Friday 9 November 2012

සරසවි ඇඳුරන්ගෙන් ඇමති බැසිල්ට ලිපියක්

රජය සමඟ ඇති කරගත් එකඟතාවයන් මෙතෙක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් භාර දී තිබේ. එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පෙන්වා දෙන්නේ රජය සමඟ ඇති කරගත් එකඟතා පිළිබඳව විශ්වවිද්‍යාල උපකුලපතිවරු කිසිදු තැකීමක් සිදු නොකරන බවය. එවැනි තත්ත්වයක් තුළ ඉදිරි වැඩකටයුතු දැඩි අර්බුදයකට ලක්ව ඇති බව අදාළ ලිපිය මගින් දැනුම් දී ඇතිබව ඔහු පැවසීය.

No comments:

Post a Comment