Thursday 8 November 2012
පරණ වට්ටෝරුව අලුත් දවටනයක ඔතලා
රජයේ සේවකයින්ගේ හා වැඩකරන ජනතාවගේ බලාපොරොත්තු සුන්කළ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් මත සැකසු අය වැයක් ලෙස මෙවර අය වැය යෝජනාවලිය සැලකිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මෙවර අයවැයෙන් ජනතාවට කිසිදු සහනයක් ලබාදී නොමැති බව එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා පවසයි
විදේශ විනිමය පාලන සීමා නොසලකා පෞද්ගලික බැංකුවලට හා පෞද්ගලික සමාගම්වලට විදේශ ණය ගැනීමට ඉඩ හැර ඇති අය වැයක් ලෙස ඔහු මෙය පෙන්වාදෙයි.
මෙවර අය වැය වූ කලී පරණ වට්ටෝරුව අලුත් දවටනයක ඔතා විකීණීම පමණක් යැයි ඔහු චෝදනා කරයි.
රජයේ සේවකයින් ඇය වැයෙන් වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වූ නමුත් රුපියල් 750ක දීමනාවක් පමණක් වැඩි කර ඇති බවත් එය වැටුප් වැඩිවීමක් නොවන බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment