Friday 2 November 2012

සෙන්ට් ක්ලේයාර් දරුණු වීද

අධික වර්ෂාව හේතුවෙන් හැටන් - නුවරඑළිය මාර්ගයේ දිඹුලපතන ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි ඩෙවෝන් හා සෙන්ට් ක්ලේයාර් දිය ඇලිවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ නිසා වෙනදාට පැහැපත් ස්වරූපයක් ගන්නා එම දිය ඇලිවල ජලය මඩ පැහැයට හුරුවී තිබෙන අයුරු දැක ගත හැකිය. මේ අතර දිය ඇලිවල ජල මට්ටම ඉහළ යාම නිසා පහත් බිම් ප්‍රදේශ ආශ්‍රිතව සිටින ජනතාවට ද මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත. දිවයින පුරා මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි යන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිගමනයයි. මේ සෙන්ට් ක්ලෙයාර් ඇල්ලේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අයුරුය.

No comments:

Post a Comment