Thursday 20 September 2012
අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා ලබන 25 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.
ඒ කොළඹ අපරාධ කොට්ඨාය අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි.
මහජනතාව පිඩාවට පත්වන අයුරින් පෙළපාළි හා උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වා පොලිස් ජල ප්‍රහාර රථයකට රුපියල් හැත්තෑ
පන්දහසකට අධික අලාභයක් කර ඇති බව ඔහුට එරෙහිව පොලීසිය චෝදනා එල්ල කර තිබේ.
මෙම සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
සංජිව බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා අධිකරණය හමුවේ පවසා සිටියේ පොලිසිය රජයට පක්ෂපාතීව
ඔප්පු කළ නොහැකි චෝදනා එල්ල කර විශ්වවිද්‍යාල සිසුන්ගේ හඩ මර්දනය කිරීමට උත්සහ කරන බව ය.
ඉදිරියේදී මහජන පීඩාවන් සිදුවන අයුරින් විරෝධතා සහ උද්ඝෝෂණ නොපවත්වන බවට දිවුරුම් පෙත්සමක් මගින් අධිකරණයට දැනුම් දෙන්නේ නම් සැකකරුට ඇප ලබා දිය හැකි බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment