Friday 21 September 2012

ඉන්දියානුවා ගුවන්තොටේදී කොටු

රුපියල් ලක්ෂ හැටක හෙරොයින් සමග ඉන්දීය ජාතිකයකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ අධිකාරී නිහාල් අලහප්පෙරුම මහතා සඳහන් කළේ, චෙන්නායි සිට පැමිණි මෙම පුද්ගලයා අද අලුයම 5.30 පමණ අත්අඩංගුවට ගත් බවයි. සැකකරුගේ ගමන් මල්ලේ සඟවා තිබියදී සොයාගත් එම මත්‍ද්‍රව්‍ය තොගයේ බර ග්‍රෑම් 720 කි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කරන බව රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම මහතා පැවසිය.

No comments:

Post a Comment