Saturday 22 September 2012
දෙපාර්ශවයේ සංවාදය වහාම නැවැත්විය යුතුයි
තවමත් තීරණයක් ප්‍රකාශ කර නැති උතුරුමැද මහ ඇමති ධුරය පිළිබඳව දෙපාර්ශවයේම ප්‍රකාශ වහා නැවැත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුවේ ඒ පිළිබඳ පැහැදිලි කළේය.
''දෙපාර්ශවයක් විදිහට මන්ත්‍රීවරු කරන මේ සංවාදය වහාම නැවැත්විය යුතුයි. අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන අමාත්‍යවරු සහ ඇමතිවරු පත් කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂ කමිටුව පහුගිය දිනවල තිබෙන සියලු තත්ත්වයන් අධ්‍යනය කළා. පත් කළ යුතු ප්‍රධාන අමාත්‍යවරුන් සහ අදාළ අමාත්‍යවරුන් පිළිබඳ අපි ජනාධිපතිතුමාට නිර්දේශ ලබා දෙනවා. නිර්දේශ ලැබීමෙන් පසු ජනාධිපතිතුමාට මේ සම්බනධයෙන් එතුමා තීරණයක් ගන්න බව අපි දන්නවා. ඒක නිසා ප්‍රධාන වශයෙන්ම පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කරන ඉල්ලීම තමයි සියලු පාර්ශව නිශ්ශබ්ද වීමෙන් විනය ගරුකව පක්ෂයේ ගෞරවයත් රකිමින් කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යයි. ඒ තුළ තමයි අපි තීරණයක් ගන්නේ ප්‍රධාන අමාත්‍යවරයා කවුද කියන කාරණාව''
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment