Wednesday 26 September 2012

වැඩ කරන ජනතාවගේ ජීවිතේ කප්පාදු කරලා : කේ.ඩී. ලාල්කාන්ත

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රුපියල් 13442.50 කින් ඉහල දැමිය යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානයේ කැදවුම්කරු කේ.ඩි.ලාල්කාන්ත මහතා පවසන්නේ මීට පෙර වැටුප් වැඩි කරනු වෙනුවට ලබාදුන්නේ දීමනා බවයි. මෙහිදී අදහස් දැක් වූ කේ.ඩී. ලාල්කාන්ත මහතා " ඒ දීමනාවන වල සමස්ත එකතුව වැඩිවෙච්ච ජීවන වියදම එක්ක සන්සන්දනය කළාම කිසිසේත්ම ප්‍රමාණවත් නෑ.ආර්ථිකයේ සංවර්ධනය ගැන කයිවාරු ගහන ඔක්කොම පිළිගන්න ඕන දෙයක් තියනවා එහෙනම් මෙම ගාන දිය යුතුයි.ඒ කියන්නේ 13442.50 ගෙවිය යුතුව තිබෙනවා ඔවුන් බලයට එන මොහොතේ ජීවත් වෙච්ච මට්ටමට ජනතාවට ජීවත් වෙන්න නම්.ඇත්තටම වෙලා තියෙන්නේ වැඩ කරන ජනතාවගේ ජීවිතේ කප්පාදු කිරීමක් ''

No comments:

Post a Comment