Thursday 25 October 2012

ශිෂ්‍යාවක් සිය කන්‍යාභාවය පවුම් මිලියන භාගයකට විකුණයි

බ‍්‍රසීල ජාතික තරුණියක් සිය කන්‍යාභාවය පවුම් මිලියන භාගයක මුදලකට විකිණූ පුවතක් ෆොලා ඞී සාවෝ පවුලෝ නැමැති බ‍්‍රසීල පුවත්පතක් විසින් වාර්තා කරයි. ඕස්ටේ‍්‍රලියානු වාර්තා වැඩසටහනක් වෙනුවෙන් පැවැත්වූ කන්‍යාවියන් විකිණීමේ වෙන්දේසියකදී 20 හැවිරිදි වියේ පසුවන කැතරිනා මිග්ලියෝරීනා නැමැති බ‍්‍රසීල ශීෂ්‍යාවට ඉහලම ලන්සුවක් තබා මිලදී ගැනීමට ජපන් ජාතිකයෙකු සමත් වී ඇත. මෙය ගණිකා වෘත්තියේ යෙදීමක් නොවෙයි. යමක් ජීවිතයේ එක් වරක් පමණක් සිදු කල විට එය වෘත්තියක් වන්නේ නෑ. ඔබ එක් හොද ඡයාරූපයක් ගත් පමණින් ඔබව වෘත්තීය ඡයාරූපශිල්පියෙකු ලෙස වර්ග කල නොහැකියි යනුවෙන් තමන් සම්බන්ධවූ කාර්යය ගැන අදහස් පල කරන කැතරිනා වැඩි දුරටත් පවසන්නේ මෙම අවස්ථාව හරහා තමන්ට ලැබෙන මුදල් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීම සදහා යොදවන බවයි. මෙම වෙන්දේසියේ ඇති කොන්දේසියක් අනුව කැතරිනාට වෛද්‍ය පරීක්ෂණයකට මුහුණදී තම කන්‍යාභාවය සනාතකල යුතු වේ.

No comments:

Post a Comment