Friday 9 November 2012

කන්ටේනරයක් පාර වසයි...!

ගාලු පාරේ හික්කඩුව හා තෙල්වත්ත අතර කහව ප්‍රදේශයේදී අද (09) පෙවරුවේ කන්ටේනරයක් පාර හරහා පෙරළී ගියේය. ‍මේ හේතුවෙන් ඊට යටවී අසල වෙළඳසැලක හිමිකරුවෙකු එම ස්ථානයේදීම මියගියේය. අධික වේගය නිසා රියදුරුට එහි වේගය පාලනය කර ගැනීමට‍ නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැකකරයි. කොළඹ සිට හම්බන්තොට දක්වා ධාවනය වෙමින් තිබු කන්ටේනරයක් මෙලෙස පෙරළී ගිය අතර මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන තදබදයක් ද ඇති විය.

No comments:

Post a Comment