‍ය මාධ්‍ය සිදුකළ ප‍්‍රකාශ සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් කරන ලෙස මම පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබුණා. ඒ අනුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාලව මාගෙන් විස්තරාත්මක ප‍්‍රරකාශයක් සටහන් කර ගත්තා. එම ප‍්‍රකාශය සටහන් කරගත්තේ සහකාර පොලිස් අධිකාරී ජයසිංහ මහතා විසින්.

එහිදී මා ජන අරගල ව්‍යාපාරයේ සැබෑ අරමුණු පැහැදිලි කළා. අප ධනවාදයට එරෙහි කණ්ඩායමක් බවත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් හෝ ලබා නොදෙන මෙම සමාජ ක‍්‍රමය වෙනුවට සමාජවාදී සමාජ ක‍්‍රමයක් පිහිටුවීම අරමුණු කරගත් ව්‍යාපාරයක් බවත් මම එහිදී පෙන්වා දුන්නා. (හිනා....* නමුත් ජන අරගල ව්‍යපාරය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්, අමාත්‍යවරුන් සහ රාජ්‍ය මාධ්‍ය හරහා දියත්කර ඇති අවලාද ව්‍යාපාරය තුළින් වැරදි මතයක් සමාජගත කිරීමට උත්සාහ දරා ඇති බවත් ඒ තුලින් ජන අරගල ව්‍යාපාරයට සහ පෞද්ගලිකව මටත් අගතියක් සිදුව ඇති බව මා පැවසුවා. ඒ අනුව ඬේලි නිවුස් පුවත්පත, දිනමිණ පුවත්පත, ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂමේ සභාපති ගාමිණී සමරණායක, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් ජයරත්න, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන යන ආයතන සහ පුද්ගලයන්ගෙන් අදාල ප‍්‍රකාශ සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කරන ලෙස මා ඉල්ලා සිටියා.” (01.02.12 පෙරටුගාමී වෙබ් අඩවිය) මෙසේ තමන්ම සී.අයි.ඞී. යට ගොස් තමන්ගේ අරමුණ සමාජවාදය පිහිටුවීම බවත්, ඊට බාදා කරන උදවියට වහාම දඩුවම් පමුණුවන ලෙසත් සී.අයි.ඞී. යෙන් ඉල්ලා සිටින (කරලම දෙයි* ළදරු දේශපාලන භාවිතාව මු`ථ රටේම වමේ ව්‍යාපාරයට හානිදායක වේ. පාර්ලිමේන්තුව එපා/ ඕනේ ජවිපෙ පාර්ලිමේන්තුවාදී වූ නිසා තමන් ජවිපෙන් ඉවත් වු බව පෙරටුගාමීන් පැවසුවත් තමන්ට කරදරයක් වූ විට වහාම පාර්ලිමේන්තුව මතක් වේ. ලලිත් හා කුගන් අතුරුදහන්වු පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර 2012 ජනවාරි 19 වන දින පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරයි. ඉනිදු නොනැවති එම යෝජනාවට උදව් කළේ නැතැයි ජවිපෙට ද ආඩපාලි කියයි.

 ප‍්‍රතිසංස්කරණවාදය හා උපයෝගිතාවාදය ප‍්‍රතිසංස්කරණවාදය හා වෘත්තීය සමිති වාදය පිළිබදව ද පෙරටුගාමීන් ආරම්භයේදී අදහස් ප‍්‍රකාශ කරන ලදී. ඒ පිළිබදව පෙරටුගාමී නායකයන් කීප දෙනෙකුගේ ප‍්‍රකාශ පහත සදහන් වේ. (01* ”නව ලිබරල්වාදය ධනවාදය ගොවියාට බලපාන විට ගොවියා වෙනම සටන් කරලා, ඒක ධීවරයාට බලපාන කොට ධීවරයා වෙනම සටන් කරලා, ශිෂ්‍යයාට බලපානකොට ශිෂ්‍යයා වෙනම සටන් කරලා, දැන් පිටි මිල වැඩිවෙන කොට පාරිභෝගිකයා වෙනම සටන් කරලා මේ ප‍්‍රශ්නෙට උත්තරයක් හොයන්න බෑ. මේ ඇතිවන සිය`ඵ සටන්, මේ සිය`ඵ උද්ඝෝෂණ,මේ සිය`ඵ අතෘප්තීන් එක ඉලක්කයකට කේන්ද්‍රගත කළ යුතුයි.” (පුබුදු ජයගොඩ-විවර ඊ නිවුස්) (02* ”රතු කමිස ඇ`දගෙන,පිකට් බෝඞ් අරගෙන ලිප්ටන් වටරවුමට ඉ`දහිට ආවට ධනපති පන්තිය බය වෙන්නේ නැහැ. ධනපති නායකයන් කළබල වෙන්නේ මේ ක‍්‍රමය වෙනස් කිරීම ස`දහා පීඩිත පන්තිය වෙත සවිඥානකත්වය ගෙන යනවානම් විතරයි. ඒ නිසා වම කියල කියන්නේ ධනපතී අගතීන් නමැති ඩි‍්‍රන්ක් එකට ගන්න බයිට් එකක් නොවෙයි. ඒ වෙනුවට වම කියන්නේ ජිවන විලාසය බවට පත් කර ගන්න ඕනා. කැලැන්ඩරයේ දින වලට ඇවිත් උද්ඝෝෂණය කරනව වෙනුවට පන්තිය සංවිධානය කරන්න ඕන.” (චමීර කොස්වත්ත 25.10.11 මහජන පුස්තකාලයේ දේශනය) (03) පෙරටුගාමීන්ට රටේම සිටින වෘත්තීය සමිති කි‍්‍රයාධරයන් කීප දෙනා අතරින් එක් අයෙකු වන වෛද්‍ය රණසිංහ මෙසේ ප‍්‍රකාශ කරයි.

”විශේෂයෙන්ම ආර්ථිකවාදයට හා වෘත්තීය සමිතිවාදයට පමණක් කොටුකර දේශපාලන අරගලය මගහැර සිටි සමාජ පරිවර්තනයක් වෙනුවෙන් කම්කරු පංතිය සංවිධානය කරනවා වෙනුවට හුදු සුබසාධනවාදය තුළ කම්කරු පංතිය කරවටක් ගිල්වා සිටි වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ මේ සංවාදය වඩාත් තීව‍්‍රව මතුවීම අරුමයක් නොවේ. වෙනත් දේශපාලන මත දරන අතරම වුවත් වෘත්තීය සමිති ක‍්‍රියාවලියේදී ඒකාබද්ධව කටයුතු කළ හැකිබව අපේ මතයයි. එය අප මෙතෙක් ගොඩනගාගෙන ඇති වෘත්තීය ශක්තිය බෙදී වෙන්වීමේ අවධානමෙන් ද අප වලකයි. නමුත් අත්තනෝමතික හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නිලධාරීන්ගේ වුවමනාව වූයේ වෙනත් දේශපාලන මත දරන්නන් වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් පන්නා දැමීමේ කුමන්ත‍්‍රණකාරී මගට අවතීර්ණවීමයි.” (04.12.11 පෙරටුගාමී වෙබ් අඩවිය) භාවිතාව පරීක්ෂාවට ලක් කිරීමට පෙරම වෛද්‍ය රණසිංහගේ ප‍්‍රකාශය තුළමත් ප‍්‍රතිවිරෝධයක් ගැබ් වී ඇත. ලාංකීය කම්කරුවන් වෘත්තීය සමිති වාදයට කොටු කිරීමට හා සමාජ පරිවර්තනයක් වෙනුවෙන් පෙළ ගැස්වීමට පක්ෂ රණසිංහගේ ප‍්‍රකාශය අවසානයේ වෙනත් දේශපාලන මත දරන අය (වෙනත් කී පසු සමාජ පරිවර්තනය ආපස්සට හරවන ධනපති කණ්ඩායම්ද ඇතුළත් වේ.* සමග ද කටයුතු කළ යුතු යැයි කීමෙන් ඔහුගේ මුල් ප‍්‍රකාශය ඔහුම නිශේධ කරයි. මෙය අගමුල් නැති ප‍්‍රතිපත්තියකි. ආරම්භයේදී ප‍්‍රතිසංස්කරණ පිළිබද දැඩි න්‍යායික විග‍්‍රහයක හා විවේචනයක ඉන්නා පෙරටුගාමීන් පසුව තම භාවිතාව තුළ තම ස්ථාවරය දිය කර ගන්නවා. භාවිතයේදී බො`ද වී යනවා. ජිවන වියදම වැඩි වෙද්දී න්‍යායික ස්ථාවරය පැත්තක තියල ඒ වෙනුවෙන් කරුණු දක්වන්න සිදු වෙනවා. නැත්නම් ජනතාවගෙන් ඈත් වෙන බව තේරෙනවා. උද්ඝෝෂණ නොකලත් කරන බව පෙන්වන්න වෙනවා. එපා කියපු ප‍්‍රතිසංස්කරණවාදය වෙනුවෙන් හෙලූවෙන්ම හිට ගන්නවා. දුමින්ද නාගමුව:- ”මේ වෙනකොට ඉන්ධන මිල වැඩිවෙලා. ඊට සාපේක්ෂව බස් ගාස්තු වැඩිවුණා. ගෑස් මිල වැඩිවෙන්න නියමිතව තියෙනවා. මේ ජීවන වියදම වැඩි වෙන්න තවත් කරුණු රාශියක් බලපානවා. දැන් ඊට විරුද්ධව සටන් පාඨයක් ඇවිල්ලා තියෙනවා. තෙල් මිල අඩු කරන්න. ජීවන වියදම අඩු කරන්න කියලා.

 ප‍්‍රශ්ණය:- විපක්ෂයේ වෙනත් පක්ෂවලින් ජීවන වියදම වැඩිවීමට එරෙහිව උද්ඝෝෂණ කළත් ජන අරගල ව්‍යාපාරය එවැනි උද්ඝෝෂණවලට ගියේ නැහැ නේද?

දුමින්ද නාගමුව:- අපි උද්ඝෝෂණය කළා. ධීවර සහෝදරයා ඝාතනය කරපු වෙලාවෙත් අපි උද්ඝෝෂණ කළා. ඉදිරියෙදීත් අපි බලාපොරොත්තු වෙනවා රට පුරා උද්ඝෝෂණය කරන්න.” (දුමින්ද නාගමුව/ලක්බිම 03.03.12) පසුගිය පෙබරවාරි මාසයේ ඉන්ධන මිල වැඩි කරද්දී නෑසු කන්ව සිටි පෙරටුගාමීන්, පොලීසිය විසින් ධීවර කාර්මික ඇන්තනි සහෝදරයා වෙඩි තබා මරා දැමූ පසු ඇපයෙන් බේරීම සදහා උද්ඝෝෂණයක් කරයි. ඒ ද ධීවරයා මරා දමා සතියකට පමණ පසු පෙබරවාරි 16 වන දිනය. ඒ උද්ඝෝෂණයද සත්‍ය ලෙසම පැවැත්වූවාද නැද්ද යන්න පැහැදිලි නොමැත. හේතුව ඊට අදාළ කිසිදු ඡුායාරූපයක් පෙරටුගාමීන් විසින් ප‍්‍රසිද්ධ නොකිරීමයි. එක්කෝ උද්ඝෝෂණය පවත්වා නැත. නැත්නම් සු`ඵ පිරිසක් පැමිණ ඇත. උද්ඝෝෂණය පැවැත්වෙන බව පමණක් මෙසේ වාර්තා කර තිබුණි.

 ”හලාවත ධීවර උද්ඝෝෂණය අතරතුර වෙඩි තබා ධීවරයකු ඝාතනය කිරීමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණයක් අද ප.ව. 2.00ට මීගමුව බස් නැවතුම්පොළ අසලදී පැවැත් වේ. ධීවර සමිති නියෝජිතයින් සහ ජන අරගල ව්‍යාපාරයේ නායකයින්, සාමාජිකයින් ඇතුළු පිරිසක් ඊට සහභාගි වීමට නියමිතය.” (16.02.12 පෙරටුගාමී වෙබ් අඩවිය* ධීවරයාගේ ඝාතනයෙන් පසු හීනෙන් මෙන් අවදි වු පෙරටුගාමීන් එක්වරම සිය`ඵ කටයුතු පසෙක තබා මාධ්‍ය සංදර්ශනයකට අවතීර්ණ විය. ප‍්‍රයෝගිකවාදයට එරෙහි විවේචන අමතක විය. වහාම ව්‍යාජ ධීවර හමුවක් (මාධ්‍ය* සංවිධානය කරන ලදී. ‘ජන අරගලය’ ධීවර සමිති හමුවෙයි ”දේශපාලන පක්ෂ, සංවිධාන සහ ධීවර සමිති නියෝජිතයින් අතර හමුවක් ඊයේ (26*මීගමුව, ‘දිනිදු’ ගාඞ්න් හිදී පැවැත් විණි. මෙම සාකච්ඡුාව සඳහා ජන අරගල ව්‍යාපාරය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතා, මාවෝවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් සුරේන්ද්‍ර අජිත් මහතා, ප‍්‍රැක්සිස් එකතුව නියෝජනය කරමින් විදර්ශන කන්නන්ගර මහතා සහ වරදාස් මහතා, අන්තර් විශ්විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරමින් තිලාන් පරවිශප‍්‍රනාන්දු මහතා, ශාන්ත සෙබස්තියන් ධීවර සමිතිය වෙනුවෙන් ලොයල් පීරිස් මහතා සහ ජෝර්ජ් ප‍්‍රනාන්දු මහතා, වැල්ලවීදිය කුඩාගමුව ඒකාබද්ධ ධීවර සමිතිය වෙනුවෙන් නාමල් මහතා සහ මැක්සිමන් කුංඥ මහතා, එක්සත් ධීවර සමිතියේ හිටපු උප සභාපති ලැනී ප‍්‍රැන්සිස් ප‍්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡුාවට සහභාගි වූහ. සාකච්ඡුාවට සහභාගි වූ සියලූ සංවිධාවල එකගතාවයෙන් යුතුව සකස් කරනු ලබන පත‍්‍රිකාවක් රට පුරා පිහිටි සියලූම ධීවර වරායන් හා තොටුපළවල බෙදමින් ධීවරයින් දැනුවත් කිරීමටත් මෙවැනි ධීවර හමු උතුරු පළාතේත්, නැගෙනහිර පළාතේත් දකුණු පළාතේත් සිදු කිරීමටත් එකග විය.

ඊනියා විශ‍්‍රාම වැටුප් පනතට එරෙහි උද්ඝෝෂණයේදී දිවි පි¥ රොෂේන් චානක මහතා වෙනුවෙන් මාර්තු මස පළමු වැනිදා සත්‍යග‍්‍රහයක් පැවැත්වීමට හා ධීවර උද්ඝෝෂණයේදී දිවි පි¥ ඇන්ටන් මහතා වෙනුවෙන් මාර්තු 15වැනිදා සත්‍යග‍්‍රහයක්් පැවැත්වීමටත් තීරණය කරන ලදී.” (27.02.12 පෙරටුගාමී වෙබ් අඩවිය) මෙහිදී පැන නගින ප‍්‍රථම ගැට`ඵව නම් කීපදෙනෙක් හෝටලයක පැවැත් වූ සාකච්ඡුාවක් මාධ්‍ය වලට නිකුත් කලේ ඇයිද යන්නයි. ධීවර සාකච්ඡුාවක් හෝටලයක පැවත්වීමට හේතුව ද පැහැදිලි නැත. ඊළගට මෙහි සදහන් ධීවර සංවිධාන සහ ධීවරයන් මෙන් පෙනී සිටි පුද්ගලයන් ද වේශ නිරූපනයක් බව පෙනේ. මෙහි අවසානයේ ස`දහන් කිසිදු කටයුත්තක් ද සිදු නොවීය. කිසිදු ස්ථානයක පත‍්‍රිකා බෙදා හැරියේ ද නැත. රෝෂේන් චානක සහෝදරයා වෙනුවෙන් මාර්තු පළමු දින සත්‍යග‍්‍රහයක් පැවත්වුනේ නැත. ඇන්ටනී සහෝදරයා වෙනුවෙන් මාර්තු 15 දින සත්‍යග‍්‍රහයක් ද නොපැවත්වුණි. සමහර විට පෙරටුගාමී නායකයන් තම නිවෙස් වල සිට යම් අනුස්මරණයක් කළා ද දන්නේ නැත. මේ මාධ්‍ය සාකච්ඡුාවෙන් පසු අද වන තුරු ධීවර ජනතාව වෙනුවෙන් වාතයක්වත් පිට කර ද නැත. සියල්ලම මාධ්‍ය සංදර්ශන පමණි. මෙසේ පෙරටුගාමීන්ගේ ප‍්‍රතිසංස්කරණ විරෝධී අරගලය ඉතා නින්දිත අඩියකට වැටුණි.

ඉන්ධන මිල වැඩි වුණු විට අනෙකුත් දේශපාලන පක්ෂ ඉන්ධන මිල පහත හෙළන්නැයි රජයට බල කර යම් යම් උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ග හා පෝස්ටර් ව්‍යාපාර වැනි දේ දියත් කිරීම මුලදී හෙළා දුටු පෙරටුගාමීන් පසුගිය ජූනි මාසයේ ඉන්ධන මිල පහත හෙළන්නැයි බල කරමින් සමහර නගර වල පෝස්ටර් ඇලවීය. එම දැවැන්ත ක‍්‍රියා මාර්ගයෙන් පසු පෙරටුගාමී දේශපාලන මණ්ඩලය රැුස් වී තවත් රට හොල්ලන කි‍්‍රයා මාර්ගයක් සදහා තීරණයක් ගන්නා ලදි. ඒ නම් ”ඉන්ධන මිල වහා පහත හෙලනු” ලෙස සදහන් කරමින් 2012 ජූනි 08 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමයි. ඉන්ධන මිල වහා පහත හෙළනු - පෙසප ”ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල පහත වැටී ඇති තත්වයක් තුළ තවදුරටත් ජනතාව මත බදු බර පටවන්නේ නැතිව ඉන්ධන මිල වහා පහත හෙළන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කරමින් ආණ්ඩුවට බල කරයි. එම නිවේදනයේ මෙසේද දැක්වේ. ලෝක වෙළඳ පොළේ බොර තෙල් මිල පහත වැටීමට සමානුපාතිකව ඉන්ධන මිල, බස් ගාස්තු, දුම්රිය ගාස්තු හා අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන්හි මිල වහාම පහත හෙළන ලෙස බල කර සිටින අපි, .....” (08.06.12 පෙරටුගාමී වෙබ් අඩවිය) දැන් නැවත මදක් අතීතයට යමු. බලන්න, වරුණ රාජපක්ෂගේ මේ ප‍්‍රකාශය. ” මීට පෙර දේශපාලන පක්ෂ අරගල කළා. පන්තිය නිහ`ඩව හිටියා. මිනිස්සු මොනවත් කරන්නේ නැහැ කියලා විවේචනයකුත් තිබුණා. දැන් පන්තිය අරගල කරමින් ඉන්නවා. ඒවා මොන තරම් දේශපාලනිකද කියන ප‍්‍රශ්ණය තිබෙනවා. පන්තිය අරගල කරන්නේ එහෙම තමයි. නමුත් අරගල කරමින් ඉන්නවා.

 ගොවියන්, කම්කරුවන්, අද ධීවරයින් අරගල කරනවා. දේශපාලන ව්‍යාපාර ඒ අරගලවලට ගවු ගානක් පිටුපස ඉඳන් සංදර්ශන කරමින් ඉන්නවා.” (25.02.12 පෙරටුගාමී වෙබ් අඩවිය) අපි මුලින්ම වරුණට ස්තුතිය පළ කළ යුතුය. හේතුව නොසිතා හෝ තමන්වද ඇතුලත් වන ලෙස අදහස් ඉදිරිපත් කිරීමයි. වරුණගේ ”දේශපාලන ව්‍යාපාර අරගලවලට ගවු ගානක් පිටුපස ඉදන් සංදර්ශනය කරමින් ඉන්නවා” යන අදහස අද දින පූර්ණ ලෙස අදාළ වන්නේ ඔවුන්ගේම පෙරටුගාමී ව්‍යාපාරයටය. කට බොරු කිව්වත් දිව බොරු කියන් නෑ කියන්නේ ඕකට තමා.
මහ කක්කුට්ටා සහ ගෝලයෝ චමීර කොස්වත්ත ඇතු`ඵ පෙරටුගාමී නායකයෝ දිගින් දිගටම කීවේ සිය`ඵ අරගල එකතු කොට ඒකාබද්ධ කර තනි සටනක් දිය යුතු බවයි. ”ජන අරගල ව්‍යාපාරය සමස්ත ජනතාව ඒකරාශී කර ගත් ආණ්ඩු විරෝධී මධ්‍යස්ථානයක් ගොඩ නගන්න බලාපොරොත්තු වෙනවා.” (චමීර කොස්වත්ත,25.01.12 පෙරටුගාමී වෙබ් අඩවිය* නමුත් පෙරටුගාමීන්ගේ ශිෂ්‍ය අංශයේ ජාතික කමිටු සමාජිකයෙකු වන සංජිව බණ්ඩාර දිවයින පත්තරේට කියන්නේ මොකක්ද? ”ප‍්‍රශ්නය- ශිෂ්‍ය ව්‍යාපාරයකට දේශපාලනයක් තිබිය යුතුයි කියන කාරණය ගැන විවාදයක් නෑ. නමුත් ඔබ ඔබේ ව්‍යාපාරයේ දේශපාලනය ගැන සගවනවා කියන චෝදනාව එල්ල වෙනවා. ‘ජනරළ’ කණ්ඩායම ඔබ නියෝජනය කරනවා කියන චෝදනාවේදී ඔබ එය ප‍්‍රතික්ෂේප කර තිබුණා. ඔබේ පෙර ශිෂ්‍ය නායකයන් වන කිහිප දෙනෙක්ම නියෝජනය කරන්නේ ජනරළ කණ්ඩායම. ඇයි ඔබ, ඔබේ දේශපාලන ස්ථාවරය සගවන්නේ ”පිළිතුර- අපි සමාජ ව්‍යාපාරයක්. අපිට ආණ්ඩුවක් හදන්න වුවමනා නෑ. අපි බලපෑම් කණ්ඩායමක්. අපිට පවතින රජයට අභියෝග කරලා, බලපෑම් කරලා. නිවැරදි ගමනකට ඒ අය යොමුකරවන්නයි.

අපිට අරමුණු තියෙනවා. නිදහස් අධ්‍යාපනය රැුකගැනීම, ශිෂ්‍ය අයිතීන් ආරක්ෂා කරගැනීම මේ වෙනුවෙන් කටයුතු කරනවා. ” පෙරටුගාමීන්ට මෙහෙය විය හැකි බහුජන සමිති හෝ වෘත්තීය සමිති හෝ වෙනත් එවැනි ගණයේ සංවිධාන විශාල ප‍්‍රමාණයක් නැත. ඇත්තේ එකකි දෙකකි. ඉන් එක් සංවිධානයක ප‍්‍රකාශකයා වන සංජීව බණ්ඩාරට හෝ ඔහු නියෝජනය කරන බහුජන සංවිධානයට හෝ චමීර සදහන් කරන ක‍්‍රම වීරෝධී පොදු මධ්‍යස්ථාන අරමුණකට තබා අවම වාමාංශික ස්ථාවරයකටවත් පැමිණීමට නොහැකි වී ඇත. සංජීව පවසන්නේ ඔවුන්ගේ අරමුණ, ආණ්ඩුව නිවැරදි ගමනකට යොමු කරවීම බවයි. මේ අදහස ගැන චමීරගේ අදහස (වඩාත්ම හාස්‍යජනක තත්වය වන්නේ සංජිව බණ්ඩාර ඉන්නා පෙරටුගාමී ශිෂ්‍ය කමිටුව කැදවන්නේද චමීරම වීමයි* දැන් අපට දැනගත හැකිද? කටේ නරි වාදං රෙද්ද පල්ලෙන් බේරේ යැයි කියන්නේ මෙවැනි අවස්ථාවලටය. සංජිව බණ්ඩාර එයිනදු නොනැවතී තව ඉදිරියට යයි. ”නෑ. අපි කියන්නේ අපේ සටන කිසියම් දේශපාලන පක්ෂයක ස්ථාවරයන් අනුව කෙරෙන එකක් නෙවෙයි කියන එකයි. මේ මොහොතේ අපි ශිෂ්‍යයන් විදිහට පෙළගැහිලා ඉන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත, උසස් පෙළ ප‍්‍රතිපල අවුල, විශ්වවිද්‍යලවල පවතින ශිෂ්‍ය සුබ සාධන ගැටලූ කියන කාරණා වලට අනුගතවයි. එතකොට අපි කියන්නේ මේ සටන්වල ගෞරවය හිමිවිය යුත්තේ ශිෂ්‍යයින්ට... ඒක කිසිදු දේශපාලන ව්‍යාපාරයකට දෙනවට අපි කැමැති නෑ.” මෙය ඉතාම අදේශපාලනික ප‍්‍රකාශයකි. ඉතිහාසයේ සිට අන්තරයේ කිසිම කැ`දවුම්කරුවෙකු මෙවැනි මුග්ධ අරාජිකවාදී ධනේෂ්වර හෙජමොනියට හිතකර ප‍්‍රකාශ නිකුත් කර නැත.

