Saturday 22 September 2012

ඇෆ්ගනිස්ථානයට අන්ත පරාජයක්

ලූක් රයිට්ගේ දක්ෂ පිතිහරඹය හමුවේ පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් ලකුණු 116ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට වත්මන් ලෝක ශූර එංගලන්තය සමත් විය. ඒ අනුව එංගලන්තය තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතරට පිවිසියේ වැඩිම ලකුණු පරතරයකින් පන්දුවාර 20/20 තරගයක් ජයගත් කණ්ඩයම් අතර තුන්වැනි ස්ථානයට ද පත් වෙමිනි. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 196ක් රැස් කළේය. පන්දුවාර 20/20 ක්‍රිකට් තරගයක කණ්ඩායමක් ඉණිමකදී රැස් කළ තුන්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ද එයයි. එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 69ක් තුළ බිඳ වැටිමෙන් අනතුරුව වේගවත් පිතිහරඹයක නිරත වූ ලූක් රයිට් නොදැවී ලකුණු 99ක් රැස් කළේය. පන්දු 55කින් ලබා ගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 8ක් සහ 6 පහර 6ක් ඇතුළත් ය. ඒ අනුව පන්දුවාර 20 අවසානයේදී එංගලන්තය ලකුණු 169ක් රැස් කළේ, කඩුලු 5ක් දැවී තිබියදිය. පිළිතුරු ලෙස ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 17යි පන්දු 2කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ, ලකුණු 80ක් පමණි. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරනු ලැබුවේ, ගුල්බොඩින් නයිබ් විසිනි. පන්දු 32කින් ඔහු ලබාගත් ලකුණු 44ට 4 පහර 5ක් සහ 6 පහර 3ක් ඇතුළත් ය. එංගලන්තයේ ස්මිත් පටෙල් පන්දුවාර 3කදී ලකුණු 6කට කඩුලු 2ක් දවා ගත්තේය. ඒ අනුව ඇෆ්ගනිස්ථානය ලබා ගත් ලකුණු 80 පන්දුවාර 20/20 තරග අංශයේ කණ්ඩායමක් එක් ඉණිමකදී ලබා ගත් තුන් වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ද වේ.

No comments:

Post a Comment