Wednesday 26 September 2012
සේවා ව්‍යවස්ථාවට පිටින් වැඩ බැලූ අයට විදුහල්පතිකම් බෑ
සේවා ව්‍යවස්ථා උල්ලංඝණය කරමින් වැඩබලන විදුහල්පතිවරුන් බඳවා ගැනීම කිසිසේත්ම අනුමත නොකරන බව ලංකා ගුරු සංගමය පවසයි. ගුරු-විදුහල්පති වෘත්තීය සමිති වෙනුවෙන් "ලංකා ගුරු සංගමයේ" ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එකී නිවේදනය පහත පරිදිය.
පාසල්වල ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් සිටියදී විදුහල්පති තනතුරුවල වැඩබැලූවා යයි පැවසෙන ගුරු සේවයේ නිලධාරීන් ශී‍්‍ර ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවට පටහැනිව බඳවා ගැනීමට සැප්තැම්බර් 27 දින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔවුන්ව සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇත.
මෙසේ කැඳවීම් කරනුයේ 2005 වසරේ පවත්වන ලද විදුහල්පති සේවයට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මත SCFR 979/ 2010 සහ SCFR 212/ 2010 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද පෙත්සම් විභාගයේ තීන්දුව 2012 පෙබරවාරි 23 හා 26 යන දිනවල ලබාදීමෙන් අනතුරුව එම තීරණය තවමත් කි‍්‍රයාත්මක නොවී පවතින තත්ත්වයක් යටතේය.
ඉහත පෙත්සම් විභාගයන්හි තීන්දුවට අනුව 2005 පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල මත සති 10 ක කාලයක් තුළ විදුහල්පති සේවයේ 2-11 හා 3 පන්ති සඳහා පත්වීම් ලබා දිය යුතු වුවද මාස 7 ක් ඉක්ම ගොස් තිබියදීත් තවමත් එම පත්වීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමත්ව නැත.
එම පත්වීම් ඔක්තෝබර් 02 දින ලබා දීමට නියමිතව තිබියදී කඩිමුඩියේ වැඩබලන විදුහල්පතිවරුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සම්මුඛ පරීක්ෂණ කැඳවන්නේ 2005 විභාගයට අනුව 2009 නොවැම්බර් 15 දින බඳවා ගන්නා ලද විදුහල්පතිවරු තවමත් නිසි පරිදි ස්ථානගත කර නොමැති තත්ත්වයක් ද පවතිද්දීය.
විදුහල්පති සේවයට බඳවා ගැනීමේ විභාගයට පෙනී සිටි මෙම වැඩබලන විදුහල්පතිවරුන්ට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේදී අනෙක් අයට නොලැබුණු විදුහල්පති තනතුරුවල වැඩ බැලූ කාලයට ලකුණු 60 ක අනුග්‍රාහක ලකුණු ප්‍රමාණයක් ද ලබා දෙන ලදී. එවැනි විශේෂ තත්ත්වයක් යටතේත් විභාගය අසමත්වූවන්ට පත්වීම් ලබාදීම කිසිසේත් නීත්‍යානුකූල නොවේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ 2000/34 චක්‍රලේඛය අනුව ද වැඩබලන විදුහල්පතිවරු පත් කළ නොහැකිය. මෙසේ තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පති සේවා ව්‍යවස්ථාවද උල්ලංඝණය කරමින් වැඩබලන විදුහල්පතිවරු සම්මුඛ සාකච්ඡා සඳහා කැඳවා ඇත.
මෙසේ සේවා ව්‍යවස්ථා හා චක්‍රලේඛ උල්ලංඝණය කරමින් විදුහල්පති සේවයේ පත්වීම් ලබාදීම දැඩිව හෙළාදකින ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති විසින් වැඩබලන අධ්‍යාපන අමාත්‍යාවරයාට සිය විරෝධය පළ කොට ලිපියක් යවා ඇති අතර, මෙම පත්වීම් ලබාදීමට කි‍්‍රයා කළ හොත් නීතිමය පියවර ගන්නා බව ද සඳහන් කොට ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment