විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය හේතුවෙන් දෛනිකව රටට සිදුවන අලාභය රුපියල් ලක්ෂ 100 කට අධික බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ ආචාර්යවරුන් මාස තුනක සිට වර්ජනයේ නිරතව සිටින බවයි.
එම වර්ජනය හේතුවෙන් රටට සහ දරුවන්ට සිදුවු අලාභය කිසිවෙකුට හෝ යලි ලබාදිය නොහැකි බවද එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
ඒ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය ජුලි මස 4 වැනිදා ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
No comments:
Post a Comment