චමීර ඒකාබද්ධ සටනක් ගැන කියද්දී ගෝලයා සංජීව, අනේ අපටනම් බෑ කියයි. පෙරටුගාමීන් සතු ඊළග බෝඞ් ලෑල්ලේ ප‍්‍රධානියා ධම්මික මුණසිංහයි. අටවා ගත් ව්‍යාජ රැුකියා විරහිත සංගමයක ප‍්‍රධානියා ඔහුය. සංජීවගෙන් කර ගන්නට බැරි වුණු විප්ලවවාදී භාවිතාව තුළ මුණසිංහවත් කටයුතු කළාද යන්න බලමු. ”කෙසේවුවද උපාධිධාරීන්ට රැුකියා ලබාදිය යුත්තේ දේශපාලන හිතවත්කම් මත නොවන බවත් මෙම පත්වීම් ලබාදීමේදී ඔවුන් උපාධිය ලැබූ වර්ෂය, සහ සුදුසුකම් මූළිකව සළකා බැලිය යුතු බවත් එම මාධ්‍ය නිවේදනයෙන් අවධාරණය කොට තිබේ. ඒ අනුව මැති ඇමතිවරුන් විසින් සකස් කළ රැුකියා ලැයිස්තු සම්පූර්ණයෙන්ම අවලංගු කර යෝජිත් රැුකියා 15,000 සාධාරණව ලබාදෙන ලෙසත්, අනෙකුත් සියලූ උපාධිධාරීන්ට රැුකියා ලබාදෙන වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කරන ලෙසත් එම නිවේදනය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ” (07.01.12 ධම්මික මුණසිංහ-පෙරටුගාමී වෙබ් අඩවිය) ඉහත මාධ්‍ය නිවේදනයේ මුඛ්‍ය හරය වී ඇත්තේ ආණ්ඩුවෙන් රැකියා ඉල්ලීම මිස විරැුකියා ගැට`ඵවට ස්ථීරසාර විස`දුමක් ලබා ගැනීම හෝ රැකියා විරහිත උපාධිධාරියා ක‍්‍රම විරෝධී, වාමාංශික අරගලයකට යොමු කරවීම හෝ නොවේ. ඛේදජනකම තත්වය වන්නේ 2012 පෙබරවාරි 03 වන දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව පෙරටුගාමී නායක ධම්මික මුණසිංහ ඔහුගේ අවසන් ප‍්‍රාර්ථනය මේ ආණ්ඩුව ගෙදර යැවීම බව කියයි. ඔහුගේ අරමුණ ක‍්‍රමය වෙනස් කිරීම නොවේ. ”මේ සියල්ල වෙනස් කරන්න කියල ආණ්ඩුවට අපි කියනවා. පසුගිය එජාප ආණ්ඩුව ගෙදර යවන්න උපාධිධාරීන් එදා පෙරමුණ ගත්ත වගේම තවදුරටත් උපාධිධාරීන් රැුවැට්ටුවොත් මේ ආණ්ඩුවත් ගෙදර යවන්න අපි පෙරමුණ ගන්නවා.

 අපි මේ සම්බන්ධයෙන් උපාධිධාරීන් පෙළගස්සන්න මේ මාසය පුරා දිස්ත‍්‍රික් සමුළු තියනවා. පළාත්, දිස්ත‍්‍රික්ක උද්ඝෝෂණ පවත්වනවා. යනුවෙන් වැඩිදුරටත් පැවසීය. වත්මන් රාජපක්ෂ ආණ්ඩුව රැුකියා විරහිත උපාධීධාරීන් දිගින් දිගටම රවටා ඇති බවත් තවදුරටත් ඔවුන් රැුවටීමට කටයුතු කළහොත් පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරලා දැමීමට උපාධිධාරීන් පෙරමුණ ගත්තා සේ වත්මන් ආණ්ඩුවද ගෙදර යැවීමට සියලූ බලවේග ඒකරාශීකරන බව ඒකාබද්ධ රැුකියාවිරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා පැවසීය.” ක‍්‍රම විරෝධය පැත්තකට තියමු. අඩු ගානේ මේ කියන විදියට ආණ්ඩුව එළවීමටවත් කිසිම උද්ඝෝෂණයක් ධම්මිකලා විසින් පැවත්වූයේ නැත. ඔහුගේ හපන්කම්, මෝඩකම් හා පුරසාරම් සියල්ල ර`ග දැක්වෙන්නේ පෙරටුගාමී වෙබ් අඩවිය තුල පමණි.


දිමුතු ආටිගල සටනට ප‍්‍රතිසංස්කරණවාදයට එරෙහි පෙරටුගාමීන්ගේ අනවරත අරගලය ඉදිරියට ගෙන යෑමට ඊළගට මැදිහත් වුනේ දිමුතු ආටිගලයි. 2012 මාර්තු 07 දින කාන්තා දිනය නිමිති කොට ගෙන (අපි නම් කැලැන්ඩරේට අනුව උද්ඝෝෂණය කරන් නෑ කියල කියපු කස්ටිය* ඇය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුාවේදී, කාන්තාවන්ගේ නිදහස උදෙසා සැමරුම් වලින් එහාට ගිය සටන් වැදීමක් අවශ්‍ය බව පැවසීය. එවැනි සටන් වදින පන්නයේ වැඩක් හෙට දින එනම් 2012 මාර්තු 08 වන දින කොළඹදී සිදුවන බවත් පවසන ලදි. ”සැමරුම්වලින් එහා ගිය සටන් වැදීමක් අවශ්‍යයි - දිමුතු ආටිගල කාන්තාවන්ගේ නිදහස සඳහා සැමරුම්වලින් එහා ගිය සටන් වැදීමක් අවශ්‍ය බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සභාපතිනි දිමුතු ආටිගල මෙනවිය පැවසුවාය. ඒ නිසා, මාර්තු 08වැනිදාට යෙදෙන කාන්තා දිනයේදී උද්ඝෝෂණික පාගමන් පැවැත්වීමටත් එහි තේමාව ‘සමරමුද? සටන් කරමුද?’ ලෙස තෝරා ගැනීමටත් තීරණය කළ බවද ඇය පැවසුවාය.

ජීවන බර සම්බන්ධ ප‍්‍රශ්ණය ගත්තත් එහි වැඩිම බරක් දැනෙන්නේ කාන්තාවන්ට. නමුත් මේ සියලූ පීඩනයන් හමුවේ බොහෝ කාන්තාවන් ඒ බර දරා ගැනීම හැර වෙන කරන්න දෙයක් නැතිව සිටිනවා. ඒ නිසා තමයි, සැමරුම්වලින් එහා ගිය සටන් වැදීමක් අවශ්‍යම වෙලා තිබෙන්නේ” (07.03.12 පෙරටුගාමී වෙබ් අඩවිය)

දිමුතු ආටිගලගේ මේ ප‍්‍රකාශය ඇසූ අපි සැවොම තුෂ්නිම්භූත වීමු. මේ යෝදි හෙට කොළඹ පොලිස් මුර පොළකටවත් පහර දෙයිද? නැත්නම් අඩු ගානේ අනගාරික ධර්මසේකර වගේ පාරේ යන පොලිස් නිළධාරියෙකුටවත් පහර දෙයිද? පෙරටුගාමීන්ගේ අනෙකුත් ප‍්‍රධාන බල ඇණි සහ එම බල ඇණි මෙහෙය වන පුබුදුලා, චමීරලා, සේනාධීරලා, දුමින්දලා පසෙකට දමා දිමුතු පන්ති සටන පටන් ගනීද? මේ තත්වය තුළ අවබෝධාත්මක මට්ටමේ සිය`ඵ දෙනා 2012 මාර්තු 08 දින තම සිය`ඵ වැඩ පසෙක දමා දිමුතුගේ පන්ති සටන් ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලය (සමහර විට යම් ඇ`දිරි නීතීය පැනවීමක් වැනි දෙයක්ද සිදු වීමට ඉඩ ඇති නිසා* බලාපොරොත්තු වෙමින් ගුවන් විදුලි සහ රූපවාහිනී යන්ත‍්‍ර අසලට වී සිටියෝය. නමුත් කිසිවක් ආරංචි නොවීය. සමහර විට වැඬේ අපි සිතුවාටත් වඩා ඉදිරියට ගොස් සිය`ඵම මාධ්‍ය ආයතන වලට පහර දී යටත් කර ගෙන වත්ද?
දින කීපයකට පසු සෑහෙන ආයාසයක් ගෙන සිදු වු දේ සොයා ගත්තෙමු. මු`ඵ ලංකාවෙන්ම එහෙන් මෙහෙන් සොයා ගත් කාන්තාවන් මු`ඵ පිරිස 78 ක් යොදවා මරදාන ටෙක්නිකල් හන්දියේ සිට පිට කොටුවට පා ගමනක් පැමිණ ඇත. විසිතුරු පරිසර පෙළපාළියකට වඩා පෙනුමක් එහී නොවීය. ගෑස් ටැංකි හා දර මිටි අසීරුවකින් ඔසවා ගත් නංගිලා කිහිප දෙනෙකි. මු`ඵ ශරීරයම මේකප් කර ගත් රූපවාහිනී මෙන් සැරසුණු ළ`දුන් කිහිපදෙනෙකි. හෙම්බත් වූ උද්ඝෝෂණයකි. සාමන්‍ය සැමරුමකි. එකම විශේෂත්වය වූයේ පැමිණි 78 දෙනාගෙන් බහුතරයක් සෑහෙන වියදමක් දරා මුද්‍රණය කරන ලද එකම වර්ගයේ ටී ෂර්ට් හැද සිටීමයි. ලංකාවේ අනෙකුත් වමේ හෝ වමේ නොවන කාන්තා සංවිධාන වලින් 2012 මාර්තු 08 දින පැවැත් වූ කාන්තා දින සැමරුම් හා උද්ඝෝෂණ වලින් මේ පෙරටුගාමී සැමරුම වෙනස් වුනේ කොතනින් දැයි අසා දැන ගැනීමට දිමුතු ආටිගල සොයා ගැනීමටවත් නොහැක. අද වන තුරු මේ උද්ඝෝෂණයෙන් පසු දිමුතු ආටිගල හෝ ඇගේ කාන්තා සංවිධානය කිසිදු දේශපාලන කටයුත්තක නිරත වීද නොමැත.

