Saturday 18 August 2012

මැතිවරණ පැමිණිලි 170ක්

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 170 ක් ලැබි ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ .එල්. රත්නායක මහතා සඳහන් කළේ, ඉන් බහුතරය නීති විරෝධි ප්‍රචාරක කටයුතු හා සම්බන්ධ පැමිණිලි බවයි. මීට අමතරව රාජ්‍ය දේපළ අයතා පරිහරණය කිරිම් හා සම්බන්ධ පැමිණිලි ද වන බව ඔහු සඳහන් කළේය. අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන සියලු දිස්ත්‍රික්කවල ද පැමිණිලි භාර ගැනිමේ විශේෂ ඒකක ස්ථාපනය කර ඇති බවයි. උතුරුමැද සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසිම් පැවැත්වෙන ලබන මස 8 වැනිදා එම ඒකක ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment