Thursday 20 September 2012

මහ ඇමතිකම හැර වෙනත් තනතුරක් එපා

උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිධූරය හැර වෙනත් තනතුරක් භාර ගැනීමට සූදානම් නැතැයි බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පවසයි. අද අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ ,මහ ඇමති තනතුර නොලැබෙන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස සභාවේ අසුන් ගන්නා බවයි. පසුගියදා පැවති උතුරුමැද පළාත් සභා මැතිවරණයේදී වැඩිම මනාප ලබා ගත්තේ එස්.එම්.රංජිත් මහතායි. හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වුණි. තම සහෝදරයාට උතුරු මැද පළාත් මහ ඇමති ධූරය ලබා ගැනීම සඳහා තමන් කැබිනට් ඇමතිධූරයෙන් ඉල්ලා අස්වන බව ඊයේ, අමාත්‍ය එස්.එම් චන්ද්‍රෙස්න මහතා පැවසීය.

No comments:

Post a Comment