Thursday 23 August 2012

ගල් ප්‍රහාරයකින් පසු බස් ධාවනය නවතී

අම්බලන්ගොඩ - කොළඹ පෞද්ගලික බස්රථ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ අම්බලන්ගොඩ ශාඛා සභාපති සුනිල් තිස්සද සිල්වා මහතා පැවසුවේ, සිය සේවකයකුට ගලකින් පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් වැඩවර්ජනය ආරම්භ කළ බවයි. සිද්ධියෙන් සේවකයාගේ දත් දෙකක කැඩී ඇති බවත් ඔහු බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් තිස්සද සිල්වා මහතා සඳහන් කළේය. මීට පෙරද බස්රථ දෙකකට ගල් ප්‍රහාර එල්ල වී ඇති බව ඔහු පැවසීය. ඒ අතර පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

No comments:

Post a Comment