Wednesday 19 September 2012
මල්ලීට මහඇමතිකම ගන්න අයියා එස්.එම්. චන්ද්‍රසේන ඇමතිකමින් ඉල්ලා අස්වේ
තමා ගොවිජන සේවා හා වනජිවි අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වු බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
ඔහු නිව්ස්ෆස්ට් වෙත කියා සිටියේ අද පස්වරුවේ ජනාධිපතිතුමා හමුවි සිය ඉල්ලා අස්විමේ ලිපිය භාරදුන් බවයි.
පැවැති මැතිවරණයෙන් උතුරුමැද පළාතෙන් වැඩිම මනාප ලබාගත් තම සහෝදරයා වන එස්.එම්. රංජිත් මහතාට පළාත් ප්‍රධාන අමාත්‍යධුරය ලබාගැනීමේ අරමුණෙන් මේ පියවර ගත් බව අමාත්‍යවරයා පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එකම පවුලේ දෙදෙනෙකුට පළාත් ප්‍රධාන අමාත්‍යධුරයක් හා කැබිනට් අමාත්‍යධුරයක් ලබාදිමට නොහැකි බව පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටුව ප්‍රකාශ කිරිම හේතුවෙන් මෙම තිරණයට එළැබි බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment