Sunday 4 November 2012

පෝද්දල මළ සිරුරු 4න් එකක් හඳුනාගැනේ

ගාල්ල පෝද්දල වල්පිටවත්ත මහ සොහොන් බෝක්කුව ආසන්නයේ තිබී හමු වූ මළසිරුරු 4 න් එක් මළසිරුරක් හදුනාගෙන ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේ එම පුද්ගලයා පසුගිය 25 වැනිදා ගාල්ල ඩික්සන් හන්දියේදී කපා කොටා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව ය. අත්පා ගැටගසා, මුහුණු ආවරණය කර තිබූ මළසිරුරු අද උදෑසන සොයා ගනු ලැබිණ. පොලිසිය පැවසුවේ වෙඩි තබා මෙම පුද්ගලයින් ඝාතනය කර ඇතැයි සැක කරන බව ය. ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතන සිදුවී ඇතැයි මුලික විමර්ශනයේදී හෙලි වී ඇති බව පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිස් ‍කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් සහ පොද්දල පොලිසිය එක්ව වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය සදහන් කළේ ය .

No comments:

Post a Comment