Thursday 25 October 2012

මීට පස්සෙ කුලල් කන්න ඕනේ නැහැ

බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළා සේම මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් එම ත්‍රස්ත්‍රවාදය පරාජය කළ බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ අපරැක්කේ පැවති උත්සවයදීය. ''දැන් බලන්න ඊයේ පෙරේදා අපි මනාප මැතිවරණ ක්‍රමයට නැවතීමේ ලකුණ තිබ්බා. දැන් මීට පස්සේ කුළල් කන්න ඕනේ නැහැ. ආයේ මිනි මරා ගන්න ඕනේ නැහැ පෝස්ටර් ගහන්න කවුරුත් නැහැ. ලවුඩ්ස් ස්පීකර් හඬක් නැහැ රතිඤ්ඤා පත්තු කරන්නෙ නැහැ. රට පුරා දුවන්න සල්ලි විසි කරන්න අරක්කු බෙදන්න සංගිත සංදර්ශන තියන්න තොප්පි බෙදන්න කන්න දෙන්න මේ මොකවත් අවශ්‍ය වෙන්නේ නැහැ. හැම ගමටම මන්ත්‍රීවරයෙක් ඉන්නවා බෙදුම්වාදි ත්‍රස්තවාදය මැයි 18 වැනිදා අවසන් කළා වගේ මේ මැතිවරණ ත්‍රස්තවාදය ඔක්තෝම්බර් 10 වැනිදා පාර්ලිමේන්තුවේදි අවසන් කළා'' පහළ අපරැක්කේ ඉදිකළ මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවති අතර දෙවිනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ උපාධිධාරි අභ්‍යාසලාභීන් සදහා නව පත්වීම් ලිපි ප්‍රදානය ද එහිදී සිදු කෙරිණ.

No comments:

Post a Comment