Saturday 22 September 2012
49 වැනි වරෙන්තුවට කලින් සැකකරු දැලේ
දිවයිනේ ප්‍රදේශ 16 ක කල්බදු සමාගම් පවත්වාගෙන යමින් මහජන මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු කටුගස්තොට, හල්ඔලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, මෙම සැකකරුට එරෙහිව වරෙන්තු 48 ක් අධිකරණ කිහිපයකින් නිකුත් කර තිබු බවයි.
ඒ අනුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු 24 ක්, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු 19 ක්, නිකුත් කර තිබු බව පොලීසිය සඳහන් කළේය.
ඊට අමතරව පුගොඩ , අත්තගල්ල, කොටුව, මඩකලපුව සහ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණවලද සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබේ.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර කටුගස්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment