Saturday 25 August 2012

බස් දෙකක් ගැටී අයෙකු මරුට: 11කට තුවාල

පුත්තලම අනුරාධපුර මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය සඳහන් කළේ, පුත්තලම අනුරාධපුර මාර්ගයේ 6 වන සැතපුම් කණුව අසල දී ඊයේ රාත්‍රි 11.45 ට අනතුර වී ඇති බවයි. කොළඹ සිට පේදුරුතුඩුව බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබේ. ‍ තුවාලකරුවන් පුත්තලම රෝහලට ඇතුළත් කෙරිණ. පොලීසිය පැවසූවේ, අනතුර සම්බන්ධයෙන් සැකපිට බස් රථ දෙකෙහිම රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

No comments:

Post a Comment