Monday 3 September 2012

තමිල්නාඩුවේ බැතිමතුන් ආරක්ෂා සහිතව ‍ගෙන්වන්න සූදානම්

වන්දනා චාරිකාවක් ලෙස තමිල්නාඩුවේ පූර්ණිමාතා පල්ලියේ වන්දනාමාන කිරීමට ගොස් ඇති 184 දෙනා මේවන විටත් අදාළ පල්ලිය තුළ ආරක්ෂා සහිතව සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. එම පිරිස ආරක්ෂා සහිතව දිවයිනට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු කරන බවත්,ඒ සඳහා දැනටමත් පියවර ගෙන ඇති බවත් අමාත්‍යංශය කියා සිටියි. ශ්‍රී ලාංකිකයින්ට එරෙහිව විරෝධතා පැවැත්වී ඇත්තේ පල්ලියෙන් පිටත බවත්,එබැවින් පල්ලිය තුළ සිටින ශ්‍රී ලාංකිකයින්ට එයින් ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වී නොමැති බවත්,එරට ආරක්ෂක අංශ මගින් ඔවුන්ගේ ආරක්ෂාව තර කර ඇති බවත් අමාත්‍යංශය කියා සිටියි. කෙසේ වෙතත් මෙම පිරිසට බියවැද්දීම් හා තර්ජනය කිරීම් සිදුව ඇතැයි වාර්තා වේ. තමිල්නාඩු සංචාරයේ නිරත වන ශ්‍රී ලාංකිකයින් හට රජය විසින් අනතුරු ඇඟවීම් සිදුකර ඇත. ඒ ඊයේ (03) තමිල්නාඩු සංචාරයේ නියැලුණු පුද්ගලයින් 184 දෙනෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සමඟිනි. මෙය ශ්‍රී ලාංකිකයින්ට තර්ජන එල්ල වූ ප්‍රථම අවස්ථාව නොවේ. මීට ඉහත දීද ක්‍රීඩා කටයුතු සඳහා, වන්දනා චාරිකා සඳහා, සංස්කෘතික සංදර්ශන සඳහා ආදී වූ දේ හා සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයින්ට තර්ජන එල්ලකිරීම් සිදුවිය. මේ හේතුවෙන් තමිල්නාඩු සංචාරයේ නිරතවන ශ්‍රී ලාංකිකයින්ට වඩා සැලකිලිමත් වන ලෙස රජය ඉල්ලීමක් කර ඇත. පවතින්නා වූ තත්ත්වය පිළිබඳ ඉන්දීය රජය සමඟ සාකච්ඡා පවත්වන බව රජය පවසයි.

No comments:

Post a Comment