Tuesday 16 October 2012

ධීවර බෝට්ටුවකට ප්‍රහාරයක් - 3ක් අතුරුදන් 2ක් රෝහලේ

මාතර කුඩාවැල්ලෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය පිරිසකගෙන් තිදෙනෙකු ප්‍රහාරයකට ලක්ව අතුරුදන් වී ඇතැයි පොලීසිය පවසයි. ඉකුත් (14) වැනි දින රාත්‍රීයේ කුඩාවැල්ල ප්‍රදේශයෙන් පිටත්ව ඇති මොවුන් තංගල්ල මුහුදු සීමාව දෙසට ගමන් කරමින් සිටියදී මෙසේ ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි. 6 දෙනෙකුගෙන් යුත් මෙම ධීවර කණ්ඩායමට තවත් බෝට්ටුවකින් පැමිණි 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් විසින් මුහුදේ දී පහරදුන් බවත් එහිදී තිදෙනෙකු මුහුදට වැටී ඇති බවත් දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී.වී උපුල් මහතා පවසයි. නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව මුහුදේ පාවෙමින් සිටියදී දෙදෙනෙකු මුදා ගැනීමට හැකි වු බව හෙතෙම කියා සිටියි. ඔවුන් සමඟ සිටි අනෙක් පුද්ගලයා ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයින් සමඟ පලාගොස් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි. කෙසේ වෙතත් නාවික හමුදාව විසින් බේරා ගනු ලැබු දෙදෙනා ප්‍රතිකාර සඳහා මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මේ නාවික හමුදාව විසින් බේරා ගත් ධීවරයින් දෙදෙනාගෙන් අයෙකි.

No comments:

Post a Comment