Thursday 23 August 2012

නිතීඥයා රක්ෂිත බන්ධනාගාරයට

මීගමුව ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩමක් ව්‍යාජ ලෙස වෙනත් පුද්ගලයෙකුට පවරා දුන් බව කියන නිතීඥවරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම ඉඩමේ හිමිකරු මියගොස් ඇති අතර අදාළ නිතීඥවරයා එය නීති විරෝධීව වෙනත් අයෙකුට පවරා දී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නිතීඥවරයා සහ ඊට අනුබල දුන් තවත් පුද්ගලයෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

No comments:

Post a Comment