එතකොට සැමරුම් බදාගෙන ඉන්නේ කවුද? ලේඛනය මුලදී පෙරටුගාමීන් ප‍්‍රායෝගිකවාදය ගැන කියපු දේවල් අමතක විය හැකි නිසා නැවත පුබදු ජයගොඩගේ ප‍්‍රකාශයකට සවන් දෙමු. ”එදා එකම මන්ත‍්‍රී ධූරයක්වත් නැතිව රෝහණ සහෝදරයා නිර්ධන පංතියට ජයග‍්‍රහණ දිනා දුන්නා. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කලේ ධනපති ආයතන වල බලය තියාගෙන නොවෙයි. එකම මන්ත‍්‍රී ධුරයක්වත් නැතිව ඒ සටන ජය ගත්තා. නමුත් අද තත්වය මොකක්ද? හැම තැනකම මන්ත‍්‍රීවරු ඉන්නවා. හැම හන්දියක් ගානෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වෙනවා. මන්ත‍්‍රී ධූර තිබුණාට ඒවා පරද්දන්න බැරි වුණා. විලාසිතාවක් ලෙස රතු කමිසයක් ඇද ගෙන ඉන්න එක නොවෙයි වමේ දේශපාලනය කියන්නේ. (01.11.11 පෙරටුගාමී වෙබ් අඩවිය* පුබුදු කියන්නේ මන්ත‍්‍රී ධූර විශාල සංඛ්‍යාවක් තියාගෙනත් ජවිපෙට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පැරදවීමට නොහැකි වු නිසා ඔහු ජවිපෙ අතහැර ගිය බවයි. ඔහු හිතන්නේ මන්ත‍්‍රී ධූර තිබෙනවානම් ධනේෂ්වර ආණ්ඩුවල ඕනෑම ජනතා වීරෝධී ක‍්‍රියාවක් පැරදවිය හැකි බවයි. මෙහෙමත් න්‍යායික පොරවල්.
සුභේගේ ප‍්‍රාදුර්-භූත වීම. දිමුතුට පසු ප‍්‍රතිසංස්කරණ වීරෝධී විහි`ඵ සැපයීමට ඉදිරිපත් වන්නේ පෙරටුගාමී මධ්‍යම කමිටු සාමාජික එස්.කේ. සුභසිංහයි. කලින් පුබුදුගේ කථාවේ රතු කමිස අදින එකෙන් අදහස් කරන්නේ ඉදහිට කෑම දීරවීමට යම් යම් දේශපාලන ක‍්‍රියාමාර්ග වල නිරත වෙන බවයි. ඒ රතු කමිසකාරයාට අදාළ හොදම උදාහරණය සුභසිංහ සපයයි. පසුගිය කන්නයේ වී විකුණා ගැණීමට නොහැකිව ගොවීන් දුෂ්කරතාවයට පත්ව සිටි කාලයේ පුබුදුගේ රතු කමිස භූතයා එනම් සුභසිංහ හදිසියේ මාධ්‍ය සාකච්ඡුා පහනකින් දුමක් ලෙස මතුවිය. එම මාධ්‍ය සාකච්ඡුාව 23.02.12 දින පවත්වන ලදි. ඊට පසු 2012 පෙබරවාරි 29 දින දෙහිඅත්තකණ්ඩියේදී උද්ඝෝෂණයක්ද පැවත්වීය. ඒ පෙරටුගාමීන් එදා මෙදා තුර මු`ඵ ලංකාවටම පැවත් වූ එකම ගොවි උද්ඝෝෂණ යයි. ඒ පිළිබද තිබෙන වාර්තාවක් කියවමු.
”වී වල සහතික මිල වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් මහවැලි සී කලාපයේ ගොවීහු අද දෙහිඅත්තකණ්ඩිය නගරයේදී විරෝධතාවයක නිරතවූහ. ජනඅරගල ව්‍යාපාරය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. මහවැලි සී කලාපයේ ගොවි සංවිධාන රැුසක නියෝජිතයෝ විශාල පිරිසක් මෙම උද්ඝෝෂණය සඳහා සහභාගීවූහ. ජනඅරගල ව්‍යාපාරයේ මෙහෙයුම් මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.කේ. සුභසිංහ මහතා, ”අවුරුදු 4ක් තිස්සේ ගොවියාගේ වී වලට ආණ්ඩුව ලබා දෙන්නේ එකම සහතික මිලක්. නමුත් මීට වසර 4කට පෙර තිබූ ජීවන වියදමට වඩා අද ජීවන වියදම වැඩියි. අවුරුදු 4කට පෙර තිබුණේ ජීවන අංකය රුපියල් 22000ක් ලෙස අදවන විට එය රුපියල් 42000 දක්වා වැඩිවී තිබෙනවා. නමුත් ගොවියාගේ ආදායම වැඩිවී නැහැ. එනිසා වී වල සහතික මිලත් වැඩි වියයුතුයි. අනෙක් අතට අදවන විට කෘෂි යෙදවුම්වල මිල 70%කින් පමණ ඉහළ ගිහින්, ජීවන වියදම 80%කින් ඉහළ ගිහින් තිබෙනවා. එවැනි තත්වයක් තුළ පවතින සහතික මිලට වී දෙන්න බැහැ. එනිසා ගොවීන්ට තම ජීවිකාව ගෙනයාමට ප‍්‍රමාණවත් තරම් මිලක් සිය අස්වැන්නට ලබා දිය යුතුයි.
ගොවීන්ගේ එම ඉල්ලීම දිනා දීම සදහා ජන අරගල ව්‍යාපාරය මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට නායකත්වය දෙනවා. අද දෙහිඅත්තකණ්ඩියේ පැවැත්වෙන මෙම උද්ඝෝෂණය වගේම ඉදිරියේදී රට පුරා දිස්ත‍්‍රික්ක ගණනාවක මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීමට අප කටයුතු කර තිබෙනවා. (29.02.12 පෙරටුගාමී වෙබ් අඩවිය) පුබුදුගේ ප‍්‍රතිසංස්කරණවාදයට නොවැටිය යුතු යැයි සුභසිංහට අමතක වී ගොවීන්ගේ වී වල සහතික මිල වැඩි කරන්නැයි ආණ්ඩුවට බල කරයි. ඔහු අවසානයේ සදහන් කරන කිසිදු උද්ඝෝෂණයක් ද පැවැත්වුයේ නැත. අඩු ගානේ සුභසිංහ පදිංචි පොළොන්නරුවේ වත් පෙරටුගාමීන්ට ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නොහැකි විය.
එමෙන්ම පෙරටුගාමීන් විසින් 2012 ජනවාරි 09 දින මහත් ඝෝෂාවක් සිදු කර තරුණ සංවිධානයක්ද කොළඹදී පිහිටවූ අතර ඊට අදාලව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුාවෙන් හා උත්සවයකින් අවසන් වූ මේ සංවිධාන වලට සිදුවූයේ කුමක්දැයි සොයා බලන ලෙස අජිත් කුමාරට නැවත පොලිස්පතිගෙන් සහ සී.අයි.ඞී. යෙන් ඉල්ලා සිටිය හැක. හේතුව සී.අයි.ඞී. මෙන් ආයතනයකින් හැරෙන්නට මේ සංවිධාන වලට කුමක් සිදු වූ වාදැයි යන්න කිසිවෙකුට සොයන්නට බැරි නිසාය. රතු කමිස, ලිප්ටන් සහ කැලැන්ඩර් දැනටම ඔහුගේ උපුටා ගැනීම් එපා වී ඇතත් නැවතත් චමීර කොස්වත්තට සවන් දෙමු. ”කවුරු හරි රතු කමිස ඇන්දට ධනපති පංතිය බය වෙන්නේ නැහැ. නොවැම්බර් මාසේදී අයවැයට විරුද්ධව උද්ඝෝෂණ කලාට, කැලැන්ඩරේට අනුව අරගල කලාට බය වෙන්නේ නැහැ. ඒ විරෝධය ධනපති ක‍්‍රමයට ඕන. සෑම ධනපති රටකම විපක්ෂයක් තිබෙන්නේ එකට.” (01.11.11 පෙරටුගාමී වෙබ් අඩවිය) පාරෙදි දැක බලා ගැනීමට අපහසු කාරණයක් වුවත් පෙරටුගාමීන් ද රතු කමිස අදින බව ඔවුන්ගේ ඡුායාරූප වලින් පෙනේ. එමෙන්ම පසුගිය ජූනි 21 දින දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා පෙරටුගාමීන් පැවැත්වු උද්ඝෝෂණය පැවැත් වූයේද ලිප්ටන් වට රවුමේය. චමීරට හෝ පුබුදුට ඕනෑකම තිබ්බාට කොළඹ පවත්වන උද්ඝෝෂණ ගොඩගම හෝ එවැනි ප‍්‍රාදේශීය නගරයක පැවැත්වීමෙන් ඵළක් තිබේද?
අනාදිමත් කාලයක සිට ඒ සදහා ප‍්‍රකට ස්ථාන තිබේ. උදාහරණ:-හයිඞ් පිටිය, කැම්බල් පිටිය, කොටුව දුම්රිය පොළ, ලිප්ටන් වට රවුම. වෙනත් රටවලද එවැනි ස්ථාන ඇත. උදාහරණ:-එංගලන්තයේ ට‍්‍රැපල්ගාර් චතුරස‍්‍රය, චීනයේ ටියෙන් ආන් මෙන් චතුරස‍්‍රය, ප‍්‍රංශයේ බැස්ටීල භූමිය. කථාව කෙසේ වෙතත් පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණ ද තවමත් ගොඩගම හෝ කරගම්පිටියේ පැවැත්වූයේ නැත. ඔවුන් ද ආවේ පිට කොටුවටය, හයිඞ් පිටියටය, ලිප්ටන් වට රවුමටය. ඉතින් මේ ගොල්ලෝ කොහෙන්ද වෙනස්? කැලැන්ඩර් කථාවත් බලමුකෝ.අපි කලින් මාර්තු මාසේ කරපු කාන්තා දිනය ගැන දැන ගත්තා.ඊළගට අයවැයට මේ ගොල්ලෝ මොකද කෙරුවේ කියල බලමු.
”ලස්සන වටරවුම්වල පීඩිතයින් ඇවිදින අය වැයක්” - අජිත් කුමාර 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන කොට මහින්ද චින්තනය කියලා පොතක් එළිදැක්වූවා. අය වැය හදන්නේ ඒකට අනුවයි කියලා කිව්වා. නමුත් ඒකේ තියෙන දේවල් අය වැයේ තිබුණේ නැහැ. අය වැයේ තිබුණු දේවල් ක‍්‍රියාත්මක වුණේ නැහැ. ඊළගට 2010 තවත් එකක් එළියට දැම්මා ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ කියලා. ඒකෙන් කිව්වා, දරුවන්ට කිරි වීදුරුවක් දෙනවා, පෝෂණ මල්ලක් දෙනවා, නිවාස දෙනවා, රැුකියා දෙනවා, උපාධිධාරීන්ට ජනසභා ලේකම් පත්වීම් දෙනවා කියලා. නමුත් අය වැයෙන් ඒ ඔක්කොම හැලූනා. ඒ ගැන රටේ ලොකු උද්ඝෝෂණයක් ඇති වුණා.
ගිය අවුරුද්දේ අය වැය බැලූවාම ලොකු හීනයක් මැවුනා. නමුත් ඇමතිවරුන්ට තේරුනා, ගමට ගියාම මහජන දිනය කරන්නත් බෑ කියලා. අය වැයේ කරනවා කිව්වාට, කරන්න වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ අය වැයෙයි මේකෙයි හරයාත්මක වෙනසක් නැහැ. පෙනුමේ නම් පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා. විපක්ෂයේ මන්ත‍්‍රී වරුන්ට පහර දුන්නු එකත් පෙනුමේ වෙනසක්. අලූත් ව්‍යාපෘති නැහැ. නිෂ්පාදන ක‍්‍රමෝපායන් නැහැ. පසුගිය අවුරුද්දේ ආහාර සලාකය සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර තිබුණා. මේ සැරේ ඒක මිලියන 100 දක්වා කප්පාදු කරලා. ගෙවල් හදන්න මිලියන 250ක් වෙන් කර තිබුණා. මේ සැරේ මුදල් වෙන් කර නැහැ. ගෙවල් 76,000ක් හදන්න ඕන. නමුත් හදලා තිබෙන්නේ 12391යි. අවතැන් වූ ජනතාවට මනුෂ්‍යත්වයේ නාමයෙන් සලකනවා වෙනුවට පැත්තකට දාලා.” (29.11.11 පෙරටුගාමී වෙබ් අඩවිය)
මේ කථාවේ හරය ගෙන බලන්න. විපක්ෂයේ සිටින එජාප මන්ත‍්‍රීවරයෙකුගේ අයවැය කථාවක් සහ අජිත් කුමාරගේ මේ කථාව අතර කිසිදු වෙනසක් නොමැත. ඇත්තේ විවේචනය පමණි. කෝ ඔය කියන ක‍්‍රම විරෝධය. පෙරටුගාමීන් ඉහත සදහන් මාධ්‍ය සාකච්ඡුාවෙන් පමණක් සෑහීමකට පත්වූයේ නැත. ”උන්ට මගුල්,අපිට උගුල්” නමින් අයවැය පිළිබද දීප ව්‍යාප්ත සම්මන්ත‍්‍රණ මාලාවක් යැයි පවසමින් කොළඹ සම්මන්ත‍්‍රණය 2011.11.29 දින ජයවර්ධන කේන්ද්‍රයේදී පවත්වන ලදි. දේශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාරය. සහභාගිත්වය 50 කි. ඒ නිසාම සහභාගිත්වයේ ඡුායාරූප නොමැත. ජනතා ප‍්‍රතිචාර යහපත්වූ නිසාම වෙනත් සම්මන්ත‍්‍රණ ද පැවැත්වුනේ නැත.
 ඉන් දිරිමත් වු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් කුමාර ද දිමුතු ආටිගලට පසු නැවත රට හොල්ලන කි‍්‍රයා මාර්ගයක් තෝරන ලදි. ඒ ප‍්‍රතිසංස්කරණ ගණයට පවා දැමිය නොහැකි දේශපාලන වශයෙන් ඉතාමත් බාල ක‍්‍රියා මාර්ගයක් වු පාපැදියකින් පාර්ලිමේන්තුවට පැමිණීමයි. ”මන්ත‍්‍රී අජිත් කුමාර පාපැදියෙන් පාර්ලිමේන්තුවට- ”ජනතාව මත අධික බරක් පටවමින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ජන අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී. අජිත් කුමාර මහතා අද (21* පාර්ලිමේන්තුවට පාපැදියෙන් පැමිණියේය. පහත දැක්වෙන්නේ මන්ත‍්‍රී වරයා පාපැදියෙන් පාර්ලිමේන්තුවට පැමිණි ආකාරයයි.” (21.02.12 පෙරටුගාමී වෙබ් අඩවිය)
මේ අජිත් කුමාරගේ පාපැදියෙන් පාර්ලිමේන්තුවට පැමිණීම පෙරටුගාමී වෙබ් අඩවිය වාර්තා නොකලේ නම් රටට බලවත් පාඩුවක් සිදු වීමට ද ඉඩ තිබුණි. එනම්, 01* කැස්ත්‍රෝ හා චේගුවේරාට පවා සොයා ගත නොහැකි වු නව පන්ති සටන් විධික‍්‍රමයක් හදුන්වාදීමේ මහ`ගු අවස්ථාව ප‍්‍රචාරය නොවීම. 02* ගාල්ලේ අජිත් කුමාරව, ඔහු බයිසිකල් පදින මාර්ගයේ සිටින කොළඹ කිසිම අයෙකු නොහ`දුණන නිසා, සිදු කරන ලද එම විප්ලවවාදී කර්තව්‍යය ශූන්‍ය වී යැමට තිබු ඉඩ කඩෙන් ගොඩ ඒම. එම නිසා එම වෙබ් අඩවියට අපගේ විප්ලවවාදී ප‍්‍රශංසාව හිමි කර දීමට මෙය අවස්ථාවක් කර ගනිමු. ආණ්ඩුවටත් විපක්ෂයටත් අපි අයිති නෑ. පෙරටුගාමීන් දිගින් දිගටම කරන අදේශපාලනික ප‍්‍රකාශ බැලූ විට ජනතාව ඔවුන් සම`ග තබා ගත යුතු සබ`දතාව කුමක්දැයි කිසිවෙකුට නොවැටහේ. ”විපක්ෂයටත් මේ ගැන දැක්මක් නැහැ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ මොනවාද කියන්නේ ඔවුන් කියන්නේ එක්කෝ මේක කළමණාකරණයේ ප‍්‍රශ්ණයක් කියලා”

