Sunday 23 September 2012

රියදුරු බලපත්‍ර11085 අත්හිටුවයි

වසරේ ගතවූ කාලය තුල බීමත්ව රිය පැදවූ රියදුරන් 11085 දෙනෙකුගේ රියදුරු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා තිබේ. පොලිස් මූලස්ථානය පවසන්නේ තවත් හතලිස් පස්දෙනෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කර ඇති බවයි. එම කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 23,521 කි. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් පසුගිය ‍එකොලොස් වැනිදා ආරම්භවූ අතර එදින සිට මේ දක්වා බීමත් රියදුරන් 2048 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ මගී ප්‍රවාහන බස් රථ රියදුරන් 15 දෙනෙකුද ඒ අතර වන බවයි. වසරේ ගතවූ කාලය තුල රිය අනතුරු 25,000 ක් වාර්තා වී තිබෙන අතර ඉන් පුද්ගලයින් 1500 දෙනෙකු මියගොස් 13,000 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිස් මූලස්ථානය නිකුත් කල නිවේදනයක සඳහන් වේ . එහි වැඩිදුරටත් දැක්වෙන්නේ රිය අනතුරු වලින් සියයට 15 ක් පමණ බීමත් රියදුරන් හේතුවෙන් සිදුව ඇති බවයි.

No comments:

Post a Comment