Thursday 23 August 2012

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සමාව අයදී

ඉසෙඩ් ස්කෝර් නඩු තීන්දුව ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුවූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා දිව්රුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් අද සමාව අයැද සිටියේ ය. ඒ, අධිකරණයට අපහාසයක් සිදුවූයේ යැයි කියන සිද්ධියට අදාළව මහාචාර්ය ගාමිණී සමරනායක මහතාට එරෙහිව නීතිමය පියවර නොගෙන සිටීමට හේතු ඇත්නම් ඉදරිපත් කරන්නැයි, ශ්‍රේෂ්ඨාධීකරණය කර තිබූ නියෝගයකට අනුවයි. හිතාමතා, චේතනාන්විතව අධිකරණ නියෝගය උල්ලංඝනය කිරීමට තමා කටයුතු නොකළ බව අදාළ දිවුරුම් ප්‍රකාශය මගින් ඔහු ශ්‍රේෂඨාධිකරණයට දැනුම්දී තිබුණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා වැඩුදුරටත් කියා සිටියේ විශේෂඥ කමිටුවක් මගින් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව ය.

No comments:

Post a Comment