(පුබුදු ජයගොඩ 10.05.12 දින) මේ ප‍්‍රකාශයට අනුව පෙරටුගාමීන් අයිති ආණ්ඩුවටද විපක්ෂයටද නැත්නම් තවත් ....... වර්ගයකට දැයි ජනතාව විසින් තීරණය කළ යුතුව ඇත. මෙන්න තවත් ඒ ජාතියේම ප‍්‍රකාශයක්. ”කොටින්ම ජනතාවට ජිවිතය දෙන්න මේ ක‍්‍රමයට බැහැ. එවැනි ආණ්ඩුවක් තවදුරටත් පවතින්නේ විපක්ෂයේ තිබෙන මේ මුග්ධ ක‍්‍රියාකාරිත්වය නිසා” (පුබුදු ජයගොඩ* එතකොට තියෙන්නේ විපක්ෂයේ මුග්ධ කි‍්‍රයාකාරිත්වයක් නම් පෙරටුගාමීන් ඉන්නේ ඒක ඇතුලෙද? පිටද? නැත්නම් ආණ්ඩුවේද? කරුණාකර පැහැදිලි කරන්න. උපයෝගිතාවාදය දේශපාලනයේ දී උපයෝගිතාවාදය යනුවෙන් භාවිතා වෙන්නේ කන්ඩ ඕන වුණහම කබරයා තලගොයා කර ගැනීමට යි. උපයෝගිතාවාදයට එරෙහි බැව් පවසතත් පෙරටුගාමීන්ගේ මෙතෙක් දේශපාලන ගමනද උපයෝගිතාවාදී ගමනක් බව පෙනේ. පුබුදු ජයගොඩ පොත් පත් මොනවත් කලින් බලන්නට බැරි වු දවසක හදිසියේම බී.බී.සී. යේ සම්මුඛ සාකච්ඡුාවකට මාට්ටු විය. එහිදී ඔහු ප‍්‍රකාශ කළේ උතුරු නැගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල දුන්නාට කමක් නැති බවත් එල් එල් ආර් සී නිර්දේශයන් දුර්වල ඒවා වුවත් ඒවා කි‍්‍රයාත්මක කිරීමෙන් පමණක් ප‍්‍රමාණවත් නොමැති බවත්ය. මේ ප‍්‍රකාශය නිකුත් කිරීමත් සමග පෙරටුගාමීන්ගේ පහළ කැළඹුනි. පුබුදුගේ ප‍්‍රකාශය පෙරටුගාමීන්ගේ මතය වූවත් එය ප‍්‍රසිද්ධියේ කිරීමෙන් සිදු වු හානිය දුටු පෙරටුගාමීන් ඒ තත්වය නිවැරදි කිරීම චමීර කොස්වත්තට හා වරුණ රාජපක්ෂට භාර දෙන ලදි. අනතුරුව ඔවුන් දෙදෙනා විසින් ද කරන ලද ප‍්‍රකාශ වලින් පසු ජාතික ගැට`ඵව සම්බන්ධ පෙරටුගාමී මතය කුමක් දැයි කෙනෙකුට සොයා ගැනීමට නොහැකි වන ලෙස ව්‍යාකූල විය.

 ”ආණ්ඩුවේ 13+– කාලය කා දැමීමක් පමණයි - වරුණ රාජපක්ෂ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමේ විසදුමක් සම්බන්ධයෙන් මේ දිනවල ආණ්ඩුව ඇතිකර ඇති කතා බහ හුදු කාලය කා දැමීමේ වචන ප‍්‍රලාපයන් පමණක් බව ජන අරගල ව්‍යාපාරයේ ප‍්‍රචාරක හා මාධ්‍ය ලේකම් වරුණ රාජපක්ෂ මහතා පවසයි. මේවන විට රටේ ක්ෂේ්ත‍්‍ර ගණනාවක ආණ්ඩුවට එරෙහිව මතුව ඇති දැවැන්ත විරෝධය යටපත් කර ඒ සම්බන්ධයෙන් වන අවධානය වෙනතක යොමු කිරීම සඳහා ආණ්ඩුව මෙම සාකච්ඡුාව කරළියට ගෙන ඇති බව ඒ මහතා පෙන්වා දෙයි. මීට පෙරද අවස්ථා රාශියකදී ආණ්ඩුව ඉන්දියාව සහ දෙමළ ජාතික සන්ධානය සමග මෙවැනිම සාකච්ඡුා පවත්වා ඇති බවත් ඒවායේදීද මේ ආකාරයෙන්ම 13 වැනි සංශෝධනයට එහා ගිය විසදුමක් ලබා දෙන බවට ලිඛිත ගිවිසුම් පවා අත්සන් කළ බවත් නමුත් අවසානයේදී ඒ කිසිවක් ක‍්‍රියාවට නොනැගුණු බව ඒ මහතා පෙන්වා දුන්නේය. ” (24.01.12 පෙරටුගාමී වෙබ් අඩවිය) මෙහිදී වරුණ උත්සාහ කරන්නේ ආණ්ඩුව හා පෙරටුගාමීන් දෙගොල්ලන්ම 13+ වලට එකග වූවත් ආණ්ඩුව හා තමන් අතර යම් ප‍්‍රතිවිරෝධයක්ද ඇති බව පෙන්වීමටයි. පුබුදුට යම් වරදක් වූවානම් එය නිහතමානීව පිළි නොගෙන සිදු වූ අඩු පාඩුව උපයෝගිතාවාදී ලෙස වැසීමට ගොස් සිදු වූ අලාභ හානිය මින් පෙනේ.

දවල්ට චමීර රෑට කොස්වත්ත චමීර කොස්වත්ත පැය 1 1/2ක අභ්‍යන්තර දුරකථන සාකච්ඡුාවක් ආරම්භයේදී ජවිපෙට පහර ගැසීමට ඕනෑ වූ විට මෙසේ පවසයි. ”අපි ආවේ විප්ලවය කරන්න. හරි.... විප්ලවය කරන පක්ෂයක් හදන්න මොකක් හරි පක්ෂයක් හදන්න නොවේ. මේක අද කරන්නැත්නම් හෙට කරන්නෙත් නෑ ඔයා කියන අවස්ථා එන්නේ නෑ. අපි අවස්ථා උදාකර ගන්න ඕනෑ. දැන් උපයෝගිතාවය බලය පැවැත්ම මොනව හරි දේවල් ටිකක් කර කර ඉන්නවා. තව අවුරුදු 10ක් ඉන්න පු`ථවන් ” මෙහිදී චමීර කියන්නේ ජවිපෙ විප්ලවය කරන්නේ නැති නිසා තමන් ඉන් ඉවත් වූ බවයි’. අවස්ථා එනකම් නොඉද ඒවා උදාකර ගත යුතු බව සාකච්ඡුාව මුලදී කියයි. සාකච්ඡුාව අවසාන භාගයේ පෙරටුගාමී පක්ෂය රාජ්‍යබලය ගැන හිතන්නේ කෙසේ දැයි ඇසූ විට චමීර මෙසේ පිළිතුරු දෙයි ”අපිට සෑහෙන කාලයක් යනවා.... මේ හදිස්සියේ ඉක්මනට බලය ගන්න බෑ. අපිට ඒ නිසා මේ හදිස්සියේ මොනවා හරි කරලා බලය ගන්න එකට අපි විරුද්ධයි. ඒකයි අපි සමාජවාදය හදන්න නම් අපිට බලය ගන්න සෑහෙන කාලයක් යනවා. බලය ගන්න කොට අපි ඒ බලය හොබවන්න සමත් දියුණු විප්ලවවාදීන් ගොඩ නගන්න සෑහෙන කාලයක් තිස්සේ පරීක්ෂාවට ලක්කරලා යන්න ඕනෑ.” ජවිපෙ කල් ගත කරමින් බලය ගන්නේ නැතැයි චෝදනා කරන චමීර ඔවුන්ගේ පෙරටුගාමී භාවිතාව පිළිබද ප‍්‍රශ්ණ කරන විට පවසන්නේ ඔවුන්ටද සෑහෙන කාලෙකට බලය ලබා ගැනීමට නොහැකි බවයි. එය හදිසියේ කල නොහැකි දෙයක් බවයි. එකම කථාව තුල ස්ථාන 2ක බරපතල පරස්පර තාවයන් මතු කරයි. න්‍යාය පැටලීම. මෙතන දී අපි කථා කරන්නේ පෙරටුගාමීන්ගේ න්‍යායික පැටලීම් පිළිබදව දීර්ඝ සංවාදයක් නොවේ. එය වෙනත් ලිපියකින් කළ යුතු දෙයකි.

 මේ මූලික පටලවා ගැනීමක් පිළිබදවය. ”ධනවාදයේ උගන්වන්නේ ධනවතුන්ගෙන් බදු අය කර ගන්නවා කියලා. නමුත් මේ ආණ්ඩුව බදු අය කරන්නේ දුප්පතුන්ගෙන්. වැටුපෙන් කැපෙන්න ගන්නා ණයවලට අය කරන පොලී වැඩි කරලා. ඒ වගේම ක්‍රෙඩිට්කාඞ් වලින් අය කරන පොලී වැඩි කර තිබෙනවා. මේවා බලපාන්නේ අඩු ආදායම් ලාභී ජනතාවට” (පුබුදු ජයගොඩ 10.05.12 පෙරටුගාමී වෙබ් අඩවිය) පුබුදු කියවන ලද පුදුමාකාර මාක්ස්වාදී පොත් පත් වලට අනුව ධනවාදය ධනවතුන්ගෙන් පමණක් බදු අයකර ගනී. එවැනි ”දොස්තර හිත හොද” පන්නයේ ධනවාදයක් ගැන මාක්ස්වාදයේ ගුරුවරුන් කිසි දිනෙක සදහන් කොට නැත. මාක්ස්වාදයට අනුව ධනේෂ්වර ආණ්ඩු වැඩිපුර රිදවන්නේ දුප්පතුන්ටය. පුබුදුට එය ලෝක පුදුමයකි. අපි එහෙමයි කුමාර් ගුණරත්නම්ව අපේ‍්‍රල් මාසයේදී පැහැර ගෙන ගොස් නිදහස් කළාට පසුව පෙරටුගාමීන් හා සමහර අවස්ථාවලදී ගුණරත්නම් විසින් ම ස`දහන් කළේ කුමාර් ගුණරත්නම් කියා අයෙක් නොදන්නා බවට ජවිපෙ නායකයන් කරන ප‍්‍රකාශ කුහක ඒවා බවයි.

නමුත් පුබුදු ජයගොඩම පක්ෂය කඩාගෙන ගොස් සති තුනකට පසු 2011 සැප්තැම්බර් 27 දිවයිනට කියන්නේ මොකක්ද? ” ප‍්‍රශ්ණය :-කවුද මේ පේ‍්‍රම කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් මහත්තයා? පිළිතුර (-පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ, ලේකම් ටිල්වින් සිල්වා දෙදෙනාම මීට කලින් මාධ්‍ය වෙත ඔය ප‍්‍රශ්නයට උත්තරයක් දී තිබෙනවා. දේශපාලන මණ්ඩල සභිකයෙක් ලෙස මට කියන්න තියෙන්නෙත් ඒ උත්තරයමයි ” ලෙඞ්ඩු විකිණීම ලාංකීය දේශපාලනයේ චර්යාවන් තීරණය කිරීමේදී අනිවාර්ය ලෙසම අපේ සමාජයේ සංස්කෘතික හා සදාචාර සබ`දතාද ඊට සම්බන්ධ වේ. ලංකාවේ දේශපාලනය කරන වමේ හෝ දකුණේ සිය`ඵ දේශපාලන පක්ෂ වල නායකයන්ට සමාජ සම්බන්ධතා විෂයේදී පැවරුණු වැඩ කොටසක් ඇත. ඒ අතර මළ ගෙවල් වලට යාම, මගුල් ගෙවල් වලට යාම, ලෙඞ්ඩු බැලීමට යාම, දන්සැල් හා තොරණ විවෘත කිරීම, උත්සව වලදී මුණ ගැසෙනා ළමුන් සුරතල් කිරීම වැනි අවස්ථා උදාහරණයට ගත හැක. ආසියාතික අගතීන්ගෙන් මිදී ඉන්නා බව කියන පෙරටුගාමීන් තමන්ගේ පසුගාමීත්වය ප‍්‍රදර්ශණය කරමින් සිටී.

