Thursday 27 September 2012

නාවික හමුදාපති වැඩ භාර ගනී

නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා අද වැඩ භාරගත්තේය. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා සඳහන් කළේ, නාවික හමුදා මුලස්ථානයේදී අද උදෑසන 9.00 ට නව නාවික හමුදාපතිවරයා වැඩ භාරගත් බවයි. ඒ අනුව වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ 18 වන නාවික හමුදාපතිවරයා වේ. ජයනාත් කොළඹගේ මහතා රියර් අද්මිරාල් තනතුරේ සිට වයිස් අද්මිරාල් තනතුරට උසස් කරමින් නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.

No comments:

Post a Comment