Saturday 25 August 2012

ශිෂ්‍යත්ව සිසුන්ගේ මව්පියන්ට උපදෙසක්

හෙට දිනයේ පැවැත්වෙන 5 ශ්‍රේණීයේ ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ, දිවයින පුරා මධ්‍යස්ථාන 2,803කදී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 318,416 පෙනී සිටීමට නියමිත බවයි. හෙට පෙරවරු 9.30 සිට දහවල් 12.00 දක්වා විභාගය පැවැත්වෙන අතර විභාගය ආරම්භවීමට මිනිත්තු 30කට වත් පෙර දරුවන් විභාග ශාලාවට රැගෙන යාමේ අවශ්‍යතාව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ, විභාග අංකය පැහැදිලිව සටන් කිරීමට දරුවන් පියවර ගතයුතු බවයි. විභාග කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී සිටින්නේ පිළිතුරු ලිවීමේදී යම් වරදක් වුවහොත් එය තනි ඉරකින් කපා හැර එම ස්ථානයේම නිවැරදි පිළිතුර සටහන් කරන ලෙසයි. අද රාත්‍රියේ දරුවන්ට සුවබර නින්දක් ලබා දීමේ අවශ්‍යතාව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

No comments:

Post a Comment