 මේ වාර්තාව බලන්න. ”ජනඅරගල ව්‍යාපාරය, පහරකෑ යාපනයේ සිසු නායකයාගේ සුවදුක් බලයි පසුගියදා යාපනයෙදී පහරකෑමට ලක්වූ යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් ධර්ෂන්දන් මහතාගේ සුව දුක් බැලීම සදහා ජනඅරගල ව්‍යාපාරයේ ප‍්‍රචාරක සහ මාධ්‍ය ලේකම් වරුණ රාජපක්ෂ මහතා පෙරේදා (23* ඒ මහතාගේ යාපනයේ පිහිටි නිවසට ගියේය.” (25.05.12 පෙරටුගාමී වෙබ් අඩවිය* වරුණ රාජපක්ෂ යාපනයේ වෙනත් කටයුත්තක් ස`දහා යන ගමන්, යාපනය සරසවියේ පහර කෑමට ලක් වූ ශිෂ්‍ය නායකයෙක් බැලීමට ද ගොස් ඇත. ලෙඞ්ඩු බැලීමට යාම අපේ සමාජයේ තිබෙන යහපත් සිරිතකි. නමුත් ඒ යහපත් සිරිත පෙරටුගාමීන්ට නම් වෙනත් අර්ථයක් ගෙන දෙන්නකි. ඔවුන් එම සද්ගුණවත් සිිරිත ද උපයෝගිතාවාදයට වැටී අලෙවි කරයි. දේශපාලන ව්‍යාපාරයක සදාචාරය මොනතරම් පහත් මට්ටමකට වැටීමක්ද? නිෂේධනයේ තාර්කික වාසිය තමන්ට පිළිතුරු දෙන්නට අසීරු ගැට`ඵ සමාජය පැත්තෙන් ඉදිරිපත් වූ විට පෙරටුගාමීන් කරන්නේ උපයෝගිතාවාදී තර්ක ක‍්‍රමයක පිහිට ලබා එම ප‍්‍රශ්න වලින් පැන යෑමයි. ඔවුන් නිගමනය ගන්නේ යමක් සිදුවීම මත නොව සිදු නොවීම මතයි. බලන්න, එම තර්කනයේ පිහිටෙන් කුමාර් ගුණරත්නම් ප‍්‍රශ්න වලින් පැන යන හැටි බලන්න.

”ප‍්‍රශ්නය: ව්‍යාජ ගුවන් බලපත‍්‍රයක් භාවිතා කිරීම,හිරෙන් පැන යාම ආදී චෝදනා ඔබට එල්ල වෙනවා නේද? කුමාර් ගුණරත්නම්: පසුගිය අපේ‍්‍රල් 09 වෙනිදා රාත‍්‍රී ආණ්ඩුවේ ඉහළම නිළ යාන්ත‍්‍රණයන් තුළ සිටි මා වෙත මෙවැනි කිසිදු චෝදනාවක් ඉදිරිපත් වුයේ නැහැ. එසේ තිබුණානම් ඔවුන්ට ඒ මත පදනම්ව කටයුතු කළ හැකිව තිබුණා. (22.04.12 ලක්බිම ඉරිදා සංග‍්‍රහය* ඔහූගේම ප‍්‍රකාශයට අනුව කුමාර් ගුණරත්නම් කිසිදු වරදක් කර නොමැත්තේ ඔහු එම වැරදි නොකල නිසා නොව ඒ පිළිබද ඔහුට චෝදනා ඉදිරිපත් නොකිරීම නිසාවෙනි. බැරි වෙලාවත් චෝදනාවක් ඉදිරිපත් වුණානම් එවිට ද ඔහු වරද භාර ගනීවි යැයි සිතිය නොහැක. එවිට එම චෝදනා ඉදිරිපත් වෙන්නේ ධනේෂ්වර ආයතන වලින් යැයි පැවසිය හැක. මේ ස්ථාවරයේ සිටින අයෙකුට ඔහුගේ කුමන හෝ වැරද්දක්, සමහර විට පුද්ගලික ජිවිතයේ වැරද්දක් හෝ කිසි දිනෙක කිසි විටෙක පෙන්වා දිය නොහැක. ඉහත තර්කයම පෙරටුගාමීන්, කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල එක නිවසක වාසය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූවා යැයි නැගෙන චෝදනාව නිෂ්ප‍්‍රභ කිරීමටද යොදා ගනී. බලන්න එම තර්කය ගොඩ නගන ආකාරය. ”පොලීසිය එවැනි දෙයක් නොකී බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් වන කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල එකම ස්ථානයකදී පැහැර ගැනීමට ලක්ව ඇති බවට කිසිදු තොරතුරක් නොමැති බවත් තමන් එවැනි ප‍්‍රකාශයක් මාධ්‍ය වෙත ප‍්‍රකාශ නොකළ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා තිබේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතා සිදුකළ විමසීමකදී ඔහු ඒ බව පවසා ඇත.

කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල මෙනෙවිය එකම ස්ථානයකදී පැහැරගැනීමට ලක්ව ඇති බව ආරක්ෂක අංශ පවසන බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තමා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් අදාල විමසීම කළ බව අජිත් කුමාර මන්ත‍්‍රීවරයා අප සමග පැවසීය.” (පෙරටුගාමී වෙබ් අඩවිය* කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල එකම නිවෙසක සිටියා යැයි නැගුන චෝදනාව ඉදිරියේ පෙරටුගාමීන් මුලින්ම කළ යුත්තේ කුමක්ද? මේ දෙන්නා එහෙම හිටියාද කියා පොලීසියෙන් විමසීමට පෙර තම පක්ෂයේ ප‍්‍රතිපත්තීන්ට හා ව්‍යවස්ථාවට අනුව එවැනි සිදුවීමක් තම පක්ෂයට හානි දායකද නැද්ද යන්න පිළිබදව පක්ෂය තුළ සාකච්ඡුා කළ යුතුය. ඉන් පසු එම චෝදනාව සත්‍යයක් දැයි පේ‍්‍රම කුමාර් ගුණරත්නම්ගෙන් හා දිමුතු ආටිගලගෙන් විමසිය යුතුය. එම පිළිතුරු අනුව තීරණයක් ගත යුතුය. නමුත් පෙරටුගාමීන් මුලින්ම කරන්නේ මේ දෙදෙනා එකට සිට අසු වූවාද යන්න පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගෙන් විමසීමයි. එසේ විමසීමේදීත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලබා දෙන පිළිතුර පෙරටුගාමීන් අනිවාර්්‍යයෙන් කලින්ම දනී. හේතුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට මේ දෙදෙනා එකට සිටි බව තබා ඔවුන් වෙන වෙනම සිට හෝ පැහැර ගැනීමකට ලක් වූ බව, තමන් දන්නා බව හෙළි කරන්නට බැරිය. එසේ වුවහොත් මේ පැහැර ගැනීමේ වගකීම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ කර මතට වැටේ. මේ බව දන්නා අජිත් කුමාර හිතා මතාම නෑ යන උත්තරය ලබා ගැනීමට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගෙන් ඉහත ලෙස ප‍්‍රශ්ණ කරයි. සංදර්ශනවාදී වීම පෙරටුගාමීන් ජවිපෙන් ඉවත් වීමේදී කියන ලද තවත් අදහසක් වූයේ විශාල සංදර්ශනවාදී වැඩ තමන් අනුමත නොකරන බවයි.

නමුත් භාවිතාව තුළදී පෙරටුගාමීන් තමන්ගේම විවේචනයට ගොදුරු වී ඇත. 2011 පෙරටුගාමීන් පැවැත්වූ ඉල් සමරුවට සුගතදාස කී‍්‍රඩාංගණයම ගැනීමට මහත් සේ වලිකන ලදි. ඊට හේතුව වූයේ, 2011 සැප්තැම්බර් වල සිදු වූ ජවිපෙන් පෙරටුගාමී කල්ලිය ඉවත් වීමටත් පෙරම ජවිපෙ ඉල් සමරුව විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වීමට තීරණය කර තිබීම පෙරටුගාමීන් ද දැන සිටීමයි. පෙරටුගාමී සමරු දේශනයේදී චමීර කොස්වත්ත පැවසුවේ අද ජවිපෙ විහාර මහා දේවියට පල්ලම් බැස ඇති බවත් මෙවන් විශාල ශාලාවක තමන්ට ඉල් සමරුව පැවත්වීමට හැකි වීම ආඩම්බරයට කරුණක් බවත්ය. එහිදී චමීර සදහන් නොකළ කරුණු මේවාය. (අ* ජවිපෙ ඉල් සමරුව විහාර මහා දේවියේ පැවැත්වීමට තීරණය කළේ චමීර ද ඇතු`ථ කල්ලිවාදීන් ද සහභාගි වු ජවිපෙ මධ්‍යම කමිටුව තුළ බව. (ආ* එදින සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැති හතරෙන් එක් පැත්තක් සම්පුර්ණයෙන්ම (අති විශාල වේදිකා පසු තලයක් සාදා* වසා දැමු බව. එමගින් සෘජු ලෙස මුලූ ආසන ප‍්‍රමාණයෙන් සියයට විසි පහකුත්, වසා තිබු පැත්තට මායිමේ තිබෙන පැති දෙකේ ආසන්න ආසන විශාල ප‍්‍රමාණයකුත් ලෙස මුලූ ආසන වලින් සියයට තිහත් හතළිහත් අතර ප‍්‍රමාණයක් භාවිතා කිරීමට නොහැකි වන ලෙස වේදිකා පසු තලය සෑ¥ බව. (ඇ* 88/89 අරගලයේදී මිය ගිය ජවිපෙ සාමාජික සාමාජිකාවන්ගේ නිවෙස් වලට ගොස් ජවිපෙ විසින් එම නිවෙස් වලට වන්දි ලබා නොදුන් බවත් පෙරටුගාමීන් විසින් ඉදිරීයේදී අදාළ වන්දි ලබා දෙන බවත් පවසා, එම සාමාජික සාමාජිකාවන්ගේ ඡුායාරූපද එකතු කර වන්දි ලබා ගැනීමට නම් 2011 නොවැම්බර් 13 දින පෙරටුගාමී ඉල් සමරුවට පවුලේ කිහිප දෙනෙකු සහභාගි විය යුතු බවට බල කළ බව. මුලූ කී‍්‍රඩාංගණ භූමිය පුරාමත් පිටතත් විශාල ආකෘති, විශාල සැරසිලි ඉදිකර තිබුණි. සමස්ත ඉල් සමරුවට ලක්ෂ 90 කට කිට්ටු මුදලක් වියදම් කර තිබු අතර ඉල් සමරුවේ තිබු දැවැන්ත ප‍්‍රචාරක හැඩයට පෙරටුගාමී පක්ෂය තුළින්ම පැමිණි විරෝධය තුළ ඔවුන්ගේ මධ්‍යම කමිටු සාමාජිකයන් කිහිප දෙනෙකු ද පක්ෂය හැර යන ලදි. අපේ ජීවන විලාශය-මාධ්‍ය සාකච්ඡා, මාධ්‍ය නිවේදන හා ප‍්‍රකාශ වේ පුබුදු ජයගොඩ 2011 ඔක්තෝම්බර් 05 වන දින නුවරදී පැවතී සම්මන්ත‍්‍රණයකදී පැවසූවේ වමේ පක්ෂයක කාර්යභාරය වන්නේ සතියකට මාධ්‍ය සාකච්ඡුා කීපයක් පැවැත්වීම නොවන බවයි. ”වමේ ව්‍යාපාරය කියන්නේ සටන් පාඨ පුනරුච්ඡුාරණය කිරීම හෝ සතියකට මාධ්‍ය සාකච්ඡුා තුනක් පැවැත්වීම හෝ සම්මන්ත‍්‍රණ පැවැත්වීම නොවේ. වමේ ව්‍යාපාරය කියන්නේ ජිවන විලාශයක්.”

