Sunday 23 September 2012

බෝ‍ට්ටු අනතුරට හේතුව සොයා ගනී

අධික ලෙස මගීන් පැටවීම ‍බේරුවල ප්‍රදිපාගාරය ආසන්නයේ සිදුවු බෝට්ටු අනතුරට හේතුව බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සදහන් කළේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සදහා නාවික හමුදාව කැඳවීමට තීරණය කර ඇති බවයි. මෙම බෝ‍ට්ටුවේ ගමන්ගත් පිරිස ආරක්ෂක කබා පැලද නොසිටි බවටද අනාවරණය වි ඇති බව ද ඔහු සදහන් කළේය. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් පස් දෙනෙකු මියගිය අතර තවත් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. අදාල බෝට්ටුව පැදවූ පුද්ගලයා සහ එහි සහයකයා අත්අඩංගුවට ‍ගෙන තිබේ. සිද්ධියෙන් මිය ගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරික්ෂණ අද සිදුකිරිමට නියමිතයි.

No comments:

Post a Comment