Thursday 27 September 2012
පාදයෙන් ශිෂ්‍යත්වය ලියා ජයගත් නිමේෂා
යම් පුද්ගලයකුට තමන් ඉදිරියේ ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හැකි වන්නේ නම් ඔහු හෝ ඇය සැබෑම ජයග්‍රාහකයකු වන්නේ ය.
ස්වභාව ධර්මයේ සරදමකින් දෑත් මෙන්ම එක් පාදයක් අහිමි වුවත් නොපසුබට උත්සාහයෙන් ජීවිත ජයගැනීමට වෙර දරන රශ්මි නිමේෂා ගුණවර්ධන දැරිය පසුගියදා එක් ජයක් භුක්ති වින්දාය.
ඒ පාදය ආධාරයෙන් ශිෂ්‍යත්ව විභාගය ලියා ලකුණු 153ක් ලබා ගනිමින් දෙහිඕවිට හල්ඔලුව කනිෂ්ඨ විද්‍යාලයට කිර්තියක් අත්කර දෙමිනි.
එම පාසලින් ශිෂ්‍යත්වය ජය ගත් එකම ශිෂ්‍යාව රශ්මි නිමේෂා වීම ද විශේෂත්වයකි.
නැටුමට, වාදනයට, චිත්‍ර ඇඳීමට උපන් හපන්කම් දක්වන රෂ්මිගේ මවත් පියාත් ගුරුවරු වෙති.
ඒ අතර දුෂ්කරතා රැසක් මධ්‍යයේ ශිෂ්‍යත්වයට පෙනී සිට ලකුණූ 196ක් ලබා ගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයක් හිමි කරගත් තලාතුඔය කනිෂ්ඨ විද්‍යාලයේ අංජලී උපේක්ෂා මදුවන්ති දැරිය නිවුස් ෆස්ට් මැදිරියට පැමිණියා ය.
මහනුවර දිස්ත්‍රික්කයේ තලාතුඔය මහමැදගම ගලපාමුල පදිංචි අංජලීට උදව් උපකාර කිරීමට මේ වන විට බොහෝ දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
ප්‍රවීන නිළි සබීතා පෙරේරා මහත්මිය නිව්ස් ෆස්ට් මැදිරියට පැමිණ ඇයට පරිගණකයක් පිරිනැමුවා ය.
සිය දියණිය ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව පිළිතුරු ලියූ බව සැලවීමෙන් අතිශය සතුටට පත්ව පියකු හෘදයාබාධයක් වැළඳී මිය ගිය පුවතක් පසුගිය දා වාර්තා විය.
චමින්ද ශ්රියාලාල් ද සිල්වා නම් වූ එම පියාගේ උදේශි නෙත්මිණී නම් දියණිය අද වන විට ශිෂ්‍යත්ව විභාගයේ ජය භුක්ති විදින්නීය.
උදේශි නෙත්මිණී ද සිල්වා ශිෂ්‍යත්වයෙන් සමත්ව ඇත්තේ ලකුණු 173 ක් ලබා ගනිමිනි.
ශිෂ්‍යත්වයෙන් සමත් වූ විට පරිගණකයක් ගෙනැවිත් දෙන බවට උදේශි නෙත්මිණීගේ පියා පොරොන්දු වී තිබුණත් ඔහුට එම අරමුණ ඉටුකර දීමට හැකිවූයේ නැත.
උදේශි නෙත්මිණීට පියාගේ පොරොන්දුව ඉටුකරමින් පරිගණකයක් ලබා දීමට පියවර ගත්තේ ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට අත්වැලක් වෙමිනි.
නෙත්මිණීගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සෑම මසකම සහය වීමට මෙහිදී ප්‍රවීන නිළි සබීතා පෙරේරා මහත්මිය ඉදිරිපත් වූවාය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment