Wednesday 5 September 2012

ගොඩකවෙලදී ළමුන් දෙදෙනකු ඝාතනය කෙරේ

ගොඩකවෙල පල්ලේ බැද්ද ප්‍ර දේශයේදී තියුණු ආයුයකින් පහර දීමෙන් ළමුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් විය. සිද්ධියෙන් තුවාල ලැබූ ළමයින්ගේ මව මේ වන විට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, ඊයේ රාත්‍රි 9.00ට පමණ මෙම පහරදීම සිදුව ඇති බවය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ, අවුරුදු 6 සහ 12 යන වයස්වල පසු වූ දරුවන් දෙදෙනෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ දරුවන්ගේ මවගේ අනුදැනුම මත නිවසට ඇතුළු වූ බව කියන පුද්ගලයකු එම ඝාතන සිදුකර ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පනාමුරේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:

Post a Comment