Sunday 4 November 2012

ගාල්ලේ දී සිව්පුද්ගල ඝාතනයක්

ගාල්ල ,පෝද්දල , වල්පිටවත්ත ,මහ සොහොන් බෝක්කුව ප්‍රදේශයේ තිබී ඝාතනයට ලක්වූ පුද්ගලයින් සිව්දෙනෙකුගේ මළ සිරුරු අද උදෑසන සොයා ගැනුණි. පෝද්දල පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ මළ සිරුරු සොයා ගෙන තිබේ. මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබේ. ‍ගාල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා ,මේ පිලිබදව පරීක්ෂණ පැවැත්වීම සදහා සහකාර පොලිස් අධිකාරී වරයෙකුගේ මුලිකත්වයෙන් යුත් කණ්ඩායමක් යොදවා තිබේ. ඝාතනයට ලක්ව ඇති පුද්ගලයින් සිවුදෙනා එම ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන බව මූලික පරීක්ෂණ වලදි හෙළිවී ඇතැයි පොලීසිය පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඝාතනයට ලක්වුවන් හදුනා ගැනීමට පරීක්ෂණ පැවැත්වෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වන විට ආරම්භකර තිබෙන බව ය.

No comments:

Post a Comment