 (පුබුදු ජයගොඩ 05.10.11 නුවරදී* මේ ප‍්‍රකාශය නිසාම අපිදු පෙරටුගාමීන් රට තුළ නව වමේ ජිවන විලාශයක් තහවුරු කරන ආකාරය දෙස බලා සිටියෙමු. එහිදී අපි දුටු සමහර නිරීක්ෂණ මෙසේය. (01* පෙරටුගාමීන් ජවිපෙන් බිදී යාමෙන් පසු 2012 ජූලි මුල් සතිය වන විට මාධ්‍ය සාකච්ඡුා 38ක් පවත්වා ඇත. (02* එම කාලය තුළම මාධ්‍ය නිවේදන 16 ක් නිකුත් කර ඇත. (03* ලංකාවේ මාධ්‍ය සාකච්ඡුා සහ මාධ්‍ය නිවේදන සංස්කෘතියට අලූත් අංගයක් ද පෙරටුගාමීන් හදුන්වා දී ඇත. එනම් මාධ්‍ය සාකච්ඡුා හා නිවේදන නිකුත් කිරීමට කම්මැලි වු විට ”මාධ්‍ය ප‍්‍රකාශ” නමින් වචන කිහිපයක් මාධ්‍ය වලට මුදා හැරීමයි. දැනට එවැනි මාධ්‍ය ප‍්‍රකාශ 30ක් නිකුත් කර ඇත. මෙම නිරීක්ෂණ වලින් පෙනෙනුයේ පෙරටුගාමීන් 2011 සැප්තැම්බර් සිට 2012 ජූලි මුල දක්වා මාධ්‍ය වලට සිදු කරන ලද ප‍්‍රකාශයන් (සාකච්ඡුා, නිවේදන, ප‍්‍රකාශ*මුලූ එකතුව 84ක් (ඇමුණුම 01* බවයි.එය මාස ගණනෙන් බෙදු විට දළ වශයෙන් මසකට මාධ්‍ය සාකච්ඡුා 08ක් පවත්වා ඇත. ඉතින් පුබුදු දැන් මොකද කියන්නේ? මේ කොහෙද යන්නේ? ඔබලාගේ ජිවන විලාශය මේකද? කළු සල්ලි සුදු කිරීම පෙරටුගාමීන් ජවිපෙන් වෙන්වී ගිය පසු මුදල් සෙවීම සදහා ජනතාව සම්බන්ධ කොටගත් කිසිදු ක‍්‍රියා මාර්ගයක් ගත්තේ නැත. ඒ අතර ඔවුන්ට ඕස්ටේ‍්‍රලියාවෙන් හා ඉන්දියාවෙන් මුදල් ලැබෙන බවට චෝදනා එල්ල විය. කුමාර් ගුණරත්නම්ගේ පැහැරගැනීමේ නාටකයෙන් පසු මේ චෝදනා වඩාත් ප‍්‍රභල විය. පසුගිය කාලයේ ඔවුන් විසින් කරන ලද ප‍්‍රධාන වියදම් දළ වශයෙන් මෙසේය. 1. ඉල් සමරුව - ලක්ෂ 80 2. ජන අරගල පිහිටුවීම - ලක්ෂ 40 3. පෙ.ස.ප. සමු`ථව - ලක්ෂ 65 4. ඉරිදා පුවත්පත සදහා - ලක්ෂ 100 දළ වශයෙන් ගත් කල ලක්ෂ 300ක් පමණ වියදම් කොට ඇත.

මේ තත්වය තුල පෙරටුගාමීන් පසුගිය ජූනි 12 දින කැට දිනයක් පවත්වන බවට මාධ්‍ය හරහා ප‍්‍රචාරය කරන ලදි. ඒ ඔවුන්ගේ පළමු කැටයයි. මෙතෙක් කල් කැටයක් වත් නොකර ලක්ෂ 300කට වඩා වැඩි මුදලක් වියදම් කල ඔවුන් හදිසියේම ඔවුන්ට ක`ථ මුදල් පිළිබද නැගි චෝදනා යටපත් කර ගැනීමට ප‍්‍රදර්ශනාත්මක කැට දිනයක් පවත්වන ලදි. එම කැට දිනයේ නිරීක්ෂණ පහත පරිදි වේ. 1. රටේම කැට දිනය පැවැත්වූයේ දිස්ත‍්‍රික්ක 07ක පමණි. 2. කොළඹ කැටයේ ඡුායාරූප මාධ්‍ය වලට නිකුත් කළ අතර එම ඡුායාරූප වලට අනුව කැටයට සහභාගී වූ පුබුදු ජයගොඩ ඇතු`ථ පිරිස සිය`ථ දෙනාම කැට දිනය වෙනුවෙන් නිර්මාණය කරනලද ටී ෂර්ට් ඇද සිටියෝය. එම ඇදුම් වල වියදම පියවීමටම හරිනම් දින 03ක්වත් කැටය කල යුතුය. 3. කුරුණෑගල කැට දිනයදා පැමිණියේ දෙදෙනෙකි. කොහෙන්දෝ සොයාගත් වීදි නාට්‍යයක්ද පැමිනුනි. කුරුණෑගල උමං මාර්ගය අසල වීදි නාට්‍ය ර`ග දක්වා වීදි නාට්‍ය කණ්ඩායම විනාඩි 45කින් පමණ අතුරු දහන් විය. කැට සෙලවූයේද නැත.

වියදම අවම ලෙස වීදි නාට්‍ය කණ්ඩායමේ ප‍්‍රවාහන වියදම් සහ උදේ ආහාරය සදහා රුපියල් 5000ක් වත් යන්නට ඇත. කුරුණෑගල කැටයේ ආදායම රු:0 කි. 4. ගම්පහ කැට දිනයට පිරිස් සහභාගීත්වය 16කි. කැටය වේයන්ගොඩ පැය 02ක් සිදු කොට නිට්ටඹුවට ගියෝය. එහිද පැය 02ක් පමණ සිට කිරිබත්ගොඩට ගියෝය. ඒ සදහා වෑන් රථයක්ද සපයා තිබුනි. අරමුණ මුදල් සෙවීම නොව මුදල් සෙවීම පෙන්වීම බව පෙනේ. ටික කලකට පෙර දිමුතු ආටිගල හා වරුණ රාජපක්ෂ දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ගෙන ඇතැයි දිවයින පුවත් පතේ පලවූ ප‍්‍රවෘත්තියකට එරෙහිව ඔවුන් දෙදෙනා දිවයින පුවත්පතට එන්තරවාසියක් යවා ඇත. ”දිවයින හා අයිලන්ඞ් පුවත්පත් වලට එරෙහිව වරුණ හා දිමුතු නඩු ම`ගට” ”දේශපාලන මණ්ඩල සභික දිමුතු ආටිගල සහ එහි මධ්‍යම කමිටු සාමාජික වරුණ දීප්ත රාජපක්ෂ දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබා ගත් බවට දිවයින හා අයිලන්ඞ් පුවත්පත් වල පලවී ඇති පුවත සම්බන්ධයෙන් එම පුවත්පත් වලට එරෙහිව එන්තරවාසි යවා තිබේ. අදාල ප‍්‍රවෘත්තිය මගින් අසත්‍ය කරුණු පළ කර වරුණ රාජපක්ෂ මහතාට සහ දිමුතු ආටිගල මෙනවියට අපහාස කර ඇති බවත්, එකී ප‍්‍රවෘත්තිය පුවත්පතේ මීලග කලාපයෙන් නිවැරදි කරන ලෙසත්, එසේ නොකල හොත් එක් පුවත් පතකින් රුපියල් මිලියන 10 බැගින් වන්දි ඉල්ලා නඩු පවරන බවටත් එම එන්තරවාසියේ සදහන් වේ.” (14/10/11 පෙරටුගාමී වෙබ් අඩවිය) මෙම එන්තරවාසිය යවා දැනට මාස 09ක් ගත වී ඇතත් දිවයින පුවත්පතේ ඉහත කරුණු නිවැරදි කොට නොමැති අතර මිලියන 10ක් තබා රුපියලක් වත් ඉල්ලා නඩු පවරාද නොමැත. දැන් කවුද හරි? දිවයිනද? පෙරටුගාමීන්ද? නව ආදර්ශයක් ‘ෆැසිස්ට්වාදයේ නැගීම හමුවේ රැ‍ඩිකල් වමක සුන්දර බලාපොරොත්තුව’ නමින් දේශණයක් පසුගිය ජූනි 21 දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වෙන බවට කොළඹ දිස්ත‍්‍රික්කය පුරා පෝස්ටර් අලවා තිබුණි. සංවිධානය පෙරටුගාමීන්ගෙනි. දේශකයා වරුණ රාජපක්ෂය.

එදින එම දේශණයට සවන් දීමට ගිය දෙතුන් දෙනා දුටුවේ කුමක්ද? දේශණයක් පැවැත්වීමේ කිසිදු සූදානමක් ජූනි 21 දින මහජන පුස්තකාලයේදී දක්නට නොවීය. ශාලාවද වසා තිබුණි. සංවිධායකයෝ පළා ගොස්ය. මේ බව ආරංචි වූ වරුණද දේශණයට පැමිණියේ නැත.” නමුත් පසු දින පෙරටුගාමී වෙබ් අඩවිය. මේ පිළිබදව සදහන් කළේ කුමක්ද? රටේම ජනතාව ගොනාට අන්දමින් එම දේශණය පැවැත්වූවා සේ වාර්තාවක් පළ කරන ලදි. ‘සයිරිසා වමට නව ආදර්ශයක් - වරුණ රාජපක්ෂ’ ”ග‍්‍රීසියේ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් වාමාංශික දේශපාලනය ඉල්ලා සිටින බව එහිදී සයිරිසා පක්ෂයේ ක‍්‍රියාකාරීත්වය හා ජයග‍්‍රහණය වමේ ව්‍යාපාරයට අලූත් අත්දැකීමක් බවත් ජන අරගල ව්‍යාපාරයේ මාධ්‍ය හා ප‍්‍රචාරක ලේකම් වරුණ රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව පැවසූයේ ‘ෆැසිස්ට්වාදයේ නැගීම හමුවේ රැුඩිකල් වමක සුන්දර බලාපොරොත්තුව’ යන තේමාව යටතේ කොළඹ මහජන පුස්තකාලයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද දේශණයකදීය.” (26/06/12 පෙරටුගාමී වෙබ් අඩවිය) එම ව්‍යාජ වාර්තාවේ වරුණගේ බෙල්ල නැති ටී ෂර්ටයක් හැද සිටින කලින් මාධ්‍ය සාකච්ජාවකදී ගන්නා ලද ඡුායාරූපයක්ද එකතු කොට ඇත.

 පෙරටුගාමීන් කල මෙම ව්‍යාජ රංගනය වැනි කටයුත්තක් මෙරට කිසිදු දේශපාලන පක්ෂයක් විසින් මීට පෙර සිදු කර නොමැත. කරනකොට මෙහෙමයි පෙරටුගාමීන් කලින් පැවසූයේ ජවිපෙ පසුගිය ජනාධිපති වරණයේදී එජාපය හා සරත් ෆොන්සේකා සමග කටයුතු කිරීම දේශපාලන වරදක් බවයි. නමුත් පෙරටුගාමීන් මෑත කාලයේ කටයුතු කර ඇත්තේ කෙසේද? 2011 දෙසැම්බර් 17 දින පෙරටුගාමීන් මාධ්‍ය සාකච්ඡුාවක් කැදවූ අතර එ් සදහා එක්සත් ජාතික පක්ෂයේ නීතීඥ සංගම් ප‍්‍රධානී ගුණරත්න වන්නිනායක සහ එජාප පළාත් සභා මන්ත‍්‍රී ශිරාල් ලක්තිලක සමග පෙරටුගාමීන් එකට වාඩිවී ලලිත් හා කුගන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලදි.

සරත් ෆොන්සේකා නිදහස් කරනු යන්නෙන් කාටත් කලින් පෙරටුගාමීන් විසින් පෝස්ටර් ව්‍යාපාරයක් මේවසර මුලදී දියත් කරන ලදි. එය පසුව පෙරටුගාමීන්ගේ අභ්‍යන්තර අර්බුධයක් දක්වාද දිගු විය. පෙරටුගාමී දිස්ත‍්‍රීක් සංවිධායකයින් ගනනාවක්ම එම පෝස්ටරය ඇලවීමට නොහැකියැයි පවසා ඔවුන්ගේ පක්ෂ මූලස්ථානයට විරෝධය දක්වන ලදි. ජනරාල් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ව්‍යාපාරයටද එකතු වීමට තීරණයක් ගත් පෙරටුගාමී මූලස්ථානය එම තීරණයට පක්ෂයේ පහලින් ආ දැඩි විරෝධය නිසා නැවත එම තීරණය අකුලා ගන්නා ලදි. මෙසේ ඉහත අප සදහන් කල සිය`ථම කරුණු වලින් පෙනෙනුයේ පෙරටුගාමීන් ආරම්භයේදී ඔවුන්ම එපා යැයි කියූ ප‍්‍රායෝගිකවාදය තුල නහය ලගටම ගිලී ඇති බවයි. ඕස්ටේ‍්‍රලියාවේ ආදි වාසීන් භාවිතා කළ ලීයෙන් තනන ලද බූමරංගය නම් උපකරණය ඈතට විසි කල විට වටයක් කැරකී ගොස් නැවත තමන් අසලටම පැමිණේ. පෙරටුගාමීන්ද ප‍්‍රායෝගිකවාදය නැමති තමන්ගේම බූමරංගයේ ප‍්‍රහාරයට ලක්වී ඇත.

