Saturday 8 September 2012

ඡන්දය විමසා අවසන්

සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණයට අදාළව අද පෙරවරුවේ ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 4.00 ට අවසන් විය. අප වාර්තාකරුවන් පැවසුවේ ඡන්ද විමසීමේ කටයුතු සාමකාමීව සිදුකෙරුණු බවයි. මේ වනවිට ඡන්ද පෙට්ටි ගණන් කිරිමේ මධ්‍යස්ථානය‍ වෙත ප්‍රවාහන කිරිම සදහා අවශ්‍ය සියලු කටයුතු සුදානම් කරමින් පවතින බව අප වාර්තාකරුවෝ පවසති. මැතිවරණ මහ‍ලේකම් කාර්යාලය පැවසුවේ තවත් ටික ‍වේලාවකින් තැපැල් ඡන්ද ගණන් කිරිම ආරම්භ කරන බවයි. මධ්‍යස්ථාන 55 කදී තැපැල් ඡන්ද ගණන් කිරිම සිදුකෙරෙනු ඇති. ඒ අතර පොලීසිය පැවසුවේ ගණන් කිරිමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළික් ක්‍රියාත්මක බවයි.

No comments:

Post a Comment