Thursday 20 September 2012

සරසවි ඇඳුරු තීරණයේ වෙනසක් නැහැ

ස්වේච්ඡා බේරුම්කරණයකට එළැඹෙන ලෙස කම්කරු කොමසාරිස්වරිය දෙවන වරටත් කළ ඉල්ලීම යළි ප්‍රතික්ෂේප කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුගේ සමිති සම්මේලනය පවසයි. එහි ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසන්නේ ස්වේච්ඡා බේරුම්කරණයකට එළැඹීම ප්‍රතික්ෂේප කරමින් තම සංගමය යොමු කළ ලිපිය යළි සලකා බලන්නැයි කම්කරු කොමසාරිස්වරිය ඉල්ලා ඇති බවයි. කෙසේ වෙතත් එවැන්නක් තුළින් තම ගැටලුවලට විසඳුම් නොලැබෙන බව මධුජිත් මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment