Thursday 20 September 2012

අම්බලන්තොටදී සැකකරුවකුට වෙඩි

අම්බලන්තොට පහළ කඩවර ප්‍රදේශයේ දි ඊයේ රාත්‍රී 8.00 ට පමණ පොලීසිය කළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු තුවාල ලැබීය. පොලිස් මාධ්‍ය ප්‍රකා‍ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහන මහතා පැවසූවේ, පුද්ගලයෙකුට පහරදෙ‍න බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් අනුව අම්බලන්තොට පොලිසියේ නිලධාරීන් පිරිසක් එහි ගොස් ඇති බවයි. එම අවස්ථාවේ කිසියම් පිරිසක් පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සහ දරා තිබේ. එහිදි එක් පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකුගේ රිවොල්වරය උදුරාගැනිමට උත්සහාදරා ඇති අතර එහිදී අදාළ පොලිස් නිලධාරියා සැකකරුට වෙඩි තබා තිබේ. අදාළ ගැටුමේදී පහරදීමට ලක් වු පොලිස් නිලධාරින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment