Thursday 23 August 2012

ලෝක කුසලානයට යන ලංකා කණ්ඩායම

යොවුන් ක්‍රීඩකයින් වන අකිල ධනංජය සහ ඩිල්ෂාන් මුනවීර පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබේ. අද නම් කළ කණ්ඩායමට ක්‍රීඩකයෝ 15 දෙනෙක් ඇතුළත් වෙති. ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මස 18 වැනිදා ආරම්භ වේ. ඊට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මහේල ජයවර්ධනට සහ උප නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ටත් හිමි වී තිබේ. මහේල සමග කුමාර් සංගක්කාර ටී. එම්. ඩිල්ෂාන්, ලහිරු තිරිමාන්න, ඩිල්ෂාන් මුනවීර සහ දිනේෂ් චන්දිමාල් පිතිකරුවන් ලෙස කණ්ඩායමට කැඳවා තිබේ. උප නායක ඇන්ජලෝ මැතිව්ස්, ජීවන් මෙන්ඩිස් සහ තිසර පෙරේරා කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෝ වෙති. කණ්ඩායමේ වේග පන්දු බල ඇණිය ශක්තිමත් කරනු ලබන්නේ, ලිසිත් මාලිංග නුවන් කුලසේකර, ශමින්ද එරංග විසිනි. රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, අකිල ධනංජය කණ්ඩායමට කැඳවා ඇත්තේ, දග පන්දු යවන්නන් ලෙසයි. තවමත් 18 වැනි වියේ පසු වන අකිල පානදුර මහානාම විද්‍යාලයේ ශිෂ්‍යයෙකි.

No comments:

Post a Comment