Friday 26 October 2012

බාලවයස්කරුවන් ගෙන එන්නන්ට නවාතැන් දෙන්නෙ බලාගෙනයි

ලිංගික කටයුතු සඳහා බාලවයස්කරුවන් රැගෙන පැමිණෙන පුද්ගලයින්ට නවාතැන් සපයන හෝටල් වැටලීම අද සිට ආරම්භ කර තිබේ. ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් විමර්ශන ඒකකය පැවසූවේ, දීප ව්‍යාප්තව වැටලීම් සිදුකරන බවය. පසුගිය කාලයේ හෝටල් හා නවාතැන්වලදී බාලවයස්කරුවන් රැසක් අපයෝජනයට ලක් වූ බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පෙන්වා දෙයි. ඇතැම් හෝටල් හිමිකරුවන් ලිංගික කටයුතු සඳහා බාලවයස්කරුවන් රැගෙන එන පුද්ගලයින්ට වැඩි මුදලකට කාමර අලෙවි කිරීමේ ජාවාරමක් පවතින බවට තොරතුරු අනාවරණ වී ඇතැයි ද ළමාරක්ෂක අධිකාරිය පැවසීය. එම අධිකාරිය පැවසුවේ එවැනි තොරතුරු දන්නා පුද්ගලයින්ට 1929 ළමාරක්ෂක අධිකාරියේ දුරකථන අංකයට දැනුම් දියහැකි බවය.

No comments:

Post a Comment