Friday 21 September 2012

ඇමති පුත්‍රයා සහ රෙහාන් ඇප මත මුදා හැරේ

හමුදා මේජර්වරයෙකුට පහරදුන් බව කියන සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න යන මහත්වරුන් ඇප මත මුදා හැරිමට කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. ඒ රුපියල් ලක්ෂ 10 ක ශරිර ඇප දෙකක් සහ රුපියල් 50,000ක මුදල් අප දෙකක් මතයි. ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවත්, සෑම මසකම අවසන් ඉරිදා දිනයේ කොම්පඤ්ඤවීදිය පොලිසියේ සටහන් තැබිය යුතු බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මේ අතර මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේ, පහරදීමට ලක් වූ බවට පැමිණිල්ල ඉදිරිපත් කළ යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයා සාවද්‍ය සාක්ෂි දී ඇත්නම් ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කරන ලෙසයි.

No comments:

Post a Comment