ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකානු බැස්ටියන් කඳවුරට එල්ලවූ තාලිබාන් ප්රහාරයකින් ප්රහාරක යානා 8ක් විනාශ වී ඇතැයි වාර්තා වේ.
පහළොවකගෙන් යුත් තාලිබාන් පිරිසක් ඇමෙරිකානු නිල ඇඳුමින් සැරසී එම කඳවුරට ඇතුළු වී මෙම විනාශය කර තිබේ.
මෙම ප්රහාරය හේතුවෙන් සිදුව ඇති පාඩුව ඩොලර් මිලියන 200ක් පමණ වන බවත් එහිදී ඇමෙරිකන් භටයන් දෙදෙනකු මියගොස් ඇති බවද සඳහන් වේ.
දැඩි ලෙස ආරක්ෂාව තරකර ඇති බැස්ටියන් කඳවුරට මෙම පිරිස ඇතුළු වූයේ කෙසේ දැයි ගැටලුවක් මතුව ඇති බවද එරටින් ලැබෙන වාර්තා පවසයි.
No comments:
Post a Comment