Wednesday 26 September 2012

ගාල්ල, මහමෝදර සහ කරාපිටියේ වෙදුන් වර්ජනයක

ගාල්ල, මහමෝදර සහ කරාපිටිය ශික්ෂණ රෝහල්වල වෛද්‍යවරුන් අද උදෑසන සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද ‍සොයිසා මහතා සඳහන් කළේ, ගාල්ල නගරාධිපතිවරයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට තර්ජනය කර රාජකාරියට බාධා කිරීමට විරෝධය පළ කරමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි. කෙසේ වෙතත් බලපිටිය සහ ඇල්පිටිය රෝහල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කළේය. ගාල්ල ‍දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සහ දිසා රෝහල්වලද වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

No comments:

Post a Comment