Wednesday 17 October 2012

බාබා මරා බිරිඳ දූෂණය කරලා - ලාංකිකයා අත්අඩංගුවට

සෞදි අරාබියාවේ පුද්ගලික රියදුරෙකු ලෙස සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකිකයෙකු ඔහු සේවය කළ නිවසේ (බාබා) ගෙහිමියා ඝාතනය කොට ඔහුගේ බිරිඳ දූෂණය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ දී අත් අඩංගුවට ගෙන ඇතැයි බවට විදෙස් මාධ්‍ය වාර්තාකරයි. ශ්‍රී ලාංකික සේවකයා සියදිවි නසාගැනීමට උත්සාහ කරන විට ඒ බව දැක ඇති ආරක්ෂක නිලධාරියෙකු දැඩි පරිශ්‍රමයකින් පසු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු බීමතින් සිටි බවද වාර්තාවේ. නැගෙනහිර සෞදියේ කොබාර් නගරයේ නිවසකදී ඉකුත් සඳුදා දින මෙම අපරාධය සිදුකර ඇති සැකකරුගේ පදිංචිය සහ නම තවමත් හෙළිදරව්වී නොමැති අතර 50 හැවිරිදි පසුවන්නකු බව පමණක් එරට "daily Sharq" පුවත්පත වාර්තා කරයි. සෞදි අරාබියේ පෞද්ගලික රියැදුරන් හා ගෘහ සේවකයන් වැඩිදෙනා ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් ගොස් සිටින බවත් ඒ ගණන මිලියන 28 ට ආසන්න බවත් කියැවෙයි.

No comments:

Post a Comment