Thursday 23 August 2012

සළු අප්පුලන වැවෙන් නඩු භාණ්ඩයක්

දඹුල්ල අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබී අස්ථානගත වු බවට සැක කෙරෙන බෝර 12 වර්ගයේ ගිනි අවියක් පොලීසිය සොයාගෙන තිබේ. ඒ දඹුල්ල අධිකරණ භුමිය අසළ පිහිටි සළු අප්පුලන වැව ප්‍රදේශයේ සඟවා තිබීයදීය. එම ගිනි අවිය දඹුල්ල අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය කඩා සොරා ගත් එකක් බවට නිරික්ෂණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් ද විමර්ශන සඳහා යොදවා තිබේ.

No comments:

Post a Comment