Saturday 8 September 2012

මැතිවරණ පැමිණිලි ගණන වැඩි වෙයි

නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා මැතිවරණයට අදාළ මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් තිබේ. එහි පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය පැවසුවේ, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 17 සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 26 ක් ලැබී ඇති බවයි. මීට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 16 , මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 14 ක් , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 12 ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 19 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 13 ක් එම මධ්‍යස්ථානයට වාර්තා වී තිබේ. මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය පැවසුවේ ඡන්ද දායකයින්ට බලපෑම් කිරිම ඡන්ද මධ්‍යස්ථාන අසල රැඳී සිටීම හා නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී ඇති බවයි.

No comments:

Post a Comment