 ඇමුණුම 01 (01* මාධ්‍ය සාකච්ඡා වල විස්තර (1.01* 01.11.11 සමාජවාදී ශිෂ්‍ය සංගමයේ තනතුරු වෙනස් කරන්න බෑ-චමීර කොස්වත්ත
(1.02* 08.11.11 මේක තවත් එක් ඉල් විරු සමරුවක් නොවේ-සේනාධීර ගුණතිලක
 (1.03* 04.12.11 ජවිපෙ වෘත්තීය සමිති වාදයේ නිරුවත හෙළිවේ
 (1.04* 11.12.11 උතුරේ මාධ්‍ය හමුව
 (1.05* 17.12.11 ලලිත් හා කුගන් වෙනුවෙන්
 (1.06* 27.12.11 ප‍්‍රතිඵල නැවත සමීක්ෂණය කළ යුතුයි-දුමින්දනාගමුව
 (1.07* 01.01.12 ලලිත් කුගන් පැහැර ගැනීමේ වගකීම ආණ්ඩුවත් හමුදාවත් භාර ගත යුතුයි-චමීර කොස්වත්ත
 (1.08* 04.01.12 පළා යන්නේ නැතුව අරගල කළ යුතුයි-වරුණ රාජපක්ෂ
 (1.09* 11.01.12 හෙට අනිද්දා බැසිල් පිටුපසත් කොටි ඉන්නවා කියාවි-දුමින්ද නාගමුව
(1.10* 12.01.12 බොරු අවලාද නොනගා චෝදනා ඔප්පු කරන්න-චමීර කොස්වත්ත
 (1.11* 18.01.12 යාපනයේ අත් පති‍්‍රකා බෙදීමට බාධා කිරීමට එරෙහිව-දුමින්ද නාගමුව
(1.12* 25.01.12 විවිධ අවලාද පිළිබදව-චමීර කොස්වත්ත
(1.13* 31.01.12 වරාය සේවක අයිතීන් පාවා දුන්නේ වෘත්තීය සමිති නායකයෝ
 (1.14* 06.02.12 සරත් ෆොන්සේකා ඇතු`ඵ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න-අජිත් කුමාර
(1.15* 12.02.12. තෙල් මිල ඉහළ දැමිමේ සෑබැ හේතුව ආණ්ඩුව සගවනවා-පුබුදු ජයගොඩ
(1.16* 16.02.12 ධීවරයාට වෙඩි තබා මළ සිරුරත් බිම දමා පැගුවා-දුමින්ද නාගමුව
 (1.17* 22.02.12 තෙල් මිලට එරෙහිව-අජිත් කුමාර
 (1.18* 23.02.12 ජන අරගල ව්‍යාපාරය ගොවි අරගල බිමට
 (1.19* 03.03.12 ගැටුමක් නෑ තියෙන්නෙ සෙල්ලමක්-චමීර කොස්වත්ත
(1.20* 07.03.12 සැමරුම් වලින් එහාට ගිය සටන් වැදීමක් අවශ්‍යයි-දිමුතු ආටිගල
(1.21* 08.03.12 පහර දෙන්නේ බංකොලොත් කම නිසා චමීර කොස්වත්ත
(1.22* 29.03.12 පෙ.ස.ප එළි දකී
 (1.23* 29.03.12 පෙ.ස.ප පළමු මාධ්‍ය හමුව
 (1.24* 08.04.12 මේ මර්දනය කියන්නේ ආණ්ඩුවේ අන්තිම මර ලතෝනියයි-පුබුදු ජයගොඩ
(1.25* 10.04.12 කුමාර් ගුණරත්නම් පැහැර ගැනීම-
 (1.26* 10.04.12 පැහැර ගැනීම ගැන දිමුතු ආටිගල විස්තර කරයි-
 (1.27* 17.04.12 සුදු වැන් යොදා විරුද්ධවාදීන් පැහැර ගන්න ආණ්ඩුව පොලීසිය යොදා ගෙන බිය වැද්දීම් කරනවා-පුබුදු ජයගොඩ
(1.28* 21.04.12ආණ්ඩුවේ නිළ නොවන සන්නද්ධ කල්ලි නිරායුධ කරන්න-පුබුදු ජයගොඩ
 (1.29* 23.04.12 වමේ පක්ෂ මැයි දිනයේ එක්වෙයි-පුබුදු ජයගොඩ
(1.30* 10.05.12 ඉන්දියාව නිදහස් කර දුප්පතුන්ගේ කර මත පැට වූ බදු-පුබුදු ජයගොඩ
 (1.31* 10.05.12 හුදු ආර්ථික ප‍්‍රතිසංස්කරණ වලින් විස`දුම් ලැබෙන්නේ නැහැ-පුබුුදු ජයගොඩ
 (1.32* 20.05.12 ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවූරු කිරීමට ෆොන්සේකා නිදහස් කිරීම පමණක් ප‍්‍රමාණවත් නැහැ.-දුමින්ද නාගමුව
(1.33* 20.05.12 සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ආණ්ඩුව ගත යුතු පියවර දහසක් අතරින් එකක්-දුමින්ද නාගමුව
 (1.34* 06.06.12 ආණ්ඩුව කියන්නේ අපේ ආරක්ෂාව අපම සලසා ගත යුතු බවද- පුබුදු ජයගොඩ
(1.35* 16.06.12 මාධ්‍ය ප‍්‍රකාශකගේ කථාව නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රතික්ෂේප කළා-පුබුදු ජයගොඩ
 (1.36* 26.06.12 අලූත් ‘ ස්කෝර් එකට විරුද්ධවත් අයිතිවාසිකම් නඩු යන්න පු`ඵවන්-දුමින්ද නාගමුව (1.37* 30.06.12 පෙ.ස.පෙන් විකල්ප මැතිවරණ ව්‍යාපාරයක්-සේනාධීර ගුණතිලක
 (1.38* 10.07.12 දඩ ගහලා ඩෙංගු මඩින්න බෑ - පුබුදු ජයගොඩ
 (02* මාධ්‍ය නිවේදන (2.01* 19.11.11 ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා අරගලය ජනතාව අතට ගත යුතුයි-අජිත් කුමාර
(2.02* 31.12.11 ජවිපෙ සමු`ඵව පිළිබද-ජී. කුලරත්න
 (2.03* 17.01.12 සන්නද්ධ බලයෙන් ජනතා විරෝධය මැ`ඩලන්න ආණ්ඩුව උත්සාහ දරනව-චමීර කොස්වත්ත
 (2.04* 11.02.12 හමුදාව කැදවන තීරණය අවලංගු කරන්න-වරුණ රාජපක්ෂ
(2.05* 15.02.12 ධීවරයාගේ ඝාතනයට විරෝධය
(2.06* 06.03.12 නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයෙන් උද්ඝෝෂණික පා ගමනක්-දිමුතු ආටිගල
(2.07* 22.03.12 ජිනීවා යෝජනා සම්මත වූවා කියා ලංකාවේ මානව හිමිකම් සුරැුකෙන්නේ නැත
 (2.08* 22.04.12 ආගමික ගැටුම් අවු`ඵවාලීමේ ප‍්‍රතිගාමී උත්සාහය පරදවමු
(2.09* 01.05.12 මැයි දිනය පිළිබදව
(2.10* 24.05.12 නිදහස ආණ්ඩුවේ ගැත්තන්ට විතරද සිය`ඵ දේශපාලන සිරකරුවන් නිදහස් කරනු-අජිත් කුමාර
(2.11* 08.06.12 ඉන්ධන මිල වහා පහත හෙලනු
(2.12* 18.06.12 ඝාතකයන් අත් අඩංගුවට ගන්න
 (2.13* 25.06.12 නීර්මාල් රංජිත්ට එරෙහි තර්ජන වලට පෙ.ස.ප විරෝධය
(2.14* 27.06.12 උතුරේ ඉඩම් කොල්ලය නවතනු
(2.15* 29.06.12 අත් අඩංගුවට ගත් මාධ්‍යවේදීන් නිදහස් කරනු
(2.16* 06.07.12 රැුදවියන්ට කරන අමාණූෂික පහර දීම් නවතනු
(03* මාධ්‍ය ප‍්‍රකාශ
 (3.1* 24.01.12 ජාතික ගැට`ඵවට පැලැස්තර විස`දුම් නෑ-පුබුදු ජයගොඩ
(3.2* 20.04.12 ඩලස්ට කිඹුලන්ම භාර දෙන්න-පුබුදු ජයගොඩ
(3.3* 21.01.12 ත‍්‍රස්තවාදය කි‍්‍රයාත්මක කරන්නේ ආණ්ඩුවයි-වරුණ රාජපක්ෂ
 (3.4* 14.10.11 දිවයින හා අයිලන්ඞ් පුවත්පත් වලට එරෙහිව වරුණ හා දිමුතු නඩු මගට
 (3.5* 02.05.12 දෙවන සියවසේ අසිපතක් හොයන පාලකයෙකුට 21 වන සියවසට රට රැුගෙන යන්න බෑ-දුමින්ද නාගමුව
(3.6* 30.03.12 ධනපති පක්ෂ වල මුක්කු වූ පක්ෂ ඇත්ත වම හමුවේ වියරු වැටිල-පුබුදු ජයගොඩ
(3.7* 27.02.12 පති‍්‍රකා බෙදු වරාය සේවකයන්ගේ වැඩ තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
 (3.8* 05.06.12 ප‍්‍රචන්ඩත්වයෙන් නැතුව මතවාදයෙන් උත්තර දෙනවා-අජිත් කුමාර
(3.9* 16.01.12 ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී,නීතී විරෝධී වැඩ කරන්නේ ආණ්ඩුවයි
(3.10* 13.04.12 පැහැර ගැනීම් ගැන පරීක්ෂණ පසෙකලා පොලීසිය පෙ.ස.ප සාමාජිකයන් පසුපස-පුබුදු ජයගොඩ
(3.11* 07.04.12 පෙ.ස.ප කුමාර් ගුණරත්නම් කිරිබත්ගොඩදී අත් අඩංගුවට ගනී
(3.12* 10.04.12 පෙ.ස.ප දේශපාලන මණ්ඩලය නම් කෙරේ
 (03.13* 13.04.12 පොලීසිය එවැනි දෙයක් නොකී බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියයි-අජිත් කුමාර
 (3.14* 17.04.12 පොලීසිය පෙ.ස.ප කි‍්‍රයාකාරිකයන් බිය වැද්දීමේ කි‍්‍රයාවලියක
(3.15* 14.04.12 පොලීසිය නොදන්නා ආරක්ෂක අංශය හෙළි කිරීම මාධ්‍යයේ වගකීමයි-පුබුදු ජයගොඩ (3.16* 17.06.12 බොර දියේ මා`ඵ නොබා ඝාතකයන් අත් අඩංගුවට ගන්න-පුබුදු ජයගොඩ
 (3.17* 29.11.11 මධ්‍යම කාරක සභා රැුස්වීමට පුබුදුට හා ආටිගලට දන්වා නැහැ.-පුබුදු ජයගොඩ
 (3.18* 11.04.12 මේක නාට්‍යයක් නම් ආණ්ඩුව න`ඵවෝ දුන්නේ ඇයි? පෙ.ස.ප ප‍්‍රශ්ණ කරයි
 (3.19* 30.11.11 මේවා දේශපාලන වශයෙන් බංකොලොත් වැඩ -පුබුදු ජයගොඩ
(3.20* 21.01.12ලලිත් කුගන් ගැන යෝජනා මග හැරියා- –අජිත් කුමාර
 (3.21* 11.12.11 ලලිත් හා කුගන් වහා නිදහස් කරනු-චමීර කොස්වත්ත
 (3.22* 06.12.11 වමේ බහුජන ව්‍යාපාරය එළි දැක්වීම 13 වෙනිදා
 (3.23* 29.11.11 වාම ප‍්‍රවණතාවයට ඇතුල් වීමට ඉඩ දි නැහැ-පුබුදු ජයගොඩ
(3.24* 09.01.12 වෙනසක තාරුණ්‍ය එළි දැක්වීම අද (
3.25* 12.02.12 සමාජ කතිකාවතට ලග්ගලදී බාධා
 (3.26* 14.05.12 සාමාජවාදය ගැන කියන්න ගෙන් ගෙට යයි
 (3.27* 04.11.11 සාමාජිකයන් වෙනස් කර වැරදි නිවැරදි කර ගන්න බෑ-වරුණ රාජපක්ෂ
(3.28* 26.06.12 කම්කරු අරගල මධ්‍යස්ථානය ගොඩ නැගෙයි
 (3.29* 17.06.12 බොර දියේ මා`ඵ නොබා ඝාතකයන් අත් අඩංගුවට ගන්න-පුබුදු ජයගොඩ
 (3.30* 10.03.12 1978 සිට මේ දක්වා භාවිතය ගැන ජවිපෙ වාම ප‍්‍රවනතාවයෙන් ස්වයං විවේචනයක
Read More