Friday 21 September 2012

හොරෙන් යන්න ගිහින් 85ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි පුද්ගලයින් 85 දෙනෙකු ගාල්ලට බටහිර මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා පැවසුවේ ලැබුණු තොරතුරකට අනුව මොවුන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි. අදාළ පුද්ගලයින් මේ වනවිට ගාල්ල වරායට රැගෙනවිත් ඇති බව ද නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඔහු පැවසුවේ සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බවයි.

No comments:

Post a Comment