Thursday 27 September 2012

අන්තරේ සිසුන් දෙදෙනාගේ මරණය මිනී මැරුමක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ මුල් පෙළ කි‍්‍රයාධරයකු වූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කි‍්‍රයාකාරී සාමාජික වාණිජ්‍ය හා කළමනාකරණ පීඨයේ අවසන් වසර ඉගෙනුම ලැබූ ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉදිරිපෙළ කි‍්‍රයාකාරිකයකු වූ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පළමු වසර ඉගෙනුම ලැබූ එච්.පි.සිසිත ප‍්‍රියංකර ද සිල්වා යන සහෝදරවරු දෙදෙනා අද (27) අළුයම් කාලයේදී ගම්පහ ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් ජීවිතාක්ෂයට පත් විය. මේ වන විට මෙම රිය අනතුර සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු අනුව මේ පසු පසින් හබා විත් අනතුරකට පත් කිරීමක් බවට බරපතල සැකයක් ඇති වී තිබේ. ඉතා වේගයෙන් පසුපසින් පැමිණි මෝටර් රථයක් යතුරු පැදිය හප්පාගෙන පලා ගිය බව ඇසින් දු‍ටුවෝ පවසා සිටිති. ඔවුන් ශිෂ්‍ය පා ගමනට අදාල අත් පත්‍රිකා තොගයක් ‍රැගෙන යමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇති අතර දෙදෙනාම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.

No comments:

Post a Comment