Thursday 23 August 2012

ගිළුණු නැවේ තෙල් කොළඹට විසිරෙයි

පානදුර ආශ්‍රිත මුහුදු කලාපයේ ඊයේ මුහුදුබත් වූ නෞකාවෙන් කාන්දු වන තෙල් මීගමුව සහ කොළඹ දෙසට විසිරෙමින් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, මේ වන විට වෙරළෙන් කිලෝමීටර 4 ක් පමණ එපිටින් තෙල් තට්ටුවක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි. එලෙස විසිරෙන තෙල් මගින් වෙරළට සිදුවිය හැකි හානි අවමකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාරග ගනිමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment