Wednesday 17 October 2012

නාවික සෙබළා අකුණු සැරින් මරුට

අකුණු සැර වැදීමෙන් ඩෙල්ෆ් නාවික හමුදා කඳවුරේ සෙබළෙකු ජීවිතක්ෂයට පත් විය. ජංගම දුරකතනයකින් කතා කරමින් සිටිය දී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසයි. ඊයේ පසුවරුවේ සිදුවූ අනතුරින් එලෙස ජීවිතක්ෂයට පත් වූ සෙබළා පාදුක්ක අංගමුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකි. ඒ අතර කාලගුණ විද්‍යා ‍දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ වැසි සමය ආරම්භ වීමත් සමඟ අකුණු සැර වැදී මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව ය. වසරේ මේ දක්වා කාලය තුළ අකුණු සැර වැදීමෙන් මිය ගිය සංඛ්‍යාව 42 කි. ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටින්නේ වැසි සහිත අවස්ථාවන්හිදී අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසයි.

No comments:

Post a Comment