Wednesday 5 September 2012

පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට මුල් වරට පදක්කමක්

පැරාලිම්පික් තරඟ ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිකර දීමට ප්‍රදීප් සංජය සමත් විය. ඒ, මීටර් 400 ටී - 46 ඉසව්වේ (එක් අතක් අප්‍රාණික පිරිමි ධාවන ඉසව්ව) ලෝකඩ පදක්කම ඔහු දිනා ගනිමිනි. මේ සඳහා ඔහු ගත කළ කාලය තත්ත්පර 49.28 කි. තත්ත්පර 48.45 කින් තරගය නිම කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඔස්ට්‍රියාවේ ගන්තර් මැට්සින්ගර් සමත් විය. රිදී පදක්කම දිනා ගත් බ්‍රසීලයේ යොහැන්සන් නසිමෙන්ටෝට තරගය නිම කිරීමට ගත වූයේ, තත්ත්පර 49.21 පමණි. ලංකාව තවමත් පදක්කම් සටහනේ අවසන් ස්ථානයේ (68) රැඳී සිටී.

No comments:

Post a Comment