Thursday 13 September 2012

සරසවි ඇදුරු වාහනවලට ඇණ

සරසවි ආචාර්වරුන්ගේ වර්ජනයට සහය දැක්වීම සඳහා අද (13) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිත හමුවක් පවත්වා ඇත. ඒ සඳහා සහභාගිවු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහ වෘත්තීය සමිති නායකයන්ගේ වාහන රෝදවලට ඇණ සහිත ලී කැබලි තබා තිබූ බව වෘත්තීය සමිති නායකයෝ මාධ්‍ය වෙත පවසා ඇත. ඔවුන් සමුළුව අවසන්වී නැවත වාහන තිබූ ස්ථානයට එද්දී යකඩ ඇණ සහිත පොලු තබා තිබූ බව දුටු බවත්, ඇතම් නියෝජිතයන්ගේ වාහන රෝදවලට ඒ මගින් හානි සිදුව තිබේ. මේ අතර මෙම සංවිධානාත්මක ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවද වෘත්තිය සමිති නායකයෝ පවසති.

No comments:

Post a Comment